Sunday, January 1, 2012

2012

බ්ලොග් එක ලියන්නම් කියලා හිටියට වැඩ රාජකාරිත් එක්ක ඒක අතෑරලා දාන්නම වගේ වුනා.(ද මන්ද?)
කොහොම හරි විභාගයක් කට උඩ තියෙන වෙලාවක තමා මේ පාර අවුරුද්ද ලබන්නේ...මොක වුනත් අවුරුද්දට සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පොඩිවට හරි වචන කීපයක් කොටන්න ඕනේ කියලා මට හිතුනා....

එහෙනම් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

මොන මගුලක්ද ඕයි.මේ ඇතිද බ්ලොග් පෝස්ට් එකකට....තව මොනවා හරි ලියන්න ඕනේ..... ඉතින් අවුරුද්දක් පටන් ගන්න කොට හොඳම දේ තමා කලින් අවුරුද්දේ උගත් පාඩම් මොනවද කියලා බලන එක...

හොඳයි 2011 හොඳට පටන් ගත්තා කියලා හිතනවා.හොඳට කිව්වට හොඳටම නෙමේ.එක අඩු පාඩුවක් එකක්.මගේ ජීවිතේට විශාල හෙවනැල්ලක් වෙච්ච ලොකු අප්පච්චි නැතුව තමා 2011 වර්ශය පටන් ගත්තේ....හැමවෙලාවෙම කරදරයක් වුනාම,උදව්වක් ඕන වුනාම,මොකක් හරි දැන ගන්න ඕන උනාම ළඟින් හිටිය හොඳම පුද්ගලයා තමා ලොකු අප්පච්චි....ලොකු අප්පච්චිගේ නික්ම යාම කවදාවත් පුරවන්න පුළුවන් වෙන එකක් නෑ....ලොකු අප්පච්චිට අමා මහ නිවන් සුව ලැබේවා කියලා අවුරුද්ද පටන් ගන්න මොහොතෙදී මම ප්‍රාර්ථනා කරනවා....

ඊළඟට අපේ ෆැකල්ටියේ තිබ්බ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය.ICIIS කියලා තමා හැඳින්නුවේ.මම සහභාගී වෙච්ච පළමුවෙනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය....ඇත්තටම හොඳ අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.මොකද  දෙවන වසරේ ඉගන ගන්න ශිෂ්‍යයෙක් හැටියට සහභාගී වෙන්න ලැබීම ඇත්තටම අනාගතේට හොඳයි.

ඊළඟ වැදගත් දේ තමා මළ කෙළියයි ජූලි 4ට පස්සේ මමත් බස් රේඩියෝවට සම්බන්ධ වුනා.මාව ඇදලා දාගත්තේ සිහින සහෝදරයා....කොහොමහරි බස් නවත්තන්න කලින් යන්තම් බස් පදින්න ඉගන ගත්තා...දැන පස් අදිනවා....හි හි

ඔහොම කාලය යද්දී දෙසැම්බර් මාසේ ජිවිතේ වැදගත් වෙනසක් වෙන්න මුල් ගල තියලා තමා වසර අවසාන උනේ....ඒ වෙනස පස්සේ කතා කරමු...

ඔන්න ඔය විදියට 2011 ඉවර වුනා....

දැන් 2012 ලබල ඉවරයි...මායාවරුන්ට අනුව "බොලොං යොක්ටේ" ලෝකයට කොයි වගේ බලපෑමක් එල්ල කරයිද දන්නෑ....මම නම් කියන්නේ ලෝකය විනාශ වෙන එකක් නම් නෑ කියලා.....හැමවෙලාවෙම ආගම දහමකට අනුකූලව ජීවත් වෙනව නම් ලෝකය විනාශ වුනත් බය වෙන්න දෙයක් නෑ....මොකද අපි හරි මාර්ගෙක ගමන් කරලා තියෙන හින්දා....ජීවිතේ සතුට තියෙන්නේ අන්න එතන.....

අවසන් කරන්න කලින් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් කියන්නම්...."මුලින්ම කකුල් දෙක හොඳින් නිවැරදි තැන් වලි තියාගන්න....ඊට පස්සේ හොඳින් නැගී සිටින්න...." ...අවුරුද්දට අළුත් ආරම්භයක් ගන්න මේක නරක කියමනක් නෙමේ....

ගිහින් එංඤංකෝ....

ප/ලි - කව්ද දන්නේ මායාවරුන්ට ගල් පුවරුවේ 2012න් පස්සේ ලියන්න ඉඩ මදි උනාද කියලා....හි හි හි

6 comments:

  1. මට හිතෙන්නෙත් අර පලියේ කියලා තිබුන දේම තමයි. ඒ කාලේ කොම්පීතර් තිබ්බා නම් සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගහලා කැලැන්ඩර් එකක් හදන්නවත් තිබ්බා.

    ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මධුරංග අයියා!

      Delete
  2. ඇත්තටම උඹ ගැන සතුටුයි මචන්.. හැකියාවන් ගොඩක් තියන උඹ වගේ එකෙක් අපේ බස් රේඩියෝවට එකතු උන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒත් එක්කම නව වසරේ උසස් අධ්‍යාපන කටයුතු දිනෙන් දින සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. උඹටත් අළුත් අවුරුද්ද සර්වප්‍රකාරයෙන් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.....!ඒවගේම මාව බස්රේඩියොවට දායක කරගත්ත එකේ ගෞරවයේ නියම හිමිකාරයා තමා මචං උඹ.ඒකටත් බොහොමත්ම ස්තූතියි!

      Delete
  3. ඔයාට සුභ නව වසරකුත්... අළුත් අවුරුද්දේ කරන කියන වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවා!

      Delete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....