Monday, July 1, 2013

සිහිනයක් යථාර්තයක් කිරීම උදෙසා.............

Give yourself permission to dream. Fuel your kids' dreams too. Once in a while, that might even mean letting them stay up past their bedtimes.”
Randy Pausch, The Last Lecture

“සිහින දකින්න ඉඩ දෙන්න.ඔබේ දරුවන්ටත් සිහින දකින්න උනන්දු කරවන්න.දිනයක ඒ සිහින දරුවන්ව නිදියහනෙන් ඔබ්බට රැගෙන යනු ඇත....“
-රැන්ඩි පවුශ් - අවසන් දේශනය

ලෝකයේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම සිහිනයක් තියෙනවා....

නෑ කියන්න නම් එපා...

එහෙම කිව්වොත් ඔබ කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න ලේසියෙන්ම පුළුවන්...මොකද මමත් කාලයක් සිහින කියලා දෙයක් නෑ කියලා හිතපු කෙනෙක් හින්දා?

හොඳයි මම මේ විදියට පටන් ගන්නම්.

ඔබ අහලා තියෙනවද පැන්ඩෝරාගේ පෙට්ටගම ගැන... පුංචි කාලේ අම්මගේ අප්පච්චිගේ උකුලට වෙලා සුරංගනා කතා කියලා දෙයක් අහන කාලේ, රජවරු කුමාරවරු ගැන අහන කාලේ .... මෙන්න මේ කියන ග්‍රීක මිත්‍යා කතන්දරේ අහලා තියෙන්න ඕනේ.... කතාවේ හැටියට ග්‍රීක දෙවිවරු පැනඩෝරා හා එපිමෙතියස් හට ලබා දෙනවා පෙට්ටගමක්. ඒක දෙනකොට දෙවිවරු කියනවා පරිස්සමෙන් විවෘත කරන්න කියලා.. පැන්ඩෝරා කිසි හෙවිල්ලක් බැලිල්ලක් පෙට්ටගම විවෘත කරනවා. අනේ අර පෙට්ටගමේ තිබ්බ සියළුම දේවල් පෙට්ටගමෙන් ඉවතට විසිවෙලා යනවා..කලබල වෙච්චි පැන්ඩෝරා පෙට්ටගම වහලා දානවා...එතකොට ඉතුරු වුනේ එකම එක දෙයයි.... ඒක තමා බලාපොරොත්තුව.... එදා සිට අද දක්වා බලාපොරොත්තුවක් හැම මනුස්සයෙක් එක්කම ජීවත්වෙනවා....

සිහින ගැන කියන්න පටන් අරන් බලාපොරොත්තවක් ගැන කිවුවද?

අනේ නෑ... පුර්ව කතාව ගලපගන්න පොඩ්ඩක් පාදමක් ගොඩ නගන්න තමා මම ඒක ගැන කිව්වේ...

සිහිනය‍ක් හා බලාපොරොත්තුවක් අතර වෙනස මොකක්ද?

අමාරු ප්‍රශ්නයක්ද? නෑ ඇත්තටම කිව්වොත් මම දකින විදියට සිහිනය හා බලාපොරොත්තුව කියන්නේ එක දෙයක්..... අපි දෙයක් බලාපොරොත්තු වෙනව නම් අපි ඒ දේ ගැන හීන දකිනවා නිරයාසයෙන්ම... ඒ සිහින සැබෑ කරගත්ත දවසක අපි ඉන්නේ හරියට උඩ පැනලා හඳ ඇල්ලුවා වගේ.....

හැබැයි සිහින සැබෑ කරගන්න එක හිතන තරම් ලේසි කාර්යක් නෙමේ.... අමාරුවෙන් සිහින සැබෑ කරගත්තත් කොයි විදියකින්වත් තමන්ගේ සිහින සැබෑ කරගන්න බැරි පිරිසක් මේ රටේ ජීවත්වෙනවා.... ජීවත්වෙන උඩුමහල් තලයෙන් බිමට බැහැලා ගෙන්දගම් පොළොවට පය ගහලා සොබාදහමේ රිද්මයට සවන් දෙන්න පටන් ගත්තට පස්සේ අන්න ඒ පිරිස ඔබේ ඇස ගැටෙන එක නවත්තන්න බෑ....

ඉතින් මෙන්න මේ රිද්මය දැනුන පිරිසක් පොඩි වැඩක් පටන් ගත්තා..... ඒක තමා සිහින සැබෑ කරගන්න අසීරු අසරණයන්ගේ සිහින යථාර්තයක් කරන්න උත්සහ කිරීම....

සමාජ සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර ව්‍යාපාරය“ එහෙමත් නැත්නම් “International Movement for Community Development (IMCD)

මොකක්ද මේ ව්‍යාපාරය? ඇත්තටම කිව්වොත් මේක රාජ්‍ය නොවන සංවිධානයක්.... ආරම්භය අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ.. සියළුම සාමාජිකයන් දැනට උසස් අධ්‍යාපනය හදාරන හා රැකියා වල නිරත වන අය. සියළුම දෙනා ස්වේච්චාවෙන් මේ ආයතනයේ වැඩ කරන පුද්ගලයෝ....(ආඩම්බරයෙන් කියන්නේ මමත් මේ ව්‍යාපාරයේ සාමාජිකයෙක්...)

මේ වෙන කොට අපි එක ප්‍රධාන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා... ඒක තමා NeedyReaders (Donate a book Light a future)... මේ යටතේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ පොත් පරිත්‍යාග කිරීමක්... නිකමට හිතලා බලන්න අපේ නාගරික සමාජයේ පොත් තියෙනවා ඒත් කියවන්නේ නැති කොච්චර පිරිසක් ඉන්නවද කියලා....

හැබැයි අපි නගරෙන් එළියට... මගේ භාෂාවෙන් කිව්වොත් හද්දා ගොඩේ ගමකට අඩිය තිබ්බොත් පොත් කියවන්න පිරිසක් ඉන්නවා හැබැයි කියවන්න පොතක් නෑ.... මෙන්න මේ වගේ පිරිසකට පොතක් දුන්නොත් කොයි වගේ දෙයක් වෙයිද? මේ මිනිස්සු අර ලැබෙන එකම පොතට වුනත් මල් තියලා වඳින්නේ නැති එක විතරයි... ඉතින් මෙන්න මේ කියන සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ දැනුම සංවර්ධනය කිරීම උදෙසා පොත් බෙදා දීමේ වැඩ පිළිවෙළක් තමා NeedyReaders කියන්නේ.... මේ වෙන කොට NeedyReaders ව්‍යාපෘතිය යටතේ මේ වන විට පොත් 10000කට වඩා ප්‍රමාණයක් පරිත්‍යාග කරලා තියෙනවා..... මම විස්තර කියනවට වඩා කියවලා බලලා තේරුම් අරගන්න එක වඩා හොඳයි නේ....

ඉතින් අපේ ව්‍යාපෘති ශක්තිමත් කරන්න ඔබටත් පුළුවන්..... කියවලා අහවර කරපු පොතක් අපිට ලබාදෙන්න... ඒ පොත තව දහස් ගණනකට කියවන්න අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම්.....

ඔබෙන්ම අහලා බලන්න.....ඒ දේ සිහිනයක් යථාර්ථයක් කිරීමට මූලික අඩිතාලමක් නෙමෙයිද?