Saturday, June 25, 2011

පාසල හා විශ්ව විද්‍යාලය


පාසල ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සිටින තැනකි.
වි.වි ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් සිටින තැනකි.

පාසැලේ විවිධ ශ්‍රේණි ඇති අතර එක් එක් ශ්‍රේණිය පංති වලට වෙන් කර ඇත.
වි.වි ඉගන ගන්නා විශයට අදාලව විවිධ පීඨ ඇති අතර ඒවා දෙපාර්තමේන්තු වශයෙන් වෙන් කර ඇත.

රටේම පාසල් වල ඒ ඒ ශ්‍රේණියට අදාලව ඉගැන්විය යුතු පොදු විශය නිර්දේශයක් ඇත.
එකම විශයධාරාවන් ඉගන ගත්තද විශය නිර්දේශය උගන්වන ආචාර්යවරයාමත රඳා පවතී.

පාසලකදී ගුරුවරු ශිෂ්‍යයන්ට උගන්වති.
වි.වි ආචාර්යවරු ශිෂ්‍යයන්ට දේශන පවත්වති.
(ඉගන ගැනීම ශිෂ්‍යයා සතු වගකීමකි.)

පාසල් "වාර" ක්‍රමයක් ඇති අතර පාසල් වාරයක් අවම වශයෙන් මාස 3කි.වසරකට පාසල් වාර 3කි.
විශ්ව විද්‍යාලයක අධ්‍යයනවාර අදාල විශ්ව විද්‍යාල අනුව වෙනස්වේ(ඇතැම් ඒවායේ සමාසික අධ්‍යයනන වාරත්(මාස 6ක අධ්‍යයන වාර) ඇතැම් ඒවායේ වාර්ශික අධ්‍යයන වාරත්(පාසල් වාර ක්‍රමය ලෙසින්) ක්‍රියාත්මකවේ.)අවම වශයෙන් සමාසික වාර දෙකක් එක් අධ්‍යයන වර්ශයකි.

වසරකට පාසල් නිවාඩු වාර තුනකි.ඒවා සති දෙකක වාරයක් සහ මාසයක් බැගින් වූ වාර දෙකකින් සමන්විත වේ.
විශ්ව විද්‍යාලය අනුව නිවාඩු වාර ගණන තීරණය වේ.

පොදුවේ පාසැල් නිවාඩුව සමස්ථ ලංකාවටම(මුස්ලිම් සිසුන්ට හැර) එකට ලබාදෙයි.
ලංකාවේම විශ්ව විද්‍යාල සිසුන්හට එකට නිවාඩු ලැබෙන්නේ සිංහල හින්දු අළුත් අවුරුද්දට හා නත්තලට පමණි.

දෛනික පාසැල් අධ්‍යයන කාලය පැය 6කි.
දෛනික විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය සීමාවක් නැත.ඇතැම් දින වල පැය 9ක්ද නැතිනම් පැය 4ක්ද ලෙස විචලනය විය හැක.

පාසැලක උපරිම විවේක කාල දෙකකි.
විශ්ව විද්‍යාලයක විවේක කාල තුනකි.

පාසැලක කාල සටහනක් අනුව වැඩ කරයි.(කාලඡේදයක් විනාඩි 40ක් වන අතර දිනකට කාල‍ඡේද 8ක් ඇති අතර 8ම පිරී පවතී.)
විශ්ව විද්‍යාලයද කාල සටහනකට අනුව කටයුතු කරන නමුත් පොදු කාලසටහනක් නොමැති අතර අදාල අධ්‍යයන අංශය හා දෙපාර්තමේන්තුව වශයෙන් කාල සටහන් වෙනස්වේ.(කාලඡේද වෙනුවට දේශනවාර ඇති අතර එය විනාඩි 55කි)

පාසැලක දිනකට එක් වතාවක් පමණක් නාමලේඛන ලකුණු කරයි.
විශ්ව විද්‍යාලයක දෛනිකව සෑම දේශනවාරයකදීම පැමිණීම සටහන් කළ යුතුය(අත්සන් ගැසීමට කොළයක් එවන හෙයින් තමා නොපැමිණ අත්සන පමණක් එවීම වුවද ප්‍රමාණවත් වේ.
සැ.යු-1.අත්සන් මාට්ටු වීමේ වගකීම අයිතිකරු සතුවේ.
2.අදාල ආචාර්යවරයා අනුව මේ ක්‍රියාවලිය වෙනස් විය හැක.).

පාසැල් පුස්තකාලය - "කැමතිනම් කියවපිය නැත්නම් නිකම් හිටපිය"කාලය ඉක්මවා පොත් නැවත බාර දීමේදී දඩ මුදල් අයකිරීමක් සිදුනොවේ.(සිද්ධවෙච්ච තැනක් තියෙනව නම් පොඩ්ඩක් කියන්න.)
විශ්ව විද්‍යාලය - අකමැත්තෙන් වුවත් පරිශිලනය කිරීමට සිදුවේ.අදාල නීති රෙගුලාසි ඒ ආකාරයට ක්‍රියාත්මකවේ(උදා-රු.5/= වුවත් දඩ මුදල අය කෙරේ.)

පාසැල 80%ක පැමිණීමක් අනිවාර්යයැයි පැවසුවද කිසිදිනක එය ගණනය කරන බවක් අසා නොමැති අතර එනිසා සිසුන් පාසල් වලින් නෙරපූ බවක් හෝ විභාගවල පෙනී සිටීමට ඉඩ නොදුන් බවක් සඳහන් නොවේ.
විශ්ව විද්‍යාලයවල සෑම විශයකටම 80% සහභාගීත්වය අනිවාර්යවේ.නොඑසේනම් එම විශයට අදාල විභාග ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට අවස්ථාව නොලැබේ(අදාල විශය භාර ආචාර්යවරයා අනුව තත්වය වෙනස් විය හැක.)

පාසැලකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් නැත.(අ.පො.ස සා/පෙ හා උ/පෙ හැර)
විශ්ව විද්‍යාලයකදී විශයක් සමත්වීමේ අවම ලකුණු මට්ටමක් ඇත.

පාසැලකදී එක් එක් වාර විභාග හෝ ශ්‍රේණි විභාග අසමත් වීම ඊළඟ වසරට හෝ ඒ වසරේ විශයන්ට බලපෑමක් නොකරයි.
විශ්ව විද්‍යාලයේදී එක් වසරක විශයන් අසමත් වීම ඊළඟ වසරේ ඇතැම් විශයන් හැදෑරීමේ අවස්ථාව අහිමි කරයි.එවිට නැවත අසමත් වූ විශයන් සමත්විය යුතුය(මෙය විභාග ඇණ ගැනීම සහ රිපීට් වීම ලෙස හඳුන්වයි.)

පාසැලකදී පවත්වනු ලබන විභාග අතරින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පාසල් ශිෂ්‍යයකුගේ ශිෂ්‍ය ජීවිතයේ වැදගත් විභාග වේ.
විශ්ව විද්‍යාලයකදී පවත්වනු ලබන සෑම විභාගයක්ම එක ලෙස වැදගත්වේ.

පාසැල් විභාග වල ලකුණු කිසි විටක පාසැලින් ඉවත්ව යන විට සැලකිල්ලට ලක් නොවේ.
විශ්ව විද්‍යාල විභාග සියල්ලගේම ලකුණු ඉවත්ව යන විට අතිශය වැදගත්වේ.

පාසැලෙන් ඉවත්ව යන විට කිසිදු විශේෂ සාමාර්ථයක් ලබානොදේ.ලබා දෙන්නේ අ.පො.ස සා/පෙ හා උ/පෙ ප්‍රතිඵල සටහන් පමණි.
විශ්ව විද්‍යාලයෙන් පිටව යන විට පංති සාමාර්ථයක් හා උපාධි සහතිකයක් ලබාදේ.

පාසැල් අධ්‍යාපනය නොමිලේ ලබා දෙන නමුත් මුදල් ගෙවා ටියුශන් යාමේ කලාවක් ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය 100%ක් නොමිලේ ලබා දෙන අතර නොතේරුණ විශය කරුණු තේරුම් ගැනීමට ‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් "කුප්පි" දමා ගත හැකිය.

පාසැලක ඉහල ශ්‍රේණි වල ඉගෙනුම ලබන අයියලා අක්කලා පාසැලෙන් ඉවත් වන තුරුම අයියලා හා අක්කලා වේ.
විශ්ව විද්‍යාලවල ඉහල වසර වල ඉගෙනුම ලබන අයියලා අක්කලා මුල් මාස කීපයකට ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා උත්තමාවියන් වන අතර පසුව නැවත අයියලා අක්කලා වේ.

පාසැලකදී ගුරුවරුන් විසින් අවශ්‍ය දැනුම් දීම් සිදුකරනු ලැබේ.
විශ්ව විද්‍යාලයකදී දැන්වීම් පුවරු මගින් අදාල දැනුම් දීම් සිදු කෙරේ.

පාසලකදී ඕනෑ තරම් විශය බාහිර ක්‍රියාකාරකම් වල නියැලීමට අවකාශ තිබුණද අධ්‍යාපයනය‍ට පමණක් මූලික අවධානය යොමු කර විශය බාහිර ක්‍රියාකාරකම් අත් හැර දමයි.
විශ්ව විද්‍යාලයකදී , පාසලේදී විශය බාහිර ක්‍රියාකාරකම් සිදු නොකල අය පවා එවන් දේ සිදුකිරීමට පෙළඹේ.

පාසැල් කාලය තුලදී සිසුවෙක් "පාසල් ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වනු ලබන අතර පාසැල් හැර යාමෙන් පසු විශේෂ නමකින් හඳුන්වනු නො‍ලැබේ.
විශ්ව විද්‍යාලය කාලය තුලදී සිසුවෙක් "විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්" ලෙස හඳුන්වන අතර විශ්ව විද්‍යාලයෙන් ඉවත්වූ පසු "උපාධිධරයෙක්" ලෙස හඳුන්වයි.

පාසැලකදී පහසුකම් ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්ගෙන් කිසිවක් ආපසු ලබා නොගනී.
විශ්ව විද්‍යාල‍යේදී අධ්‍යයන ගාස්තු ගෙවිය යුතු අතර ඉවත්ව යාමේදී සිසුන්වෙත නිකුත් කර ඇති හැඳුනුම්පත්,පුස්තකාල අවසර පත්, වැනිදේ අනිවාර්යෙන්ම ලබා දිය යුතු අතර නැතහොත් උපාධි සහතිකය වාරණය කෙරේ.

පාසල් සිසුන්, වැඩ වර්ජන,උද්ඝෝෂණ සිදුනොකලත් ගුරුවරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ සිදු කරති.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,අචාර්යවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල යන මුළු පිරිසම අඩු වැඩි වශයෙන් උද්ඝෝෂණ වල නියැලෙති.
(මේ නිසා අතිරේක නිවාඩු වාර හිමිවේ.ඒවාට අනුව අනෙක් නිවාඩු කප්පාදු කෙරේ.)

පාසැල් අධ්‍යයන කාලය උපරිම වසර 13ක් වන අතර එය විවිධ හේතූන් මත විචලනය වීම ඉතාම අඩුය.(උපරිම මාසයක් පමණවේ.)
විශ්ව විද්‍යාල අධ්‍යයන කාලය අදාල උපාධිය අනුව 3ක් 4ක් 5ක් විය හැකි නමුත් එය විචලනය වීමේ කාල සීමාවක් කිව නොහැක(සතියක සිට වසරක් පමණ වුවද විය හැක.)

පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු සුදුසුකම් අනුව විශ්ව විද්‍යාලයකට ඇතුල් විය හැකිය.
විශ්ව විද්‍යාල අධාපනය ලැබීමෙන් පසු යායුතු ස්ථිර තැනක් නොමැත.(මහ පාරේ සිට සීත කාමරයක් සැප පහසු රැකියාවක් දක්වා පුළුල් පරාසයක් ඇත.)

=====================================================
*හුදෙක් විනෝදය සඳහා ලියන ලද්දකි........
**දැනට විශ්ව විද්‍යාලයට ගිහින් ඉන්න අය තව අදහස් දෙන්න.කියවන හැමෝමත් මොනවා හරි පහලින් වියලා යන්න
***යන්න ඉන්න අය මේක දැකලා බයවෙන්න එපා....විශ්ව විද්‍යාලයක් ඇතුලේ ඇත්තමට කිව්වොත් හරිම විනෝදයි..... :)

14 comments:

  1. හොඳටම දන්නා දෙයක් වුනත් රසවත්ව ලියල තියෙනවා.

    ReplyDelete
  2. කියන්න තියෙන සේරම දේවල් ටික මල්ලි කියලා තියෙනවා ඒ නිසා මට නම් කියන්න දෙයක් නෑ. නියම ලිපියක්

    පාසලක ප්‍රධානියා විදුහල්පති වන අතර විශ්ව විද්‍යාලයක ප්‍රධානියා උප කුලපති වේ.

    ReplyDelete
  3. මරු මරු... හොද වචාරයක්.. :D

    අර්ධ පෞද්ගලික, පූර්ණ පෞද්ගලික විශ්ව විද්‍යාල සදහා මේ තත්වය සමහර තැන් වල වෙනස් වෙයි. උදා - පුස්තකාල පොත් සදහා දඩය 200% පමණ හෝ ඊටත් වඩා මෙහි සදහන් මිලට වැඩිවෙයි, 80% කලාතුරකින් බලපාන අතර ලෙක්චරර් ව ශේප් කර ගත හැකි නම් විභාගය ලිවිය හැකිය..

    මේ වගේ තව ටිකක් ඇත.. :D :D :D

    ReplyDelete
  4. meke melo point ekak nane,bagayk wikara :P

    ReplyDelete
  5. හරිම වැදගත් ලිපියක් යාලුවා.. එකිනෙක අතර වෙනස හොදට පහදලා දීලා තියෙනවා...

    ReplyDelete
  6. @දිනේෂ් අයියා - ගොඩක් ස්තූතියි අයියේ අදහසට...මට නිකම් හිතට ආපු ටික ලියලා දැම්මා..හික්ස්...

    @ඇනෝ - කිසි අවුලක් නෑ මචං....මම පළවෙනි තරුවෙන් කියලා තියෙනවනේ හුදෙක් විනෝදය උදෙසා ලියන ලද්දකි කියලා...මේක විවේචනයක්වත් සංසන්දනය කිරීමක් උදෙසාවත් ලියපු එකක් නෙමේ...ආයෙමත් ඇවිත් යන්න...

    @සුපර් මාරියෝ - මගේ අම්මෝ...එච්චර පත දඩයක් ගහනවද ප්‍රයිවට් ඒවගේ......‍
    "අදාල විශය භාර ආචාර්යවරයා අනුව තත්වය වෙනස් විය හැක." කියලා මම ලියලා තියෙනවනේ....ඒක අවුලක් නෑ නේද?
    ස්තූතියි!යාළුවා අදහස්වලට.

    @මධුරංග අයියා - හි...හි....අන්න අමතක වෙච්ච දෙයක්...තැන්ක්‍යු අයියා මතක් කරලා දුන්නට....

    @බින්දි - ගොඩක් ස්තූතියි අදහසට සහෝ.....

    ReplyDelete
  7. හෙ හෙ පට්ටයි...අපිත් ඔන්න දැනගත්තා... :)
    කැමතිනම් අපේ පැත්තෙත් ඇවිල්ල ෆලෝ පාරක් දාන්න
    http://chaterkolla.blogspot.cඔම්/

    ආ..තව එකක් තියෙනව නේ..
    පාසල් වල ලව් කරන්නෙ හොරෙන්
    කැම්පස් වල ප්‍රසිද්දියෙ :ඩී

    ReplyDelete
  8. හෙ..හේ.. බයත් නොහිතුනා නෙවේ.. :)

    ReplyDelete
  9. @චාටර් කොල්ලා - ඔන්න මචං මමත් ඒ පැත්තේ ගියා...එල...දිගටම ඇවිත් යන්න වරෙන්....උ‍ඹෙ අදහසත් පට්ට ලව් කරන එක ගැන...හික්ස්...

    @ප්‍රාර්ථනා - ගොඩක් ස්තූතියි නංගි කමෙන්ටුවට....බය වෙන්ට ඕනෙම නෑ...

    @සිතුවිලි නිහඬයි ‍- ගොඩක් ස්තූතියි අදහසට....ආයෙන් එන්න...

    ReplyDelete
  10. නියමයි... අනිත් හැමදේටම එකඟ වෙන්න පුලුවන් පුස්තකාල පරිහරණය ගැන න එකඟ වෙන්න බෑ. university එකේදි දඩ නොගෙවා බේරෙන්නත් ක්‍රම සහ විධි තියනවා. අපි නම් කරන්නෙ හොඳම යාලුවා අතේ පොත යවන එක. (අනුන්ගෙන් දඩ ගන්න එක තාම පටන් අරන් නැත.) වැඩි දෙනෙක් එහෙම වැඩ නොකරන නිසාද කොහෙද අපිට නම් තාම දඩ ගෙවන්න උනේ නෑ.

    ReplyDelete
  11. @හංසි - අපේ පීඨ පුස්තකාලයේදී දැන් අමාරුයි ඒ වැඩේ කරන්න....පුස්තකාලය ඩිජිටල්කරණය කරලා තියෙන්නේ...ලයිබ්‍රරි කාඩ් වෙනුවට අපේ හැඳුනුම්පතේ බා‍ර්කෝඩ් එක තමා පාවිච්චි කරන්නේ....ඒ හින්දා දවසක් පැන්නත් පෙන්නනවා.... දුක තමා.....ප්‍රධාන පුස්තකාලෙ තත්වය නම් තාම පරණ විදියම තමා....ඒකෙදි නම් බේරෙන්න පුළුවන් ඇති....

    ReplyDelete
  12. මම නම් ඔය පැත්ත පළාතේ යන්න ඉන්න එනෙක් නෙමේ.ඒත් මට හිතුන ඔකේ ඉන්න හුගදෙනෙක් ස්ට්‍රික් කරන්නේ ත් කැමති නිවාඩු වැඩි කරන් ඉගැනුවේ නැ කියල විබාග ලෙසිකරන්නයි.උපාදිය බල කරලා රස්සා හොයා ගන්නයි වගේ අදහස.නැත්තන් ඔච්චර ඇයි පාරවල් වල කෑගහන්නේ.මේ වගේ මෝඩ අදහසක් ගැන ඔයාලා ඔකද හිතන්නේ?

    ReplyDelete
  13. ""විශ්ව විද්‍යාලයක දෛනිකව සෑම දේශනවාරයකදීම පැමිණීම සටහන් කළ යුතුය(අත්සන් ගැසීමට කොළයක් එවන හෙයින් තමා නොපැමිණ අත්සන පමණක් එවීම වුවද ප්‍රමාණවත් වේ.""
    මේක නම් සිරා සීන් ඒක බං..

    ""විශ්ව විද්‍යාලයවල සෑම විශයකටම 80% සහභාගීත්වය අනිවාර්යවේ.නොඑසේනම් එම විශයට අදාල විභාග ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට අවස්ථාව නොලැබේ(අදාල විශය භාර ආචාර්යවරයා අනුව තත්වය වෙනස් විය හැක.)""
    ඒ වගේම මෙන්න මේක තමා බං කැම්පස් වල තියන චාටර් ම සීන් එක.අනිත් ඒවගේ කොහොමද දන්නේ නැ. අපේ එකේ නම් චෝරයටම බලනවා.
    මොනා උනත් එල පොස්ට් එක බං ජයවේවා .


    ***
    http://magelokaya-dil.blogspot.com/2013/09/blog-post_4924.html
    මේ තියෙන්නේ මම දකින විදියට 80% වගේම අනිත් ඒවා ගැන දාපු පොස්ට් එකක්.. කියවලා බලහන්.

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....