Sunday, March 20, 2011

සමාව ඉල්ලීම පිණිසයි........



මම ලිව්වා....ලියන්න හිතුණ හැමදේම ලිව්වා....කවදාවත් දැකලා නැති සහෝදර සහෝදරියන් පිරිසක් අදහස් දැක්වූවා....මාව ලියන්න පෙළඹෙව්වා...ඉතින් මම තවත තවත් ලිව්වා....නමුත් එක දවසකදී මගේ සමීපතයෝ පිරිසක් මාව අඳුර ගත්තා....ඒ බ්ලොග් අවකාශයේ අය නෙමේ...හැබෑ ලෝකේ එදිනෙදා දකින අය....ඒ මගේ අතින් ඔවුන් පිළිබඳ වැරදි අදහසක් පාඨකයන් අතර ඇතිවෙන පරිදි ලියූ සටහනක් හේතුවෙන්.....ඉතින් ඔවුන්ගේ අදහස් ඉදිරියේ, මං ලියනවද නැද්ද කියන දේ පිළිබඳ මං දෙපාරක් හිතුවා....මුලින් තීරණය කලේ නොලියා ඉන්න...නමුත් මේක කියවන අය....ඒ අයට අඩුවක් දැනෙයිද?ඒක කියන්න බෑ....මොකද මං ඇරුණම තවත ගොඩක් බ්ලොග් ලියන ඈයෝ ඉන්නවනේ...මං නිකම්ම නිකම් අංශුවක් විතරයි....

නමුත්........

පෙරේදා දවසක සඳරූ සහෝදරයා මගේ අවසාන ලිපියේ අදහසක් පළ කරලා තිබ්බා.."මොනවා හරි ලියපන් මචං" කියලා.....ඒ කියන්නේ මං ලියන තුරු කවුරු හරි කෙනෙක් බලා ගෙන ඉන්නවා.....ඉතින් මං ආපහු ලියන්න තීරණය කරා...

ඉතින් ආයෙමත් මකුළුවා විසින් දැල වියන්න පටන් ගනියි.......හැමෝම බලන්න....කියවන්න....අදහසක් දෙකක් පළ කරන්න....
අවසාන වශයෙන් මාව දැනට හඳුනාගෙන තියෙන යාළුවන්ගෙන් මම පොඩිදෙයක් ඉල්ලා සිටින්න ඕනේ.
යාළුවනේ,වෙච්ච දේට මම ඔයාලගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා.ඉතින් මෙතනදීත් මම ආයේ පාරක් කියන්නේ "මට සමාවෙන්න".....

මගේ පාඨක පිරිසට මම මේ කියන්නේ.....ප්‍රමාද වීම පිළිබඳවත් මට සමාවෙන්න ඕනේ........

12 comments:

  1. කාගෙන් අහලද බං උඹ ලියන එක නැවැත්තුවේ... ලියපං ලියපං.. අපිත් මේවා කියවනවා.... :D

    ReplyDelete
  2. ඔන්න එහෙනම් සමාව දුන්නා.. :P
    දැන් ඉතින් දිගටම ලියමු.... :D :D

    ReplyDelete
  3. වැරදි වේන්නේ මිනිස්සුන්ටනේ බං . යාළුවෝ කියන්නේ වරදට සමාව දෙන මිනිස්සුන්ට .

    තව දෙයක් ! උඹ බ්ලොග් එකක් කරනවා නම් . තමන්ගේ ලඟපාත ඉන්න කිසිම කෙනෙකුට ඒ ගැන කියන්න එපා ! දුරක ඉන්න කවදාකවත් දැකලා නැති කෙනෙකුට කියනවාට වඩා ඒක ආරක්‍ෂිතයි බං !

    දැං ඉතින් ඔන්න ඔවුව අල්ලලා දාලා හිතට වදින්න මොනවා හරි ලියපං . දැං අපි එනවා . තව මාස කීපයකින් තව තව අය එයි . උඹේ ලස්සන පෝස්ට් පෙන්නලා එන අයව මේ මකුලු දැලේ පටලවලම තියාගනිං . ආයේ යන්න දෙන්න එපා !

    ReplyDelete
  4. පිස්සුද මචෝ(ද මන්ද?) බ්ලොග් ලිවිල්ල අත අරින්න එපා.අපේ උන් අයියලා මල්ලිලා අක්කලා නංගිලා වගේ මේකෙන් බැඳිලා ඉන්නවා...දිගටම ලියමු.
    මට මතක හැටියට මම මේ බ්ලොග් එක පැත්තේ ආපු මුල්ම වතාවද කොහෙද...කමක් නෑ.මට දිගටම මේ බ්ලොග් එක කියවන්න චාන්ස් එකක් දීපන්...

    ReplyDelete
  5. දිගටම ලියන්න මකුලුවෝ., ඔන්න මේ සැරේ සමාව දුන්නා...ආයේ යන්න එපා ...ලියන්න..ලියන්න..

    ReplyDelete
  6. කවුද අප්පා වැරදි නොකරන්නේ.

    හිතලා එකම වැරද්ද ආයේ ආයේ කරනවනම් තමයි ඔන්න ලොකුම වරැද්ද. .

    ඒක නිසා කලින් වුනු වැරැද්දට සමාවත් ඉල්ලපු එකේ ආයේ දිගටම ලියන්න . .

    ජය

    ReplyDelete
  7. මම බ්ලොග් ලියන්නේ නෑ.. කියවනවා විතරයි. උදව්වක් විදියට කමෙන්ට් එකක් දාලා යනවා යමක් ඒකෙන් ගත්තොත්...

    ReplyDelete
  8. පිස්සු නැතුව ආපහු ලියන්න මකුළුවෝ... අපි ඔක්ක්කොම බලනවනේ...

    ReplyDelete
  9. හැමෝටම හරියන්න බ්ලොග් ලියන්න ගියොත් මලයෝ නොලිය ඉන්න වෙන්නේ ! ඔන්න ඔහේ ලියන එකයි ඇත්තේ වදින තැනකට වැදුනාවේ කියල..

    ReplyDelete
  10. නිදහසේ බ්ලොග් ලියන්න බැරි එක නම් පුදුම කරුමයක් තමා අයියා.. ඔයා කියන්නේ නම් ඒ වගේ දෙයක් ගැන නෙවේ වෙන්නැති..

    ReplyDelete
  11. ලොක්කා නිර්නාමිකව ඉදලත් ප්‍රශ්නද ??? මම නාමිකව ඉදලත් ප්‍රශ්න ඒ වුණත් වැඩිය හිතන්න යන්නේ නැහැ. එච්චරයි.

    ඒ වගේම වැඩක් පටන් ගන්නවාටත් වඩා අමාරුයි ඒක කරගෙන යන එක. ඒක අභියෝගයක්. ඒකට එලකිරි වගේම මූණ දෙන්න අපිත් එන්නම් සප් එකට :)

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....