Thursday, February 3, 2011

සෙනසුරුගේ අපල කිරීම - II

මුලින්ම විශ්ණු දෙවියෝ සෙනසුරු අපලෙට අහුවුණ හැටි කියෙව්වනේ.....කියෙව්වේ නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්ට......
මේ ‍කොටසේ තියෙන්නේ සෙනසුරු කොහොමද ගණ දෙවියන්ට අපල කළේ කියලා....


විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ.එතුමා ගැන නම් ගොඩක් අය අහලා ඇති....අර පුංචි කාලේ අත්තම්මලා එහෙම කියන්නේ ගණ දෙවියන්ටයි,කතරගම දෙවියන්ටයි කරදිය වළල්ල වටේ දුවන්න කිව්වම කතරගම දෙවියෝ මුහුද වටේ දුවද්දී ගණ දෙවියෝ දේව මන්දිරේ තිබ්බ ලුණු පොල් කට්ට වටේ දිව්ව කියලා.(එතකොට දෙයියෝ කෑමත් උයාගෙන කෑවද කියලා අහන්න ගිහින් අත්තම්මලාගෙන් ඔළුව එහෙමත් අතගා ගන්න අවස්ථාත් තියෙනවා...මොකද දේව මන්දිරේ ලුණු තියාගන්නේ දිය කරලා බොන්නයැ....)..මේ ඉන්නේ ගණ දෙවියෝ...මෙතුමාගේ වැදගත්කම තමා බුද්ධියට අධිපති දෙවියන් වීම.නැත්තම් ඉකින් අර වගේ මොළේ කල්පනා කරලා ලුණු පොල් කට්ට වටේට දුවාවියැ....ඒ හින්දා තමයි පොඩි ළමයින්ට අකුරු කියවද්දී ගණ දෙවියන්ගේ රූපයක් ඉස්රහා ඉඳන් ඒ රාජකාරිය ‍කරන්නේ....තව දෙයක් ගණ දෙවියන්ගේ ශරීරය මනුස්සයෙක් වගේ වුණාට ඇතෙකුගේ හිසක් තමා තියෙන්නේ....

කොහොම හරි අයියට වෙච්ච දේ දැන ගත්ත ගණ දෙවියන්ට ඕනේ වුණා තමන්ටත් හෙනහුරා අපල කරයිද කියලා දැන ගන්න.ගණ දෙවියොත් ගියා සෙනසුරු මුණ ගැහෙන්න...

ගණ දෙවියෝ - "සෙනසුරු,හැබෑද ඔහේ අපල කරනවා කියන්නේ?"

සෙනසුරු - "ඔව්,මං හැමෝටම අපල කරනවා...."

ගණ දෙවියෝ - "දැන් මට කවදටද අපල කරන්නේ?"

සෙනසුරු - (තමන්ගේ අපල කිරීමේ කාල සටහන බලා)"අනිද්දට..."

ගණ දෙවියෝ - "එහෙනම් හෙට දේව සභාව රැස් වෙද්දී ඔහේ ඇවිත් ප්‍රසිද්ධියේ කියන්න හෙට මට අපල කරනවා කියලා.එතකොට හැමෝම දැන ගනීනේ....."

සෙනසුරු - "හරි.හෙට මම කියන්නම්"

මෙහෙම කතාව අහවර කරපු ගණ දෙවියෝ තමන්ගේ භවනට චුත වුනා.....

දැන පහුවදා දේව සභාව රැස් වෙලා පුරුදු සාකාච්ඡා වලින් අනතුරුව විසිර යාමට සූදානම් වෙද්දී සෙනසුරු සභාව ඉදිරියට ඇවිත් විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවලු,

"මම හෙට ගණ දෙවියන්ට අපල කරනවා"

ගණ දෙවියොත් ඉදිරියට ඇවිත් කිව්වලු,

"දැන් බැරි වෙලාවත් හෙට ඕක ඔහේට අමතක වුනොත්,ඒ හින්දා අපි නළලේ ඕක සටහන් කරගමු."

අපල කලාට සෙනසුරු බුද්ධියෙන් අඩුයිනේ.අනේ සෙනසුරු නළලේ ලිය ගත්තලු "ගණ දෙවියන්ට අපල කිරීම හෙට"කියලා

ඊට පස්සේ දේව සභාව විසිරී ගියා.....

පහුවදා සෙනසුරු ගණ දෙවියෝ හම්බු වෙන්න යනවා ෆුල් හැපි පිට....ඇයි සෙනසුරුට අනුව ගණ දෙවියන්ට අපල කරන්නේ අද...දෙවියන්ට වුනත් රාජකාරිය දේවකාරිය වගේනේ......
හැබැයි සෙනසුරු යද්දී ගණ දෙවියොත් කිසිගානක් නැතුව සෙනසුරුව පිළි අරන් සංග්‍රහ ආදිය කරලා සෙනසුරුගෙන් ඇහනවා ආපු කාරණේ මොකක්ද කියලා?

ගණ දෙවියෝ - "ඉතින් සෙනසුරු,මොකෝ මේ උදේ පාන්දරම?"

සෙනසුරු - "මම ආවේ අපල කරන්න..."

ගණ දෙවියෝ - "ආහ්! මට මතක නැති වුණානේ....ඊයේ නළලේ කොට ගත්තා නේද දවස....දැන කවදටද අපල කරන්න තියෙන්නේ....."

සෙනසුරු - "හෙට"

ගණ දෙවියෝ - (හිනාවෙලා)"ඒක හොඳයි...එහෙනම් දැන් ගොහින් හෙට එන්න...මටත් රාජකාරී තියෙනවනේ......"

ඔන්න එතකොට තමයි සෙනසුරාට තේරුණේ තමන් ගණ දෙවියන්ගේ ලණුව කෑවා නේද කියලා....දේව වාක්‍ය වෙනස් කරන්න බැරි නිසා කවදා ගියත් ගණ දෙවියන්ට අපල කරන්නේ "හෙට"

මෙන්න මේ හින්දා ගණ දෙවියන්ට විතරක් සෙනසුරු අපල වලින් බේරෙන්න පුළුවන් වුනාලු........

11 comments:

  1. හෙහ්,,මරු කතාව... මම හිතුවා විශ්ණු කලාට ගණ දෙවියෝ කොහොම හරි බෙරෙයි කියලා... මටත් මතකයි අපේ පහ වසරේ සිංහල කියවන පොතේ තිබ්බා ගණ දේවියන්ට කියන කවි පද පෙලියකුත්.. ඔක්කොම නම් මතක නැ ..

    'ගණ දේවි කොවිලි පිරිමැදලන්නේ '
    'දත මැද පිරුවට ඇද පේවෙන්නේ'
    'කල කී දේ මට තොරාදෙන්නේ..'
    'ගණ දෙවි නුවණක් මට ලැබදෙන්නේ'

    හරියටම මේක හරිද කියලා නම් මකුලු මතක නැ මට..මතකෙන් ලිව්වේ හන්දා :)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඝණ දෙවි නුවණ කියන්නේ ඕකනේ..

    එතකොට බාලගිරි දෝශ අද නොවේ හෙට කියලා ගහන්නෙත් ඔය හින්ද වෙන්නැති...

    "විශ්ණු දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ." මේක ෂුවර්ද?
    මට මතක "කතරගම දෙවියන්ගේ සහෝදරයා තමා ගණ දෙවියෝ."විදිහට
    තව දේව කතා මතක නැද්ද?

    ReplyDelete
  4. ගණ දෙවියො විතරක් නෙමේ.. ගමරාළ කෙනෙකුත් අපල වලින් බේරිලා තියෙනවා සෙනසුරාව ගොනාට අන්දලා.........

    ReplyDelete
  5. හේ හේ මරු මරු...... මම මේ කථාව අහලා තිබුනා පොඩි කාලේ.. මතකේ අළුත් වුනා....

    ජය වේවා...!!

    ReplyDelete
  6. හා හා බාලගිරිත් අද නොවේ හෙට නේද

    ReplyDelete
  7. උඹට අළුතෙන් මොනවත් ලියන්න බැරිය ! කම්මැලි මකුලුවා ...ලියපං මචං මොනව හරි

    ReplyDelete
  8. මල්ලි ඕක එයා ලිවුවයි කියන්නේ ගනදෙය්යන්ගේ විශාල බඩේ. ඉතින් සෙනසුරා එන එන පාරට කමිසේ උස්සල තමනුත් බලල මේ කියල පෙන්නුවලු !!

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. නිම්ෂා : ඒ පොතේ නම් ගණදෙවි හැල්ල.

    විෂ්ණු දෙවියන්ගේ සහොදරයෙක් නෙමෙයි ගණ දෙවියෝ. එයා කතරගම දෙවියන්ගේ සහෝදරයා.

    මට මතක විදිහට දේව කතාවල තියෙන්නේ මෙහෙමයි.

    විෂ්ණුගේ නාභියෙන් ආපු නෙළුම් මලකින් තමා මහා බ්‍රහ්මයා ඉපදෙන්නේ. මහා බ්‍රහ්මයාගේ දුව තමා සරස්වතී. එයාව ලැබෙන්නෙත් මහා බ්‍රහ්මයාටමයි. ඒ දෙන්නාගේ දරුවා තමා ශිව.

    ශිවගේ දරුවෝ තමා ගණ සහ කතරගම එහෙමත් නැත්නම් ස්කන්ධ. ශිවගේ භාර්යාව තමා පාර්වතී. කතරගම හම්බෙන්නෙත් ශිවට වෙන අකරතැබ්බයකදී විශ්ණු උදව් කරන්න ඇවිත්.

    විෂ්ණු කාන්තා වේශයක් අරන් ඉද්දී තමා ළමයි 6 ක් හම්බෙන්නේ. එයාලා එකතු වුණු එකෙන් තමා ස්කන්ධ මූණු 6 කුත් අත් දොළහකුත් එක්ක හැදෙන්නේ.

    ඔය විෂ්ණුගේ බිරිඳ තමා කිරි මුහුද කලතද්දී හම්බවෙන ශ්‍රියා කාන්තාව.

    කතරගම දෙවියන්ගේ බිරින්දෑවරු දෙදෙන්ක් ඉන්නවානේ. එයාලා තමා වල්ලී අම්මා සහ තේවානි අම්මා.

    මට මතක තිබ්බ දෙයියන්ගේ නෑකම් ටික

    ReplyDelete
  11. @හසිත-ෂහ්...උඹ නියමට ඒ ටික කියලා තියෙනවා මචං...මල් 7යි.නොදැන හිටි කරුණු කාරණා ගොඩක් දැන ගත්තා...ගොඩක් ස්තූතියි!

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....