Monday, July 1, 2013

සිහිනයක් යථාර්තයක් කිරීම උදෙසා.............

Give yourself permission to dream. Fuel your kids' dreams too. Once in a while, that might even mean letting them stay up past their bedtimes.”
Randy Pausch, The Last Lecture

“සිහින දකින්න ඉඩ දෙන්න.ඔබේ දරුවන්ටත් සිහින දකින්න උනන්දු කරවන්න.දිනයක ඒ සිහින දරුවන්ව නිදියහනෙන් ඔබ්බට රැගෙන යනු ඇත....“
-රැන්ඩි පවුශ් - අවසන් දේශනය

ලෝකයේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම සිහිනයක් තියෙනවා....

නෑ කියන්න නම් එපා...

එහෙම කිව්වොත් ඔබ කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න ලේසියෙන්ම පුළුවන්...මොකද මමත් කාලයක් සිහින කියලා දෙයක් නෑ කියලා හිතපු කෙනෙක් හින්දා?

හොඳයි මම මේ විදියට පටන් ගන්නම්.

ඔබ අහලා තියෙනවද පැන්ඩෝරාගේ පෙට්ටගම ගැන... පුංචි කාලේ අම්මගේ අප්පච්චිගේ උකුලට වෙලා සුරංගනා කතා කියලා දෙයක් අහන කාලේ, රජවරු කුමාරවරු ගැන අහන කාලේ .... මෙන්න මේ කියන ග්‍රීක මිත්‍යා කතන්දරේ අහලා තියෙන්න ඕනේ.... කතාවේ හැටියට ග්‍රීක දෙවිවරු පැනඩෝරා හා එපිමෙතියස් හට ලබා දෙනවා පෙට්ටගමක්. ඒක දෙනකොට දෙවිවරු කියනවා පරිස්සමෙන් විවෘත කරන්න කියලා.. පැන්ඩෝරා කිසි හෙවිල්ලක් බැලිල්ලක් පෙට්ටගම විවෘත කරනවා. අනේ අර පෙට්ටගමේ තිබ්බ සියළුම දේවල් පෙට්ටගමෙන් ඉවතට විසිවෙලා යනවා..කලබල වෙච්චි පැන්ඩෝරා පෙට්ටගම වහලා දානවා...එතකොට ඉතුරු වුනේ එකම එක දෙයයි.... ඒක තමා බලාපොරොත්තුව.... එදා සිට අද දක්වා බලාපොරොත්තුවක් හැම මනුස්සයෙක් එක්කම ජීවත්වෙනවා....

සිහින ගැන කියන්න පටන් අරන් බලාපොරොත්තවක් ගැන කිවුවද?

අනේ නෑ... පුර්ව කතාව ගලපගන්න පොඩ්ඩක් පාදමක් ගොඩ නගන්න තමා මම ඒක ගැන කිව්වේ...

සිහිනය‍ක් හා බලාපොරොත්තුවක් අතර වෙනස මොකක්ද?

අමාරු ප්‍රශ්නයක්ද? නෑ ඇත්තටම කිව්වොත් මම දකින විදියට සිහිනය හා බලාපොරොත්තුව කියන්නේ එක දෙයක්..... අපි දෙයක් බලාපොරොත්තු වෙනව නම් අපි ඒ දේ ගැන හීන දකිනවා නිරයාසයෙන්ම... ඒ සිහින සැබෑ කරගත්ත දවසක අපි ඉන්නේ හරියට උඩ පැනලා හඳ ඇල්ලුවා වගේ.....

හැබැයි සිහින සැබෑ කරගන්න එක හිතන තරම් ලේසි කාර්යක් නෙමේ.... අමාරුවෙන් සිහින සැබෑ කරගත්තත් කොයි විදියකින්වත් තමන්ගේ සිහින සැබෑ කරගන්න බැරි පිරිසක් මේ රටේ ජීවත්වෙනවා.... ජීවත්වෙන උඩුමහල් තලයෙන් බිමට බැහැලා ගෙන්දගම් පොළොවට පය ගහලා සොබාදහමේ රිද්මයට සවන් දෙන්න පටන් ගත්තට පස්සේ අන්න ඒ පිරිස ඔබේ ඇස ගැටෙන එක නවත්තන්න බෑ....

ඉතින් මෙන්න මේ රිද්මය දැනුන පිරිසක් පොඩි වැඩක් පටන් ගත්තා..... ඒක තමා සිහින සැබෑ කරගන්න අසීරු අසරණයන්ගේ සිහින යථාර්තයක් කරන්න උත්සහ කිරීම....

සමාජ සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර ව්‍යාපාරය“ එහෙමත් නැත්නම් “International Movement for Community Development (IMCD)

මොකක්ද මේ ව්‍යාපාරය? ඇත්තටම කිව්වොත් මේක රාජ්‍ය නොවන සංවිධානයක්.... ආරම්භය අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ.. සියළුම සාමාජිකයන් දැනට උසස් අධ්‍යාපනය හදාරන හා රැකියා වල නිරත වන අය. සියළුම දෙනා ස්වේච්චාවෙන් මේ ආයතනයේ වැඩ කරන පුද්ගලයෝ....(ආඩම්බරයෙන් කියන්නේ මමත් මේ ව්‍යාපාරයේ සාමාජිකයෙක්...)

මේ වෙන කොට අපි එක ප්‍රධාන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා... ඒක තමා NeedyReaders (Donate a book Light a future)... මේ යටතේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ පොත් පරිත්‍යාග කිරීමක්... නිකමට හිතලා බලන්න අපේ නාගරික සමාජයේ පොත් තියෙනවා ඒත් කියවන්නේ නැති කොච්චර පිරිසක් ඉන්නවද කියලා....

හැබැයි අපි නගරෙන් එළියට... මගේ භාෂාවෙන් කිව්වොත් හද්දා ගොඩේ ගමකට අඩිය තිබ්බොත් පොත් කියවන්න පිරිසක් ඉන්නවා හැබැයි කියවන්න පොතක් නෑ.... මෙන්න මේ වගේ පිරිසකට පොතක් දුන්නොත් කොයි වගේ දෙයක් වෙයිද? මේ මිනිස්සු අර ලැබෙන එකම පොතට වුනත් මල් තියලා වඳින්නේ නැති එක විතරයි... ඉතින් මෙන්න මේ කියන සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ දැනුම සංවර්ධනය කිරීම උදෙසා පොත් බෙදා දීමේ වැඩ පිළිවෙළක් තමා NeedyReaders කියන්නේ.... මේ වෙන කොට NeedyReaders ව්‍යාපෘතිය යටතේ මේ වන විට පොත් 10000කට වඩා ප්‍රමාණයක් පරිත්‍යාග කරලා තියෙනවා..... මම විස්තර කියනවට වඩා කියවලා බලලා තේරුම් අරගන්න එක වඩා හොඳයි නේ....

ඉතින් අපේ ව්‍යාපෘති ශක්තිමත් කරන්න ඔබටත් පුළුවන්..... කියවලා අහවර කරපු පොතක් අපිට ලබාදෙන්න... ඒ පොත තව දහස් ගණනකට කියවන්න අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම්.....

ඔබෙන්ම අහලා බලන්න.....ඒ දේ සිහිනයක් යථාර්ථයක් කිරීමට මූලික අඩිතාලමක් නෙමෙයිද?

Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!





ඇහැරුණේ 6ට ඕයි.
ඒ උනාට එලාම් එක තිබ්බේ 4ට ඕයි.
ඒක වැදුනට ඇහුණේ නෑ ඕයි.
දඩි බිඩි ගාලා කැම්පස් එක පැත්තට දිව්වා ඕයි.
එතකොට තමා දන්නේ අද පෝය කියලා ඕයි.
කරපු ගොන් කමට මොකක් කරන්නද ඕයි.
ගියා ආර්ට් එක පැත්ත ඕයි.
උඹට පිස්සුද ඕයි?
පෝය දවසේ ආර්ට් එකේ මොන කෙල්ලොද ඕයි?
යාළුවා කනට කරලා කෑගැහුවා ඕයි.
 අල්ලපු වැටේ චෙෆ් එකට රිංගුවා ඕයි.
බඩ පිරෙන්න දුක නිවෙන්න කෑවා කොත්තුවක් ඕයි.
උදේ බත් එක මේස උඩ තියෙනවා ඇති නේද ඕයි?
                  හවස අම්ම බනිනවා ශුවර් ඕයි.
 වැඩ ගොඩක් තියෙනවා ඕයි.
මං ‍මේ මොනවද කරන්නේ ඕයි.
අවකලනය වෙලා අනුකලනය වෙලා හයිටෙන්ෂන් ලයින් එකක් ඇල්ලුවා ව‍ගේ ඕයි.
අර කෙල්ලෙක් නෙමේ නේද ඕයි?
ඕකෙ කන්ටෝලරේ නෑ ඕයි?
කෙල්ලගෙද ඕයි?
තව පොඩ්ඩක් බලපන් ඕයි.
කොහෙද ඕයි.
ඇයි අපි තනිකඩ ඕයි?
4.45යි ඕයි.
කෝච්චිය එනවා ඕයි.
මං ගියා ඕයි.

උඹට පිස්සුද ඕයි.
ඇයි එහෙම ඇහුවේ ඕයි?
මේක රෑ දොලහට දාන්න කිබ්බේ ඕයි.
ඒක තමයි මං කිවේවේ ඕයි.


මට පිස්සු වගේ ඕයි!  
වගේ නෙමේ ඕයි... 
පිස්සු තමයි ඕයි !!!

Tuesday, January 29, 2013

තීරණ ගැනීම - හිතන්නට යමක් (පිළිතුර හා විග්‍රහය)

මුල් ලිපියට "තීරණ ගැනීම - හිතන්නට යමක්"

මුලින්ම බලමු මුල් ලිපියට ලැබුණු ප්‍රතිචාර....



  1. ළමයි ගොඩක් ඉන්න පාර...

    දුම්රිය ගමන් කරවීම තහනම් කරල තියෙන පාරක සෙල්ලම් කරන ළමයගෙ කිසිම වරදක් නෑ වගේම ඒ ළමය හදිස්සියෙන් හරි දුම්රියක් එයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි ඉන්නෙ...

  2. එක ළමයෙක් ඉන්න පාර තමා මම නම් තෝරන්නේ...ජීවිත 4ක් බේරේනවා ඒ විදියෙන්...

  3. එක ළමයෙක් ඉන්න පාරෙ ගියොත් ඒ ළමය දුම්රියට අහුවෙන්න තියන අවස්තාව වැඩී. මොකද පාර වසා ඇති නිසා එයා අවධානයෙන් ඉන්නෙ නැති නිසා. අනිත් පාරෙ ළමයි හතරක් හිටියට ඒ අය දුම්රියක් ඒවි කියන අවධානයෙන් ඉන්නෙ. ඒ නිසා මම නම් යන්නෙ ඒ පාරෙ. නිකම් නෙවෙ හොඳ සද්දෙට හෝන් එකත් ගහගෙනම. ;)

  4. ළමයි හතර දෙනෙක් ඉන්න පාර තමා තෝරගන්නේ. ඔය පාර වහලා තියෙන්නෙ පාරේ මොකක් නමුත් අවුලක් නිසා වෙන්න ඇති නේ. සමහර විට ඒ අවුල නිසා කෝච්චියේ යන අයටත් අනතුරක් වෙන්න බැරි නෑ.

  5. මටත් හිතෙන්නෙ ඔය උඩ තියෙන උත්තර හරි ඇති කියලා. එතකොට ඔය කෝච්චි පාරෙ සෙල්ලම් කරන ළමයි බීරියි කියලා හෙම එකක් නෑනෙ නේද? උන්ට කන ඇහෙනවා ඇස් පේනවා නම් උන් අයින් වෙයිනෙ කොහොමත්. අනික කෝච්චියෙ බ්‍රේක් හෝර්න් ඔක්කොම තියෙනවා නේද?
    උඹ තාක්ෂණික දේවල් හිතන්න එපා කිව්වට මට මේක නම් නොකියම බෑ. කෝච්චිය කොයි පාරෙද යන්නෙ කියන එක රියැදුරාට කොහොමවත් තීරනය කරන්න බෑ. මොකද ඒක පාරෙ තියෙන ස්විච් එකෙන් ‍තෝරලා තියෙන්නෙ දැනටමත්.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans 

මේවගෙන් ප්‍රාර්ථනාගේ ප්‍රතිචාරය ඇරෙන්න අනිත් පිළිතුරු හතරම නිවැරදි.හැබැයි ආසන්න වශයෙන් නිවැරදිම තර්කය ඉදිරිපත් කරලා තිබ්බේ සාතන්.

එක ළමයෙක් සෙල්ලම් කරන පාරේ කවදාවත් දුම්රිය ගමන් කරන්නේ නෑ.ඒ ළමයා ඒක හොඳින්ම දැනගෙන තමා සෙල්ලම් කරන්නේ.එතකොට ඒ ළමයා නිවැරදි.වගේම ඔහු කිසිම වැරැද්දක් කරලා නෑ.

හැබැයි අනික් මාර්ගයේ දුම්රිය ධාවනය වෙනවා.ඒ පාරේ ළමයි සෙල්ලම් කරන්නේ ඒ බව දැනගෙන.එතකොට ඒ ළමයි කරන්නේ වැරැද්දක්.

මමත් මුලින්ම ‍මේ ප්‍රශ්නෙදි උත්තර දුන්නේ දුම්රිය ගමන් කරවන්නේ ළමයි හත‍ර දෙනෙක් ඉන්න පාරේ කියලා.හැබැයි නිවැරදි හේතුව විදියට මම කිව්වේ ඔය Dude කියලා තියෙන කතාව.ඒත් තර්කය ඒක නෙමේ.සාතන්ගේ පිළිතුර.

ඕක තමා ප්‍රශ්නය සහ පිළිතුර.හැබැයි වැදගත් වන්නේ ඒ‍ක නෙමේ.මේක ඇතුලේ ගැබ් වෙලා තියෙන කතාව.

අද අපේ ර‍‍ටේ සමාජයේ ලෝකයේ කොහේ වුනත් තීරණ ගන්නකොට සලකන්නේ ප්‍රතිලාභ ලැබෙන බහුතරය ගැන.ඒත් ඒ බහුතරයම කරන්නේ වැරැද්දක් නම් අපි ගන්න තීරණය ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලා මතක් වෙන්නේ නෑ.හරියට අපි ගොඩක් ළමයි බේරගන්න කියලා එක ළමයෙක්ව යට කරන්න යනවා වගේ.ඒ කියන්නේ හරිදේ කරන්නේ එකා වුනත් කමක් නෑ ඌව කැප කරලා වැරදි කරන දාහක් අපි බේරගන්න කෑගහනවා.එහෙම නෙමේද?නඩු තීන්දුවක් දුන්නත්,

ටිකක් හිතන්න.අද අ‍පේ සමාජයේ මේ වගේ සිද්ධි කොච්චර වෙනවා ඇත්ද?අපි එක වැරැද්දක් වහන්න හරිදේ කරන අයව කැප කරනවා.වැරදිකාරයෝ 99ක් ඉන්න තැන කවදාවත් නිවැරදි කෙනාට සාධාරණයක් අපි ඉටු කරන්නේ කොච්චර අඩුවෙන්ද?කොච්චර අසාධාරණ සිදුවීමක්ද?සමාජ සම්මතය කියලා අපි කරන්න වැරැද්දක් නම් ඒක කොයිතරම් දුරට සමාජ ගෝචරද?

මෙන්න මේ වගේ සිතුවිලි ගොඩක් මේ ප්‍රශ්නෙට පස්සේ මගේ හිතේ ඇති වුනා.

ඒ හින්දා අවසාන වශයෙන් තීරණයක් ගන්නකොට අපි හරිදේට මුල් තැන දෙන්න ඕනේ.හැබැයි හරියි කියලා අපි හිතන දේ නෙමේ.තව ගැඹුරින් බැළුවම හරියි කියලා අපිට පේන දේට තමා අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ.දාහක් ප්‍රශ්න ආවත් එක සාධාරණ තීරණයක් ගන්න පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන අන්න ඒක තමා නියම තීරණ ගැනීමේ දක්ෂතාවය හා හැකියාව.

මේක කිව්වේ නැත්තම් ලිපිය අසම්පූර්ණයි වගේ.අද වෙනකොට ලංකාවේ සිද්ධ වෙන්නෙත් ඔය වගේ සිදුවීම් නෙමේද?

Sunday, January 27, 2013

තීරණ ගැනීම - හිතන්නට යමක්....

සුභ අළුත් අවුරුද්දක් ‍වේවා.2013 වසරේ ජනවාරිය නිමාවීමට පෙර මේ අවුරුද්දේ බ්ලොග් සටහනක් තියන්න පුළුවන් උනේ වාසනාවට.අධ්‍යාපන කටයුතු වල එක් අදියරක් නිමාවීමට තවත් තියෙන්නේ මාස ගණනක්(කරදරයක් නැතුව ගියොත් ජූලි වෙද්දී මම ගෙදරට ණයකා‍රයෙක් වෙච්ච කාලය නිමා කරනවා.)කොහොමහරි වෘත්තීය පුහුණුකාල සීමාවෙදි බ්ලොග්කරණයට තාවකාලිකව තිබ්බ තිත ඉවත් කරලා දාන්න දැන් කාලෙ හරි.

ජීවිතේ අපිට විවිධාකාර තීරණ ගන්න වෙනවා.සමහර ‍ඒවා හදිසි තීරණ.කතාවට කියන්නේ හදිස්සියට කොරොස් කටෙත් අත නම් දාන්න බෑ කියලා.එ‍්ත් ඉතින් මම නම් වා නම් වා පෝ නම් පෝ තීරණ ගොඩක් ගන්න කෙනෙක්.(පස්ස බිම ඇණගත්ත වෙලාවලුත් නැත්තෙම නෑ.) සමහර ඒවා දුර දිග බලලා ගන්න තීරණ.පුත දීඝායු ළඟ නොබලන්න දුර බලන්න කියලා අපිට උගන්නලා තියෙන්නේ කට කහනවට නෙමේනේ.හැබැයි අපි කව්රුත් හරිම තීරණේ ගන්නවා කියලා කියන්න බෑ.මොකද අපි පෘථග්ජන මිනිස්සු.අපිට දිවැස් පහල වෙලා නෑ.ඒ හින්දා සමහර තීරණ හරියද්දී සමහර තීරණ වැරදි වෙන්න පුළුවන්.50/50 සම්භාවිතාවයක් තියෙන තීරණ තමා හැම මනුස්සයෙක්ම ගන්නේ.

හැබැයි අපි මොකක් හරි තිරණයක් ගනිද්දී සලකා බලන නිර්නායක කීපයක් තියෙනවා.පළවෙනිදේ තමා මානව හිතවාදී බව.දෙ‍වැන්න සමාජ සම්මතය.තුන්වෙනුව ප්‍රතිලාභ ගැන සලකා බැළුවට අවුලක් නෑ.සමහර වෙලාවට අපේ තීරණය අපි හිතන මනඃකල්පිත සම්මතයක් ගැන උපකල්පනය කරලා ගත්ත සම්මත සමාජයට අසම්මත තීරණයක් වෙන්නත් බැරිකමක් නෑ.

මොන තීරණේ කොහොම ගත්තත් ඒකේ සාධාරණීකරණය කිරීම සිද්ධවෙන්නේ අවසාන ප්‍රතිඵලය අනුව.(තුන්වෙනි කාරණය ප්‍රතිලාභ) සාමාන්‍ය මනුස්සයෙක්ට නම් මම දකින්නේ ඕනෑම තීරණයක අවසන් ප්‍රතිඵලය වෙන්න ඕනේ සමාජයට යහපතක්.

හැබැයි මෙහෙම හිතපු මට අද අපේ මාමා කෙනෙක් කියපු කතාවක් හින්දා අළුත් විදියකට මේ දේ ගැන හිතන්න පුරුදු වුනා.එයා මේ කතාව අහලා තිබ්බේ කොහෙදිදෝ පැවැත්වුනු සම්මත්‍රණයකින්.කතන්දරේ අහලම ඉමුකෝ.පල්ලෙහා තියෙන රූපේ බලන්නකෝ...




ඔන්න එක කෝච්චි පාරක් තියෙනවා.මේක එක තැනකදී දෙකට බෙදෙනවා.දැන් මේ පාරවල් දෙකෙන් එකපාරක විතරයි කෝච්චියට යන්න දෙන්නේ(රූපයේ දක්වා ඇති පරිදි).සාමාන්‍යයෙන් දුම්රිය ධාවනයේ නීති ගත්තොත් දුම්රියක් ආවට ගියාට රියදුරාට කැමති තැනක නවත්තන්න බෑ.නියමිත මාර්ගයේ නියමිත වේගයෙන් ධාවනය අත්‍යාවශ්‍යයි.හැබැයි මානුශීය හේතූන් මත උදාහරණයක් විදියට සියදිවි නසාගැනීමකට දුම්රියට පනින පුද්ගලයෙක් ගලවා ගැනීමට වගේ දේකට අපිට හදිසි තීරණයක් අරගෙන දුම්රිය නවත්වන්න පුළුවන්.ඒවා පැත්තකින් තියලා අපි ප්‍රශ්නයට එමු.හැබැයි දුම්රිය ධාවනය වන මාර්ගයක සෙල්ලම් කිරීම ‍තියා ගමන් කිරීම වුනත් දඬුවම් ලැබිය හැකි වරදක්.

දැන් මේ පාරවල් දෙකම ඉතාම හොඳ තත්වයේ තියෙනවා.දුම්රිය ධාවනයට කිසිම බාධාවක් නෑ.හැබැයි කලින් කිව්වා වගේ එක මාර්ගයක දුම්රිය ගමන් කරවීම තහනම් කරලා තියෙනවා.අපි හිතමු ඒ මාර්ගය හදිසි අවස්ථාවකට භාවිත කරන්න තියෙන මාර්ගයක් කියලා.දවසක් මේ රේල් පාරවල් වලින් දුම්රිය කිසිසේත්ම ගමන් නොකරන මාර්ගයේ එක ළමයෙක් පමණක් සෙල්ලම් කරනවා.නිතරම දුම්රිය ගමන් කරන පාරේ ළමයි හතර දෙනෙක් සෙල්ලම් කරනවා.සැලකිය යුතු වේගයකින් දුම්රිය ධාවනය කරගෙන එනවා.මාර්ගය තෝරා ගැනීම එංජිමේ සිට රියදුරාටම කරන්න පුළුවන්.මාර්ගය මත ඉන්න ළමයින්ට කොයිම විදියකටවත් දුම්රිය ධාවනය වෙද්දී ඉවත්වන්න හැකියාවක් නෑ දුම්රියේ වේගය හින්දා එකපාර නවත්ත ගන්නත් බෑ.(සරලව කිව්වොත් කොයි පාරේ ගියත් ළමයෙක්ට හෝ කීපදෙනෙක්ට අනතුරක් සිද්ධවෙනවා)

ඔබ දුම්රිය රියදුරා නම් මොකක්ද තෝරාගන්න මාර්ගය(එක ළමයෙක් ඉන්න පාරද?ළමයි ගොඩක් ඉන්න පාරද)?එයට හේතුව?

සරල ප්‍රශ්නයක් කියලා හිතුවට තරමක් සංකීර්ණ කතාවක් තියෙනවා ඇතුලාන්තයේ.ටිකක් උත්සහ කරලා බලලා උත්තරයක් දෙන්න.තාක්ෂණික දේවල් ගැන වැඩිපුර හිතන්න එපා.තීරණ ගැනීමේ හැකියාව පාවිච්චි කරලා උත්තරයක් දෙන්න.නිවැරදි පිළිතුර තවත් බ්ලොග් පෝස්ටුවකින් හෝ කමෙන්ටුවකින් ලබාදෙන්නම්.