Friday, April 22, 2011

"කොයි රෝදෙද හුලං බැස්සේ?"

මේක මං පත්තරේක තිබිලා අහපු කතන්දරයක්.....කව්රු හරි කෙනෙක් මට කලින් මේ කතාව ලියලා තියෙනවා නම් ඉතින් කියවන ඈයෝ මට සමාවෙන්ට ඕනේ.පරණ කතා‍වක් ආපහු කිව්වට...

ලෝකේ තියෙන ඕනෙම විශ්ව විද්‍යාලකෙ වාරාවසාන හෝ වසරාවසාන විභාග පැවැත්වෙනවනේ...සමහරු නම් ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් පාඩම් කරලා විභාගෙ ලියන්න යනවා...තවත් සමහරු මාස හෝ සති දෙක තුනක් පාඩම් කරලා විභාගෙට යනවා...තවත් සමහරු විභාගෙ හෙට කියලා අද පාඩම් කරලා ලියන්න යනවා...දැන් ඔය වි.වි මානව මානවිකාවෝ තමන් අයිති මොන වර්ගයටද කියලා හෙමින් සීරුවේ තේරුම් බේරුම් කරගන්නකෝ.(මංතුමානම් ඔය දෙවෙනි වර්ගෙට තමා අයිති වෙන්නේ.)

දැන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ ඔය වගේ විශ්ව විද්‍යාලයක විභාගයක් ලියන්න යන ශිෂ‍්‍යයෝ 4 දෙනෙක්.දැන ඹන්න මේ හ‍තර දෙනා අද තියෙන ප්‍රශ්න පත්තරේට කලින් දවසේ පාඩම් කරලා යනවා විභාගේ ලියන්න.යන්නේ කාර් එකක.(කාර් වලට කැමති නැත්තම් රෝද 4ක් තියෙන වාහනයක කියන්නම් කෝ.)දැන් ‍මේ ඈයොන්ට මුහුණදෙන්න තියෙන විශය ඉතාමත් අමාරු විශයක්.ඒ හින්දා මේ 4 දෙනා හිතලම පරක්කුවෙලා යනවා විභාග ශාලාවට.4 දෙනා විභාග ශාලාවට එනකොට විභාගේ පටන් අරන්.දැන් ඉතින් 4 දෙනාම ගියා විශය භාර ගුරුතුමා(සිංහලෙන් කියනවා Lecturer කියලා) හමුවට.ගිහින් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

"සර්.අපි එනකොට අතර මගදී අපේ වාහනේ රෝදෙක හුලං බැස්සා.ඒක හදාගෙන එනකොට පරක්කු වුණා..."

ගුරුතුමාත් සානුකම්පිතව කාරණේ දිහා බලලා මේ 4දෙනාට කිව්වලු
"හරි දැන් අද ඔයාලට විභාගේ ලියන්න බෑනේ.තව සතියකින් මේ වෙලාවටම ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියන්න එන්න" කියලා....

4 දෙනාට මාරම හැපි.දව‍සකින් බලා ගන්න බැරි වෙච්චි විශය සතියක් තිස්සේ පා‍ඩම් කරලා කජු කනවා වගේ ලියන්න පුළුවන් ගානට ලෑස්තිවෙලා කට්ටිය ගියාලු විභාග ශාලාවට.

එතනදී ශාලාධිපතිතුමා මේ හතර දෙනාව දැම්මලු වෙන වෙනම කාමර 4කට.දාලා ඉවර වෙලා ප්‍රශ්න පත්තරේ බෙදුවලු....

ප්‍රශ්න පත්තරේ තිබ්බේ එක ප්‍රශ්නයයි.

"හුලං බැස්ස රෝදය කුමක්ද?(රියදුරුට සාපේක්ෂව)"
1-ඉදිරිපස වම
2-ඉදිරිපස දකුණ
3-පසුපස වම
4-පසුපස දකුණ

10 comments:

  1. ඒ විභාහගය ලියන්න පොරවල් හතර දෙනා පාඩම් කරේ නැතුව ඇතී .

    ReplyDelete
  2. මම් ඕක අහල තියනව නියම කතාව

    ReplyDelete
  3. මං නං ලියනවා -ඔය වගේ ට්‍රිවියල් දේවල් මගේ මතකයේ තියා ගන්නේ නෑ. එය විෂයය කරුණු සහ සිද්ධාන්ත වලින් පිරී ඇත කියලා!

    ReplyDelete
  4. @කතන්දර , එහෙම උත්තරයක්‌ ලියන්න ඉඩක් නැහැ නේ ... මේක බහු වරණ නේ ......

    මේක Game Theory එක මුල් කරගත්ත කතාවක් .... http://en.wikipedia.org/wiki/Prisoner's_dilemma

    ReplyDelete
  5. හුටා දං ඉතිං ලියහල්ලකො උත්තර....

    ReplyDelete
  6. @හිස් අහස-පාඩමි කරාට වැඩක් නෑනේ බං....

    @නදී- :)

    @කකා-බහුවරණ පේපර් එකකට එහෙම උත්තරයක් දෙන්න බෑනේ සහෝදරයා....

    @ලියෝ-ස්තූතියි ලින්ක් එකට

    @චන්දික-ලියන්න ලියන්න කොහොම හරි....

    ReplyDelete
  7. @ Leo Sadeepa
    @ මකුළුවා......

    ඇයි මොකද බැරි?

    දීල තියෙන උත්තර වලින් එකක්ම තෝරන්නේ ඇයි. රාමුවෙන් පිට (බියොන්ඩ් ෆ්‍රේම්) හිතන්න. නැතිනං දියුණුවක් නෑ. සෙක්කුව වටේ කැරකි-කැරකී ඉන්න විතරයි තියෙන්නේ.

    පවතින රාමුවට චැලේන්ජ් කර ජීවිතර අර්ථාන්විත කරගන්න.

    මැතිවරණ, ජනාධිපතිවරණ වලදී වුනත්, ඉහත එක් අයෙකුටවත් මා කැමති නැත කියලා ප්‍රතිචාරයක් දෙන්න අයිතියක් තියෙන්න ඕනෑ.

    ReplyDelete
  8. @කකා-හ්මි ඒ කතාවත් ඇත්ත තමයි.......

    ReplyDelete
  9. පිස්සු හැදෙන සඳ කිව්වාලු. ලියාපල්ලකෝ උත්තර. නියම කතාව ලොක්කා. අර මුලින් කිව්ව කාණ්ඩ දෙකෙන් මාව අන්තිම දෙකටම දාගන්න පුලුවන් :))

    කසූ : "ජනාධිපතිවරණ වලදී වුනත්, ඉහත එක් අයෙකුටවත් මා කැමති නැත කියලා ප්‍රතිචාරයක් දෙන්න අයිතියක් තියෙන්න ඕනෑ."

    ඒ කතාව හොඳයි ඒත් හුටපට නේද? අන්තිමට කිසිම අපේක්ෂකයෙක්ට 50% ට වඩා ඡන්ද නැතිවුණොත් පුස්න නේද ???

    ReplyDelete
  10. @ Hasitha

    සියයට 50 ක් ගන්න බැරි කෙනෙක් ඇයි ජනාධිපති වෙන්නේ? එක අපේක්‍ෂකයෙක් හිටියත් ඡන්දය තියන්න ඕනෑ. එයාට 50%ක් නැත්තං පරාදයි.

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....