Friday, October 29, 2010

ස්ටුඩියෝවේදී 596092........

ස්කෑන් කරපු පින්තූරෙකින් ෆොටෝ දෙක ගත්තට ස්කෑන් කරල හදාගත්ත jpg එක පෑනට දාගන්නේ නැතුව ගෙදර ආපු චූටි අයියා මකුළුවාව පිටත් කරා ආපහු ස්ටුඩියෝවට ෆොටෝ දෙක අරගෙන වරෙන් කියලා.මකුළුවගේ ළඟ ඔය "නෑ" "බෑ" වචන නැති හින්දා ගෙදරින් පිටත්වුණා රිසිට් එකත් සාක්කුවේ දාගෙන.වාහනේ පේමන්ට් එක අයිනේ නවත්තලා මකුළුවා රිංගුවා ස්ටුඩියෝව ඇතුලට.
සෑහෙන කාලෙකට කලින් නම් ස්ටුඩියෝව මකුළුවගේ දැල වගේ.මොකද ඉස්කෝලෙ යන කාලෙ මකුළුවට ෆොටෝ ගහන එක ගැන මාර රුදාවක් තිබ්බා.මි.මි 35 ‍ෆිල්ම් සුද්ද කර ගන්න මකුළුවා නිතරම ස්ටුඩියෝවට ආව ගියාට ඩිජිටල් කැමරාව ගත්තට පස්සේ ෆිල්ම් පාවිච්චිය අඩුවුණා.ස්ටුඩියෝවෙ කවුන්ටරේ හිටපු පරණ අයියලා අක්කලා මකුළුගෙ යාළුවෝ වුණාට දැන්නම් පේන්න තියෙන්නේ අළුත් මූණු සෙට් එකක්.මොනවා කරන්නද, කාලය මැවු වෙනසක අරුමේ නේ.....
පිළිගැනීමේ නිළධාරිනී(සින්හලෙන් කියනවා රිසෙප්ෂනිස්ට් කියලා) අක්කට රිසිට් එක දීලා කිවුවා ආපු කාරණාව....
"මේකට ගාන රු.50/= ක් විතර යයි"අක්කා කිවුවා.

විනාඩි 2කේ වැ‍‍ඩේ.රු.50/= නේ.මමත් කමක් නෑ කියලා."හා" කිවුවා.

ඊට පස්සේ අක්කා තාවකාලික බිලකුත් ලියලා දීලා අක්ක කිවුවා"මල්ලි කලර් ලැබ් එකට ගිහින් ෆොටෝ එක අරගන්න".

මම ගියා කලර් ලැබ් එකට.එතන නම් හිටියා පරණ අයිය කෙනෙක්.ඒ දවස් වල මකුළුවත් එක්ක වලියක් දාගත්ත පොරක්.මම ඌටත් ලාවම හිනා පාරක් දාල ළඟම කොම්පියුටරේ ළඟට ගියා.ගිහින් එතන හිටපු අයියට රිසිට් එක දීලා පරණ ඕඩර් එකේ අංකෙත් දීලා ෆොටෝ එක හොයන්න කීවා.
ඔන්න මිනිහා දැන් පිළිවෙලට යනවා.ඉස්සෙල්ලාම මොන විදිහේ ඕඩර් එකක්ද,ඊළඟට දවස කවද්ද?ෆොටෝ එකේ සයිස් එක මොකක්ද?අන්තිමේට ඕඩර් එකේ අංකේ මොකක්ද?
මෑන්ස් දැන් ස්ටෙප් බයි ස්ටෙප් වැ‍ඩේ කරලා අදාල පින්තූර තියනවා කියල ඌ හොයාගත්ත ෆෝල්ඩරේකට ආවා.දැන් ඉතින් මිනිහා ‍දාගෙන් හොයනවා.මමත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.
ඇස් පේන ඕන පොට්ටයෙකුට ඉලක්කම් අඳුර ගන්න පුළුවන්නේ.ම‍ගේ ඕඩරේ අංකේ 596092 මේ මෑන්ස් ඇර ගෙන ඉන්න ෆොල්ඩරේ තියෙන්නේ 5961xx කියලා අංක වගයක් තියෙන ඕඩර් සෙට් එකක්.මෑන්ට වගේ වගක් නෑ.පොර දාගෙන හොයනවා.දැන් විනා‍ඩි 10ක් විතර හොයලා මූ කියපි.
"මල්ලි එහා පැත්තේ ස්ටු‍ඩියෝ රූම් එකට ගිහින් බලන්න."

මමත් ගියා.එතන කොම්පියුටරේ ළඟ බලු බල්ලෙක් නෑ.පස්සෙ ඔන්න පෙර කී මෑන්ස් ම ආවා.මිනිහා මේ පාර ටිකක් මොළේ ඇති වැඩක් කරා.ඕඩර් එකේ නොම්බරේ ගහලා Search කරා.මට ටිකකට පස්සේ තමා තේරු‍නේ මෑන්ගේ දෙවෙනි ගොන් වැඩේ.පොර Search කරාට මුළු Hard disk එකම Search කරන්න දීලා.දැන් තවත් විනාඩි 5ක් විතර ඉවරයි.එතනත් ෆයිල් එක නෑ.ආයෙම ගියා කලර් ලැබ් එකට.
අපේ කථා නායකයා රිසිට් එක දුන්නා ළඟ හිටිය වෙන අයිය කෙනෙකුට.

"අයියා ඔය ඕඩරේ දීලා තියෙන්නේ ඊයේ පොඩ්ඩක් බලන්නකෝ තියෙනවද කියලා."

දෙවනි පොරත් ගත්තා රිසිට් එක, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගැහුවා රිසිට් එකේ නොම්මරේ(ඕඩර් එකේ නොම්මරේ නෙමේ).දැන් අපේ දෙවෙනි මෑන් Search වෙන්න දීලා බලාගෙන ඉන්නවා.මම බොහොම බය පක්ෂපාත විදිහට පොරට කිවුවා.

"අයියා type කරේ රිසිට් එකේ නොම්මරේ ‍නේද?"

අම්මට උඩු මූ දැම්මෙ නැතෑ නිකම් ෆුජියාමා කන්ද වුණත් අක්‍රිය වෙන විදිහෙ ලුක් එකක්.මකුළුවා හිතා ගත්තා කට පියාගෙන ඉන්න එක හොඳයි කියලා.

ටික වෙලාවක් යද්දී මෑන්ටම තේරුණා වැ‍ඩේ චොර වුණා කියලා.ඌ ද‍ඩ බඩ ගාලා හරියට Search ‍කරන්න පටන් ගත්තා.

ඇති යාන්තම්....දෙයියෝ බැලුව වගේ විනාඩියෙන් මට ඕන ෆොටෝ එක හොයාගත්තා.හැබැයි මේ වෙන කොට විනාඩි දෙකේ වැ‍ඩේට පැය බාගයක් විතර ගිහින්.මකුළුට මතක් වුණා කච්චේරියට සල්ලි වගේකුත් ගෙවන්න තියෙනවා කියලා.වෙලාව බලනකොට හවස 2.45යි.
.
මකුළුවටක් ගාලා ස්ටුඩියෝවට සල්ලි ගෙවල එතනින් පැන ගත්තා.දිවුවා කච්චේරියට රොකට් එක වගේ.3 වෙන්න තව විනාඩි 10ක් විතර තිබ්බ.

මකුළුගේ ධාවනයේ බ්‍රේක් පාර වැදුනේ කෙලින්ම කවුන්ටරේ ළඟ.මෙන්න ඉන්නවා කොහෙන් කැපුවත් කිලෝ එකක් ගන්න පුළුවන් ඇන්ටි කෙනෙක්.

"මිස් මට මේ සල්ලි ගෙවන්න තියෙනවා අර ‍‍එක්සෑම් එකට"(ඇන්ටි කියන්න බෑනේ...රාජ්‍ය සේවයේ නිළධාරීන්ගේ හැටි දන්නවනේ.මම ටිකක් විධානාත්මක වොයිස් එකකින් කීවා.)

ඇන්ටි මගේ මූණ දිහා බලාගෙන හිටියා විනාඩියක් විතර.ඊට පස්සේ.....

"අනේ දැන්නම් බෑ පුතා සල්ලි අරගන්න.පොත් ඔක්කෝම ‍ක්ලෝස් කරලා ඉවරයි.හෙට උදේ එන්න."

කෙළිය තාප්පෙට.යකෝ මේක හරි කෙළියක්නේ.3ට ‍ක්ලෝස් කරන්න තියෙන පොත් 2.50ට ‍‍ක්ලෝස් කරන්නේ මොන රටේද?මට ඌරු ජුවල්.මමත් අතෑරියේ නෑ.

"මොකද්ද මිස් තාම 3වෙලත් නෑනේ."

ඒත් ඇන්ටි ගේම අතාරින්නෙත් නෑ.

"ඔව් පුතා.ඒත් මට අද හදිසි වැඩ වගයක් තියෙන හින්දා යන්න වෙනවා.ඔයා මේ ළඟ පාත නේද?හෙට උදේ එන්න."
ඇන්ටි කවුන්ටරේ වහල ගියා.

මකුළුවත් හැරිලා ආව.හැබැයි නහුතෙට තද වෙලා.හිතුණා ප්‍රා.ලේ තුමාව හම්බ වෙලා වාර්තා කරන්නත් නිළධාරීන් ගැන.ඒත් මනුස්සකම කියන ‍දේ හින්දා හැරිලා ආවා.

කොහොමහරි පැයෙන් එන්න හිතාගෙන ගියපු මම පැය 2ක් විතර චාටර් කාලා ආවා.

ගෙට ගොඩ වුන ගමන් චූටි අයියා කියපි.

"මල්ලි කාර් එකේ ලයිසන් එක ගෙදර දාලානේ ගිහින් තියෙන්නේ....."

මකුළුවා "ආ ඇත්තද?"කියල හිනා වේගෙන ගෙට ගියා......හැබැයි යන ගමන් හිතුවේ බැරි වෙලාවත් පොලිස්කාරයෙකුත් මකුළුට හම්බුනා නම් ගෙදර ඇවිත් අයියට කොහොම ශබ්ද කෝෂයක් දිග අරිද කියලා.........

3 comments:

  1. මකුලුවෝ මේ බ්ලොග් එක සිංඩියකට දාගනිං එතකොට කී දාහක් මේකට එන්න යන්න ගනීවිද ? පහල ලිංක් වලට ගිහින් බ්ලොග් එක ඇඩ් කරන්න

    http://blogs.sinhalabloggers.com/add-blog මෙන්න ලිංක් එක
    http://syndi.lankeeya.lk/blogform.php මෙන්න තව එකක්

    මම මේ පෝස්ට් එක අහම්බෙන් දැක්කේ . සිංඩියකට දාගත්තනම් හැමෝම දකිනවා ඉක්මනට දාගනිං මචෝ ! බලහංකෝ මේ පෝස්ට් එක කාටවත් පේන්නේ නෑ නේ . අපරාදේ බං ඔන්න මම නම් හොයාගෙන ආපු නිසා දැක්ක .
    දැන්ම සිංඩියකට දා මේ බ්ලොග් එක

    ජයවේවා !!

    ReplyDelete
  2. මචෝ මම සිංහල බ්ලොග් සමූහයට මේක දාන්න කියලා අයදුම් කරා.ඒත් තාම නම් දාලා නෑ වගේ...
    බොහොමත්ම ස්තූතියි ඔබේ අදහස් වලට...
    මම අනිත් සින්ඩියටත් දාන්නම්.

    ReplyDelete
  3. තව ලියන්න. අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....