Sunday, May 29, 2011

ළමයි කීයද?



මේ සිද්ධිය වුනේ අපි ඉස්කෝලේ යන කාලේ....මතක හැටියට උ/පෙළ කරන කාලෙදී.

ඒ දවස් වල ඉතින් ඉස්කෝලේ වගේම ටියුශනුත් යනවනේ....සමහර වෙලාවට ටියුශන් කරන ගුරුතුමා පාසලේ ගුරුතුමාගේ බැ‍‍චෙක්..
උදාහරණ තොග පිටින් තියෙන හින්දා මම කියන්න යන්නේ නෑ ‍ඕං.
කොහොම හරි ඉස්කෝලෙදි මේ ගුරුවරු එකිනෙකා ගැන අහනවානේ...ක්ලාස් කොහොමද?උගන්නනවා හොඳඳ?ඔය වගේ ප්‍රශ්න.මේකත් එහෙම සිද්ධියකදී වෙච්ච දෙයක්.....
අපේ පංති‍යේ ඇඟට නොදැනෙන විදියට නෝන්ඩි දෙන්න පුළුවන් පොරක් හිටියා කණයා කියලා.මේ වෙද්දී වි.වි ඉගන ගන්නේ.මෙයා තමා මේ සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයා...ගුරුතුමා තාම ඉගැන්වීම් කටයුතු කරන හින්දා මං එතුමාව A.ගුරුතුමා කියලා හඳුන්වන්නම්.

ඔන්න දවසක් දැන ගුරුතුමා පංතියට ආවා...පුරුදු විදියටම උගන්නලා ප්‍රශ්නයක් දීලා ටිකක් සතුටු සාමීචියේ යෙදිලා හිටියා.සතුටු සාමීචි අතරේ අපි වැඩ කරයි කියලයැ.අපිත් දිගටම සාමීචියේ යෙදුනා.
මෙහෙම යද්දී මාතෘකාව ටිකෙන් ටික ටියුශන් පැත්තට යොමුවුනා.දැන් අපේ ප්‍රදේශයේ ටියුශන් ගුරුවරු ගැන කතා කර කර ගිහින් අන්තිමේට එක විශේෂ ගුරුතුමෙක් ගැන කතාවට ආවා.අපි මෙතුමාව "දිසා" කියලා හඳුන්වමු.

අපේ A.ගුරුතුමා පංතියෙන් අහනවා"ළමයි...දිසාගේ ක්ලාස් යන්නේ කව්ද?"

මුලු පංතියෙන්ම දිසාගේ ක්ලාස් ගියේ කණයා විතරයි.ඌ ඉතින් අත ඉස්සුවා.

A.ගුරුතුමා "මේ දවස්වල මොනවද උගන්නන්නේ?"

කණයා"අයණික සමතුලිතතාවය"

A.ගුරුතුමා "හොඳට උගන්නනවද?"

කණයා"නරකම නෑ සර්..."

A.ගුරුතුමා "කොහෙද පංති තියන්නේ?"

කණයා"........ හෝල් එකේ..."

..........ඔහොම ප්‍රශ්න මාලාවකට පස්සේ ගුරුතුමා වැදගත්ම ප්‍රශ්නේ ඇහුවා....

"දිසාට ළමයි කීයක් විතර ඉන්නවද?"


පිළිතුර දෙන්නේ ඉතින් කණයා‍නේ.....මූ ගත් කටටම කියපි.....

"ඒක නම් මං දන්නේ නෑ සර්...."

එතනින් පස්සේ පංතියේ උගන්නන් පුළුවන් තත්වයක් තිබ්බේ නෑ...ඒ තරමට හිනාව........

===================================================
ප.ලි- අද ඉදන් මකුළුවා නියම නමින් පෙනී සිටිනවා....මකුළුවා හෙවත් මම අශාන්..කෙටියෙන් කිව්වොත් ශාන්

17 comments:

  1. ඇයි බන් නම වෙනස් කොරේ??? කමන් නෑ ඔය කණයා උඹ එහෙම නෙවෙයි නේද??? හික්ස්ස්

    ReplyDelete
  2. නරකමත් නෑ .... නියමයි.....!

    ReplyDelete
  3. හිහි ලොලේ ලොල්....

    ReplyDelete
  4. සර් කාරයාට කට උත්තර නැති වෙන්න ඇති.
    මල්ලි මේ කතාව කිව්වම මටත් කට තියාගෙන ඉන්නම බැරි කමට කතාවක් මතක් උනා.

    ඔහොම සර් කෙනෙක් ක්ලාස් එකක උගන්න උගන්න ඉන්නැද්දි පරක්කු වෙලා පන්තියට ගෑනු ළමයෙක් ඉහින් කනින් දාඩිය දාගෙන දුවගෙන ආවා.
    සර් ඇහුවා "ඔය ළමයා කොහෙද ගියෙ ?" කියලා.

    මේ ළමයා එකපාරටම කියපි "සර් ළමයෙක් හම්බවෙන්න ගියා" කියලා.
    සර් ආයෙම "කීවෙනි ළමයා හම්බ වෙන්නද ගියේ ?" කියලා

    පන්තියේ එකම හූ හඩක් ගියා.කෙල්ල අඩාගෙන ම වාඩි වෙන්න ගියා.

    ReplyDelete
  5. නියම කතාව.. එතනින්ම සතුටු සාමිච්ය ඉවර වෙන්න ඇති..

    ReplyDelete
  6. සන්තෝසයි අඳුනාගන්න ලැබීම ෂාන්

    දිසාට ඇත්තටම ළමයි කීයක් විතර හිටියද බං ?

    ReplyDelete
  7. ඒක ඉතින් සර්ගෙන්ම තමා අහන්න වෙන්නෙ

    ReplyDelete
  8. මේ ඈයි බං නියම නම හෙලිකලේ... දැං කොහොමද අර අපි කතාවෙච්ච හොර වැඩේ කොරන්නේ...?

    ReplyDelete
  9. @රවීන් - කණයා මේ වෙද්දී පේරා විද්‍යා පීඨයේ ඉගන ගන්නවා....

    @චතුවා - හික්ස්..... :) ආයෙත් ඇවිත් යන්න එන්න....

    @‍මෙගාසින්හ - ස්තූතියි අදහසට...ආපහු පාරක් ඇවිත් යන්න එන්න....

    @මධුරංග - ලොලේ ලොල් කිව්වලු අයියා...දැන් දන්නවනේ මං කොයි වැයික්කියේද කියලා....

    @දිනේෂ් - සර්ට සුළු වේලාවකින් තමා මීටර් වුනේ මොකද වුනේ කියලා...ඊට පස්සේ ඉතින් අහන්න දෙයක් නැනේ...

    @සඳරූ - ඒක ඉතින් දන්නේ දිසාම තමා බං...අපි දිසාගේ පවුලේ උදවියයැ...

    @පිණිබිඳු - අන්න බලන්න අක්කට විතරයි මීටර් වුනේ.....

    @ප්‍රසන්න86කේ - හරි හරි ඒක අපි ශේප් එකේ කරලා දාමු මචං ;)

    ReplyDelete
  10. හොද වැඩේ,හික් හික්...සර්ට කට උත්තර නැතිවෙන්න ඇති.

    පලි: මේ හැබෑට ඔයා අනුරාධපුරේ යෑ?මමත් එහෙ.ඉතින් සතුටුයි අදුනගන්න ලැබීම.ඔයා ඉන්න හරියෙ මගෙ යාලුවොත් ගොඩක් ඉන්නව.

    ReplyDelete
  11. @නදී- ආහ් ‍එහෙමද අක්කේ...අඳුන ගන්න ලැබීම සතුටුයි...හි...හි...අක්කා ටවුන් එකේමද?

    ReplyDelete
  12. එල සීන් එකනේ වෙලා තියෙන්නෙ ......
    මම ඒත් බැලුවා පන්සල් හංදිය පැත්තෙ ආව මකුළුවට මොකද වුනේ කියලා ........

    ReplyDelete
  13. අද තමයි මම මේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඔන්න දැලට පැටලුනා එහෙනම්

    ReplyDelete
  14. @කල්හාර අයියා-හිහි....තාම ඌ ඒ පැත්තට ඇවිත් යනවා.

    @ඕල් ඉන් වන්-ස්තූතියි යාළුවා!

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....