Thursday, June 16, 2011

යතුරු පැදි ධාවනය......


සාමාන්‍යයෙන් අපේ අය එක එක වර්ගයේ වාහන වලට ආසයි නේ....

ගොඩක් අය කාර් වලට.

සමහරු ජීප්,පැජරෝ, වගේ ඒවට.

තවත් සමහරු 18 වීල්ස්, ප්‍රයිම් මූවර් ට්‍රක් වගේ තරමක් සද්ධන්ත වාහන වලට.

තව සෙට් එකක් දුම්රිය වලට.

වෙනම සෙට් එකක් අපි ගොඩබිම යන වාහන වලට ආසා නෑ කියලා නැව්,ගුවන් යානා වගේ ඒවටත් කැමැත්ත දක්වනවා.

ඔය මොන කතන්දර කිව්ව‍ත් දුප්පතාගේ වාහනේ විදියට නම් දරපු බයිසිකලේට ගොඩක් අය ආසයි.

බයිසිකලේ කිව්වම ඉතින් නාන විද බයිසිකල් තියෙනවනේ....සිංහලෙන් කිව්වොත් ප්‍රධාන වශයෙන් යතුරු පැදි, පාපැදි.(වැඩි දුර විස්තර සඳහා විකිපීඩියා සරණයි ඕං)

අපේ ගෙවල් පැත්තේ සාමාන්‍යයෙන් මොන වාහනේ නැතත් හැම ගෙදරකම තියෙන අනිවාර්ය අංගයක් තමා බයිසිකලේ....බයිසිකලයක් නැත්තම් ඒක ගෙදරක් නෙමේ වගේ තමා.ඒ වගේම තමා ගෑණු පිරිමි කියලා බේදයක් නෑ.හැමකෙනාටම අපූරුවට බයිසිකල් පදින්න පුළුවන්.මොකද මේ පැත්තේ රෝද 4 වාහන වලින් යන්න පුළුවන් පාරවල් අඩුයිනේ.(‍ෆෝ වීල් ඩ්‍රයිවින් තියෙන වාහනයක් නම් එච්චරම අවුලක් නෑ.)ලේසිම වාහනේ තමා බයිසිකලේ.කොහොමහරි මං තුමාටත් අපරා‍දේ කියන්න බෑ එළකිරි වගේ බයිසිකල් පදින්න පුළුවන්....

ඊළඟට බයිසිකල් එක්ක බැඳුන වචනේ තමා අනතුරු කියන එක.සාමාන්‍යයෙන් ලෝ‍කේ තියෙන අනතුරුදායක වාහන වලින් එකක් තමා බයිසිකලේ.මොකද ගිහින් කොහේ හරි වැදුනොත් 4 හන්දි පූට්ටු වෙනවා මාස ගානක් පත්තු බඳින්න.ඒ හින්දා සාමාන්‍යයෙන් බයිසිකලයක් පදිද්දී(මෝටර් සයිකලයක්) දිග කලිසමක්,හෙල්මට් එකක් එහෙම නැත්තම් හිස් ආවරණයක් පාවිච්චි කරනවා නම් හොඳයි.තව දෙයක් ගෑණු දැරිවියෙක් එහෙම බයිසිකලේ පිටි පස්සේ ඉන්දගෙන යනව නම් කරුණාකරලා සායක් එහෙම ඇඳලා ඉන්නවන නම් හොඳට අකුලලා අල්ල ගන්න කියන්න.නැත්තම් ඒක රෝදයක් අස්සේ වත් ගියොත් දෙන්නම පාර මැද්දේ දොයි තමා.

කොහොම හරි මෝටර් සයිකලේ හින්දා මට වෙච්චි අකරතැබ්බ කීපයක් තමා මං මේ කියන්න යන්නේ.

පළවෙනි අකරතැබ්බේ වුනේ මම බයිසිකල් පදින්න පුරුදු වෙච්චි දවස්වල.ලයිසොමක්වත් නෑ.මෝටර් බයික් එක පදින්න තියෙන ආසාවට උදේ පාන්දර නැගිටලා කි.මී 10ක විතර රවුමක් ගහලා එනවා.මේ දවස්වල අප්පච්චි වැඩ කරේ පොළොන්නරුවේ හින්දා සතියේ දවස්වල බයිසිකලේ මගේ වගේ තමා.අපේ ගෙවල් පැත්තේ පොලිස් මාමලත් අඩු හින්දා වැඩිය බය වෙන්න දේකුත් නෑ.මම කලිනුත් කිව්වනේ අපේ ගෙවල් පැත්තේ පාරවල් හරි ලස්සනයි කියලා.කොළඹ හතට වඩා හොඳයි.පාර නිකම් දිය රැල්ලක් ‍වගේ...හරිම ඉස්මූත්.වැඩිය ඕනේ නෑ පුංචිත්තන් අලි පැට්ටෙක්ව ශෝයි එකේ නාවන්න පුළුවන්....මං තුමා ඉතින් උදේ පාන්දරම බයිසිකලේ අරන් පාරට බැහැලා ‍‍පොඩි රෝන්දයක් දාලා ආපහු එන්න පිටත් වුනා.පිටත් වෙලා එද්දී.පාරේ වැලමිටි වංගුවක් තියෙන තැනක් තියෙනවා.එතන සාමාන්‍යයෙන් පොඩි වලක් දෙකක් තියෙනවා.බොහොම පරිස්සමට බයිසිකලේ පැදපු මම ඔතනදී වේගේ ටිකක් අඩු කරලා වංගුව හැරෙව්වා.

පළවෙනි වල සාර්ථකව පහු කරා.

දෙවෙනි වලත් සාර්ථකව පහු කරා.

මුන්ගේ ආච්චිලාට හාල් ගරන්න මොකෙක්දෝ එකෙක් පාර මැද කාණුවක් කපලා.

දඩිං බිඩිං ඩෝන්....මම ඉතා කැමැත්තෙන් මහ පොළොව සිප ගත්තා.හොඳ වෙලාවට හෙල්මට් එකක් දාලා හිටපු හින්දා ඔළුව බේරුණා.ජර්කින් එකටයි කළිසමටයි පින් සිද්ධවෙන්න යන්තම් හීරීම් දෙකකින් ගොඩ ගියා.
දැන් ඉතින් මොනා කරන්නද?බයිසිකලෙත් කෙලින් කරගෙන යන්නම් ගෙදර ගියා.ගෙදර ගියා විතරයි මෙන්න බොලේ අම්මා ඉන්නවා දොර ළඟට වෙලා මූණ තෙල් තාච්චියක් කරගෙන.

"මොනවා කරන්න ගිහින්ද බයිසිකලෙන් වැටුනේ.මේ තාත්තලා පුතාල ඔක්කෝටම පිස්සු.වයසට වඩා වැඩ කරන්න යනවා....බ්ලා බ්ලා....."

ඕකට කියන්නේ ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනවා කියලා.

මං හැබැයි ෆුල් අන්දුස්."ය‍කෝ ගෙදර එන්න කලින් අම්මට කොහෙන්ද මැසේජ් එක ආවේ."

මගේ අවාසනාවටද වාසනාවටද දන්නෑ අපේ අම්මයි අප්පච්චි ඒ දෙන්නගේ වෘත්තිය(ඉංජිනේරු සහකාරවරු) හින්දා ළඟපාත ගම් වල හැමෝම දන්නවා.ඒ අය මාර්ගයෙන් මායි මගේමල්ලි කාගේ කවුද කියලා අපිට වඩා වටේ පිටේ මිනිස්සු දන්නවා.මොනා කරන්නද?මං වැටිච්ච වෙලේ ඒ ළඟ පාත හිටපු මනුස්සයෙක් ගෙදරට දැනුම් දීලා....

ඊළඟ කතන්දරේ හෙට දිහාට පළ කරන්නම්කෝ...නැත්තම් මේක දිග වැඩි වෙයි වගේ....

ප/ලි - මේ සිද්ධියෙන් මං නියම පාඩමක් ඉගන ගත්තා.ඒ තමා ගමේ ඉන්න කොට ගෙදරට හොරෙන් මොකක් හරි ජිල්මාර්ට් එකක් දානවනම් සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ කියලා.මොකද ගෙදරට රි‍පෝට් එක යනවනේ.අදටත් මේක වලංගුයි.... :P

7 comments:

  1. හෙහ් හෙහ් ! මෝටැ් සයිකල් නම් පොඩ්ඩ වැරදුනොත් සොරි තමා. මටත් පහුගිය මාසෙක ඔහොම ආතල් එකක් වුනා. මෙතනින් කියවලා බලන්නකෝ...

    ReplyDelete
  2. බයිසිකල් පැදලා වැටුන නැති කෙනෙක් හොයාගන්නවත් පුළුවන්ද?? හැමෝම වැටිලා කොහේ හරි තුවාල කරන් තියෙනවා..

    ReplyDelete
  3. මම බැලුවේ මට මේ කතාව මග ඇරුනේ කොහොමද කියලා.කමක් නෑ දැන් කියවන්න ලැබුනනේ.

    මොටර් සයිකල් වලින් නම් ටිකක් අනතුරු වෙනවා තමයි. ඒකට පරිස්සම තමා වැඩියෙන්ම වැදගත් වෙන්නේ. හොද වෙලාවට මල්ලි හෙල්මට් එහෙම දාලා හිටියේ. නැත්නම් ඉතින් ඔලුව ගලක එහෙම වදින්න තිබ්බා.

    මල්ලිගේ කතාව හරි. අපේ ගමෙත් ඔහොම තමා. අපි මොකක් හරි වැරැද්දක් කලාම ඒකේ විස්තර ටික අපි ගෙදරට එන්න කලින්ම ගෙදරට යනවා. ක්ෂණික පුවත් සේවයක් !!!!

    ReplyDelete
  4. @චතුරංග - කියෙව්වා කියෙව්වා....ඕනවට වඩා සත්ව කරුණාව පාන්න ගියොත් ඇබැද්දී ගොඩයි බං....

    @දිනේශ් අයියා - අනිවාර්යෙන්ම අයියේ....හැම එකාම පොළොව ඉඹලා තියෙනවා එක පාරක් හරි බයිසිකල් පදින්න ගිහින්

    @මධුරංග අයියා- වෙලාව තමයි අයියා....හිහි ඒ කියන්නේ මං වගේ තව අවාසනාවන්තයෙක් ඉන්නවා ගෙදරට හොරෙන් ජිල්මාට් එකක් කරන්න බැරි....

    ReplyDelete
  5. මගෙත් මනාපෙ මොටෝ සයිකල් වලට තමා. ඊට අමතරව ත්‍රීවීලර් වලටත් අම්බානක මනාපයි. අනුංගෙ සයිකල් බරගානක් පැදල වෙච්චි ඇක්සිඩන්ට් ප්‍රමානය සලකා බලපු මගෙ තාත්ත, මම මගෙම කියල AX1 එකක් ගන්න යද්දි "උඹ ඕක අරගෙන ගෙදර නං එන්න එපා" කිවුව . . . . අන්තිමේදි ගත්ත බජාජ් කැලිබර් ක්‍රෝමා එකක්. ඒකට මම නමකුත් දැම්ම "කොල්ල" කියල . . මොකද 2003 ඉඳල අද වෙනකං මගෙ හැම අව්ලං ගමනක්ම මගෙත් එක්ක යන්න එනවනෙ . . . .

    ප.ලි.
    මගෙ හාමිනේගෙ එකම වාහන ආසාව තමයි . . .අඩි 20, අඩි 40 ට්‍රේලර් දෙකක් එක්ක ප්‍රයිම් මූවරයක් ගන්න එක.

    ReplyDelete
  6. @පංසල් හන්දිය - හි....හි....ඒත් අයියා බයිසිකලේ අතාරින්න හිතෙන්නේ නෑ...පට්ට වාහනේ

    @ඕනයා - අනිවා ස‍හෝදරයා(අයියද/මචංද/මල්ලිද කියලා දන්නැති හින්දා) බජාජ් කැලිබරෙත් මරු....අපේ අයියා කෙනෙක්ගේ එකක් මම පැද්දා...පට්ට...ප්‍රයිම් මුවර් එකක් මොකටද බං?ගෙදරක් නැතුව ඒකද ගන්න යන්නේ....හික්ස්

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....