Friday, June 10, 2011

I See there's an ANGEL

මේක මගේ මිත්‍රයෙකුට වෙච්ච සිද්ධියක්.දැනට අපි මේ මෑන්ස්ට සමන් කියමු.

මූ කොල්ලෙක් වුනාට එක විදියක පොරක්.ඒ කියන්නේ කෙල්ලෝ ගැන මුගේ ආකල්ප ටිකක් අමුතුයි.සාමාන්‍යයෙන් මුගේ හිතට අල්ලන විදියට කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ නිකම් කණ කැස්බෑවගේ පේන ඇහැට විය ගහේ සිදුර ගානට සෙට් වෙලා අහස පැහැදිලිව පේනවා වගේ සීන් එකක්.
මේ මනුස්සයා ආවට ගියාට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකෙක් නෙවේ.ඉතාම හොඳින් දන්න අඳුනන කෙල්ලෝ කීපදෙනෙක්(ඇත්තටම කිව්වොත් 4ක් 5ක් විතර) එක්ක ඇරෙන්න වෙන කෙල්ලෙක් එක්ක කතා කරන්නෙවත් නැති චරිතයක්.

දවසක් මේ පොරට අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව ඇහැ ගැහුණා.ඇත්තටම කිව්වොත් ලස්සනයි කියන්නේ ඉටි රූපේ වගේ නෙමේ.හැබැයි ‍මුගේ මීටරේට අනුව පට්ට කෙල්ලෙක්.

දන්නවනේ ඉතින් කට්ටිය සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කෙල්ලෙක් මුණගැහුනොත් සාමාන්‍යයෙන් හොඳම යාළුවට කියන සිරිතක් තියෙනව‍නේ.

මූත් ඉතින් ජංගමේ අරගෙන යැව්වා මැසේජ් එකක්.....

"Mchn I c thrs an ANGLE and I cnt blv it"

යාළුවා හැරෙන තැපෑලෙන්....වැරදුනා රිප්ලයි එකක් එවනවා මෙන්න මෙහෙම

"E gaman tho mokakda kara gathte?Koheda umba KONA maninna giye.Guti kanna yanne nethuwa hitan bn eka eka ge kona maninna gihin"

14 comments:

  1. hahaaaa.....ඔව්ව කොහොමත් පැටලෙන වචනනේ!!! male කියන එකට mail ලියන උනුත් මම දැකල තියෙනවනේ!!!!

    ReplyDelete
  2. අකුරු දෙකක් කල හරිය... :D :D

    ReplyDelete
  3. මරු කතාව....හිකිස්..ශාන් මලේ මම දැනං හිටියෙ නෑ නෙ ඔයත් මකුළු කුළේ කියලා.. නියමයි... :D

    ReplyDelete
  4. කෝණ මනින අතරේ "සෲජු" කෝණයක් වුනාද මන්දා?

    ReplyDelete
  5. පට්ට කතාව. එක එකාගේ කෝණ මනින්න යනවට හොදම වැඩේ. අපේ කොල්ලෙකුත් ඔහොම මැසේජ් එකක කරපු වැඩක් මතක් උනා. ඒක පස්සේ වෙලාවක බ්ලොග් එකේ ලියනවා.

    @මකුලු පැංචි :
    මේකාත් ඉස්සරම හිටියේ මකුලුවා කියලා.පස්සේ තමා නම වෙනස් කලේ.

    ReplyDelete
  6. @Aravinda - ඔව් ඔව් මකුළුවා තමයි ....හි...හි....

    @CABE - සිරාවටම මචං...ඔව්වා පැටලෙන වචනනේ....

    @සුපර් මාරියෝ - හි...හි...ඔහොම ඒවත් වෙනවා....

    @මකුළු පැංචි - මධුරංග අයියා කිව්වා වගේ මමත් මුලින්ම හිටියේ මකුළුවා කියලා.පස්සේ තමා ශාන් කියලා වෙනස් කරේ පොඩි සිද්ධියක් හින්දා...හි..හි...ස්තූතියි අක්කේ ප්‍රතිචාරයට...

    @කතන්දර - ඒක නම් කියන්න දන්නේ නෑ...හික්ස්....

    @මධුරංග - ලියන්න ලියන්න අයියේ...මම බලාගෙන ඉන්නේ කියවන්න....

    ReplyDelete
  7. පට්ට හො‍ඳේ..කොණ මනින්න හිකිස්

    ReplyDelete
  8. පව් බං.. අරූට හිංගලෙන් කිව්වනම් හරිනේ ... ලොල්

    ReplyDelete
  9. @චතුරංග පෙරේරා - ගොඩක් ස්තූතියි කමෙන්ටුවට... :)ආයෙත් ඇවිත් යන්න

    @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර - මම යාළුවට කියන්නම් අයියා කිව්වා කියලා...හික්ස්...ගොඩක් ස්තූතියි දැලට ගොඩ වුනාට

    @රවීන් - සිරාවට දන්න සිංහලෙන් කිව්වනම් ඉවරයි තමා බං...හික්ස්...

    ReplyDelete
  10. පට්ට කතාව හොඳට හිනා වුනා .........

    ReplyDelete
  11. @පන්සල් - කවුරු හරි කෙනෙක් සතුටු වුනා නම් මට ඊට වඩා දෙයක් නෑ අයියා.....

    ReplyDelete
  12. ශා මාර කතාව.....මෙ වගේ ඒව අහලම නෑ මම...ග්‍රේට් වර්ක්...කීප් ඉට් අප්....:)

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....