Thursday, February 28, 2013

අපිට පිස්සු ඕයි !!!





ඇහැරුණේ 6ට ඕයි.
ඒ උනාට එලාම් එක තිබ්බේ 4ට ඕයි.
ඒක වැදුනට ඇහුණේ නෑ ඕයි.
දඩි බිඩි ගාලා කැම්පස් එක පැත්තට දිව්වා ඕයි.
එතකොට තමා දන්නේ අද පෝය කියලා ඕයි.
කරපු ගොන් කමට මොකක් කරන්නද ඕයි.
ගියා ආර්ට් එක පැත්ත ඕයි.
උඹට පිස්සුද ඕයි?
පෝය දවසේ ආර්ට් එකේ මොන කෙල්ලොද ඕයි?
යාළුවා කනට කරලා කෑගැහුවා ඕයි.
 අල්ලපු වැටේ චෙෆ් එකට රිංගුවා ඕයි.
බඩ පිරෙන්න දුක නිවෙන්න කෑවා කොත්තුවක් ඕයි.
උදේ බත් එක මේස උඩ තියෙනවා ඇති නේද ඕයි?
                  හවස අම්ම බනිනවා ශුවර් ඕයි.
 වැඩ ගොඩක් තියෙනවා ඕයි.
මං ‍මේ මොනවද කරන්නේ ඕයි.
අවකලනය වෙලා අනුකලනය වෙලා හයිටෙන්ෂන් ලයින් එකක් ඇල්ලුවා ව‍ගේ ඕයි.
අර කෙල්ලෙක් නෙමේ නේද ඕයි?
ඕකෙ කන්ටෝලරේ නෑ ඕයි?
කෙල්ලගෙද ඕයි?
තව පොඩ්ඩක් බලපන් ඕයි.
කොහෙද ඕයි.
ඇයි අපි තනිකඩ ඕයි?
4.45යි ඕයි.
කෝච්චිය එනවා ඕයි.
මං ගියා ඕයි.

උඹට පිස්සුද ඕයි.
ඇයි එහෙම ඇහුවේ ඕයි?
මේක රෑ දොලහට දාන්න කිබ්බේ ඕයි.
ඒක තමයි මං කිවේවේ ඕයි.


මට පිස්සු වගේ ඕයි!  
වගේ නෙමේ ඕයි... 
පිස්සු තමයි ඕයි !!!

7 comments:

  1. අනේ මේවා කියවද්දි පිස්සු හැදෙනවා ඕයි....මොකද්ද මේකේ තේරුම් ඕයි...

    ReplyDelete
  2. මේක නම් පිස්සු බම්ප් වෙන මඟුලක් ඕයි!!!

    ReplyDelete
  3. බොලේ කැම්පස් එකට පයින් දිවුව උඹට ආපහු ගෙදර එන්න කෝච්චියක් ඕනෙද ? උඹට පිස්සුද ඕයි ???

    ReplyDelete
  4. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

    ReplyDelete
  5. හෙහ් හෙහ් හෙහ්

    "දඩි බිඩි ගාලා කැම්පස් එක පැත්තට දිව්වා ඕයි.
    එතකොට තමා දන්නේ අද පෝය කියලා ඕයි"

    පිස්සුම නේන්නම් :-)

    ReplyDelete
  6. හපොයි... මටත් දැන්නම් පිස්සු වගේ ඕයි...

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....