Sunday, October 3, 2010

සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.....ආරක්ෂාවයි......

මම නම් දෙයියො විශ්වාස කරන්නේ නෑ,ඒත් ‍ඉතින් හොඳ වැඩක් පටන් ගන්නකොට මොකක් හරි ආශිර්වාදයක් ලබා ගන්න එපැයි.අන්න ඒ හින්දා මේ ලෝකේ දෙයියෝ කියලා කවුරු හරි ඉන්නවනම් අන්න ඒ හැමෝගෙම පිහිටයි ආරක්ෂාවයි ලබාගෙන මම මේ වැඩේ පටන් ගන්නවා...
වැ‍‍‍ඩේ පටන් ගත්තට බෑනේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්නත් ඕනෙනේ.දැන් එන පුරස්නේ තමා මම මොනාද ලියන්නේ කියන එක.
කෙළියනේ තාප්පෙටම....මම දැන් මොනවද ලියන්නේ...............................................
.....................................................................................

හරි මතක් වුණා.........
කික් එකක් ගන්නත් එක්ක ලියනවා ලෝකෙ ගැන.

"ලෝකෙ රවුම් කියලා කිව්වේ ආදි කාලෙනේ" කියලා කිව්වට ඇත්තටම කිව්වොත් ආදී කාලෙ ලෝකෙ ගැන හිතාගෙන ඉඳලා තියෙන්නේ රොටියක් වගේ තැටියක් කියලා.(ඒකනේ "සූර පප්පා(Asterix)" කාටූන් එකේදි වෙදා පප්පව ලෝකෙ ගැට්ටෙන් එළිය‍ට දාන්නේ....)ඒ කොහොම වෙතත් මුල්ම යුගයේ,තේරෙන බාසාවෙන් කිව්වොත් ක්‍රිස්තු පූර්ව බර ගනන්වල හිටපු ඈයො හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒ විදිහට.ඔය පේන්නේ අපූරුවට තැටියක් වගේ පෙනිච්ච ලෝකේ...



දැන් මේ විදිහට කාලයක් ගියාට පස්සේ ක්‍රි.පූ 324 දී ග්‍රීසිය පැත්තෙ ගෙදරක පොඩි දරුවෙක් උපදිනවා.දරුව ඉපදෙන කොට පොඩි වුනාට ලේසි පහසු කෙනෙක් නෙමේ.මේ දරුවා තමා ඇරිස්ටොට්ල් (Aristotle).‍මෙතුමා හරි ලස්සනට පෙන්නලා දෙනවා ලෝකෙ කියන්නේ ගෝලාකාර දෙයක් කියලා.මෙතුමා ඒක කියන්නේ අහසේ තියෙන තරු රටා අනුව.ඒ කොහොමද කියනවානම් මෙතුමා කියනවා "එකම අවස්ථා‍වකදී ග්‍රීසියට,සයිප්‍රසය වගේ රටවලට පේන තාරකා රටාවන් සහ උතුරුදිග රටවලට පෙනෙන තාරකා රටාවන් වෙනස්.මේ වගේ දෙයක් වෙන්න පුළුවන් පෘථිවියේ මතුපිට වෘත්තාකාර වුනොත් විතරයි" කියලා.ඊට පස්සේ "එරතොස්තිනීස් (Eratosthenes), ටොලමි(Claudius Ptolemy)" වගේ අය ‍මේ ගැන විවිධ අදහස් ප්‍රකාශ කරලා මේ මතය තහවුරු කරා.ඒ වගේම කොලොම්බස්(Christopher Columbus) සහ මැගලන් (Ferdinand Magellan)ගේ වාර්ථා ලෝකේ ගෝලාකරයි කියන එකට ප්‍රායෝගික සාධක විදිහට(විද්‍යාව එතරම් දියුණු නොවූ කාලයක) ඉදිරිපත් කරන්න පුළුවන්.(විද්‍යාත්මක සාධක ගැන මම කථා කරන්න යන්නේ නෑ.).වැඩිපුර විස්තර ඕනේ නම් මෙතෙන්ට කොටලා බලන්න‍.

මෙහෙම එක එක අය ඒ ගොල්ලනගේ මතවාද ඉදිරිපත් කරාට මේ කියන කාලෙ වෙන කොට විද්‍යාව හා ආගමික මතවාද අතර පොඩි(පොඩි කීවට පොඩිම නෑ.) පරහක් තිබ්බා.ආගමික නායකයෝ ‍දෙවියන්ට උඩින් වෙන කාටවත් යන්න බෑ කියන මතයේ හිටපු හින්දා.ඒ හින්දා අයින්ස්ටයින්(Albert Einstein) මහත්තයට පවා එයාගේ පරීක්ෂණ වලට විවිධාකාර ගැටලු මතුවුනා.කොහොමවුනත් මේ මාතෘකාවට අයින්ස්ටයින් මහත්තය අදාල වෙන්නේ නෑනේ.අවසානෙදි ආගමික දර්ෂන(බුද්ධ ධර්මය හැර) බොහොමයක් යට කරමින් විද්‍යාව නැගී සිටියා.බොහොමයක් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නුවා.ඒ කියන්නේ ලෝකේ එතකොට ගෝලාකාරයි.......


දැන් ලෝකෙට මොකද වෙලා තියෙන්නේ?
මනුසතා දියුණුවෙනවත් එක්කම ලෝකෙ කියන්නේ මනුසතාගේ පාරම්පරික බූදලයක් කියලා හිතාගෙන අනෙක් උරුමක්කාරයෝ(ගහකොළ,සතා සීපාව) ඔක‍්කොම අමතක කරලා දාලා ලෝකේ අල්ල ගන්න තමා දැන් හැමෝම වලි කන්නේ.හැබැයි වෙලා තියෙන්නේ අල්ල ගන්නවා වෙනුවට හැමදේම සුන්නධූලි කරල තියන එක.ඒක වෙලා තියෙන්නේ මේ මනුසතාගේ අවශ්‍යතා වලට වඩා උවමනාවන් වැඩිවීම.ඉස්සර තිබ්බ පන් මල්ල වෙනුවට අද පොලිතීන් ඇවිල්ලා පන් මල්ල විසිතුරු භාණ්ඩයක් වෙලා.‍දුනු ඊතල වෙනුවට ටී 56 ඇවිල්ලා.ඔය වගේ විවිධ විනාශකාරී දේවල් ගොන්නකුත් මේ උවමනාවන් වැඩිවීම හින්දා නිර්මාණය වෙලා.

කෙහොම වුනත් මේ බ්ලොග් අඩවිය පටන් ගන්න ලෝකෙ ගැන මේ විදිහට ලිවීම ප්‍රමාණවත්.හැබැයි මේකේ ලියන්න ඉන්න දේවල් නම් ලියවෙන්නේ ලෝකේ ගැන නෙමේ.මේ ලෝකෙදි මට අහන්න දකින්න ලැබුන,ලැබෙන හා ලැ‍බේ යැයි සිතන දේවල්.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට හින්දා බලා ගෙන ඉන්නකෝ ඉස්සරහට මොනවද ලියවෙන්නේ කියලා.....

3 comments:

  1. නියමයි මචෝ! එල ස්ටාර්ට් එක . මේ ලියල තියෙන්නේ නියමෙට . අතාරින්න එපා දිගටම ලියාගෙන පලයං . මොනා ලීවත් මම අනිවා මේ බ්ලොග් එකට එනවා බලල යන්න .

    ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් ටිකක් තියනවා නේද ? අන්න ඒව තමයි අපට ඕන .

    අලුත් බ්ලොග් එකට හිස් අහසෙන් සුබ පැතුම් !!

    ජයවේවා !!!

    ReplyDelete
  2. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න සුභ පැතුම් මිත්‍රයා.............

    ReplyDelete
  3. ඔන්න සුපර් මාරියෝ ගෙන් අලුත් බ්ලොග් එකට සුපර් සුබපැතුම්....

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....