මම ජීවිතයෙන් පරාද වෙච්ච මනුස්සයෙක්.....
මට ජීවත්වෙන්න අරමුණක් නැතුව හිටියේ....
කාත් කවුරුත් නැතුව.....ආදරෙන් පැරදිලා....ජීවිතේ මෙතනින් නවත්තන් ඕනේ කියලා හිතාගෙන හිටිය මගේ ජීවිතේට ඔයා ළඟා වුනේ අහම්බයකින්.....
මම අදටත් දන්නේ නැ ඔයා මගේ ජීවිතේට ඇතුල් වුනේ කොහෙන්ද?කොහොමද කියලා.....හැබැයි
ඒ මොහොතෙදි...ඔයා මගේ ජීවිතේට ආපු මොහොතෙදි මම හිතුවේ ඔයා සුරංගනාවියක් කියලා....
මගේ ජීවිතේ ආපහු ගොඩනගන්න මගේ ලෝකෙට පියාඹලා ආපු පුංචි ලස්සන සුරංගනාවියක් කියලා......
ඒ වගේම......
ඔයා අවේ හිස් අතින් නෙමේ....මගේ ජීවිතේට මට අහිමි වුන ඒ උතුම් හැඟීම "ආදරය" අරගෙන....
මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න අවශ්‍ය ශක්තිය අරගෙන.....
ඔයා එක ක්ෂණයකින් මගේ ජීවිතයට මම පිළිගත්තා......
ඇසි පිය හෙලන නිමේශයකින් මගේ හිතේ ඔයා රඳවා ගත්තා.....
ඒත්.......................................
ඔයා ආවේ දිව්‍ය ලෝකේ ඉඳන් නෙමේ.......
ඔයත් මං වගේමයි........
මේ ගෙන්දගම් පොළොවේ ඉපදිලා අසරණ වෙච්ච තවත එක මනුස්සයෙක්.....
ඔයාට තිබ්බ සුන්දර ලෝකයත් මොකක්දෝ හේතුවකට විබේදනය වෙලා.....
ඒක ගොඩනගා ගන්න උත්සහ කරමින් තමයි ඔයා ආවේ.....

මම ඹයාව සිප ගත්තෙත් ඒ ආදරණිය හැඟිමෙන්ම වෙන්න ඇති
හැබැයි.....
අපි එකිනෙකාට ආදරය කරාද?
තාරුකා වියනට ඉහල අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශුමාත්රයක් අරන්
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා
ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
ආශාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්.
ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුන්නෑ
හරි හදිස්සියෙන්
ඔබ රැඳුනා
ඇසිල්ලකින්......
මායාවයි ඔබ
අසුර සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා......
ආදරයේ අංශුමාත්රයක් දැනුනේ නෑ.....
ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
පද රචනය - අශෝක හඳගම
සංගීතය - ජයන්ත ධර්මවර්ධන
මේ සිංදුව මම කැමතිම ගීත වලින් එකක්......මකුළුවා ගීත පිස්සෙක් කිව්වොත් නිවැරදි.....මේ ගීතය "How I Wonder What You Are" සිංහල චිත්‍රපටයේ තේමා ගීතය.......
සටහන මගේ ජීවිතේට කිසිසේත්ම සම්බන්ධ නෑ...ඔහේ හිතට ගලාගෙන ආපු අදහස් ලියලා දැම්මා.....හැබැයි මගේ මේ ලිවීමේ රටාව ගැන මට අදහසක් දෙකක් දෙනව නම් මම ගොඩක් කැමති.....ධන වලට වඩා සෘණ අදහස් එකතු කරොත් ඒක මට ලොකු හයියක්......ඔන්න එහෙනම් මකුළුවත් ගීත බෙදාහරින්න පටන් ගත්තා.....
ලස්සන සින්දුවක්..උඩ තියන සිතුවිල්ලත් ලස්සනයි..
ReplyDeleteඅකුරු තව ටිකක් ලොකු කරලා..Space අඩු කලා නම් ඔයාගෙ හිතේ තියන හැඟීම අපිටත් දැනෙයි...
ස්තූතියි යාළුවා අදහසට....අකුරු ලොකු කරන්න ඕනේ කියලා මටත් හිතුනා....අද ලොකු කරන්න ඕනේ...ආපහු ඇවිත් යන්න...
Deleteමේක නිසදසක්ද නැත්නම් වාක්‍යය කීපයක්ද?
ReplyDeleteමොකක් වුනත් ලස්සනට ලියලා නම් තියෙනවා..
මේක නිකම් වාක්‍ය කීපයක්....මගේ කවි ලිවීමේ හැකියාව නම් බිංදුවයි...හි හි හි....ස්තූතියි කමෙන්ටුවට
Deleteඉන්ද්‍රචාප කියන්නේ මම කැමතිම ගායකයෙක්..ඔය සින්දුවක් මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙනවා..
ReplyDeleteඅනිවාර්යෙන්ම චම්මා....මෙයාගේ අළුත් සිංදුව "උල්කාපාතයක්" එකත් ලස්සනයි...අහලා බලන්න....
Deleteඅවංකවම මට නං මේ සින්දුව ඇල්ලුවේ නෑ. පදවැල වගේම ආරම්භක සංගීතයත්. සමහර විට මගේ කනේ දෝශයක්ද මන්දා?
ReplyDeleteවෙන්න පුළුවන් කකා....එක එක්කෙනාගේ රසවිඳීමේ රටාව වෙනස් නේ....ඔයාගේ දෝශයක් නෙමේ.... :) සංගීතය ටිකක් අමුතුයි.....
Deleteකතන්දරේ නම් මොකක්දෝ හිතවත් කමක් තේරෙනවා...
ReplyDeleteමේ සිංදුව විතරක් අහලා මදි film එකත් බලන්න යන්න ඕනේ. ඒක ෆිල්ම් හෝල්වල පෙන්නන්නේ නැති කතාවක් තමා කියන්නේ.
ReplyDelete