Thursday, February 3, 2011

සෙනසුරුගේ අපල කිරීම - I

මේක මම ඉස්කෝලෙ යන කාලෙ අහපු කතන්දරයක්....බාග වෙලාවට කතන්දර උන්නැහේ මේ ගැන ලියලා තියෙනවද දන්නෙත් නෑ.හැබැයි මම නම් උන්නැහේගේ කතා ගො‍ඩේ මේක කතාව ගැන දැක්කේ නෑ....බැරි වෙලාවත් ලියවිලා තියේ නම් සමාව භජනය කරන්න ඕනේ.....(කොහොමත් හොඳ කතාවක් ලිව්වොත් ඉතින් කතන්දර උන්නැහේම තමා.අපිට ඒ අහලටවත් කිට්ටුවෙන්න බෑ....නියම හැකියාවක්....)

මෙන්න මේකයි කතන්දරේ..........

කවුරු කවුරුත් කේන්දරේ ගැන,ග්‍රහචාරේ ගැන අහලා ඇතිනේ.....(පෞද්ගලිකව මම නම් ඕව විශ්වාස කරන්නේ නෑ)දන්නේ නැත්නම් මම කතාවට අදාල වෙන විස්තර ගැන ‍ඇබින්දක් කියන්නම්.....
නක්ෂත්‍රයට අනුව ප්‍රධාන ග්‍රහයෝ නව දෙනෙක් ඉන්නවා.....බුධ,රවි,චන්ද්‍ර,කුජ,රාහු,ගුරු,ශනි,කේතු,සිකුරු (පිළිවෙලනම් හරියට මතක නෑ.)මේ එක එක ග්‍රහයා එක එක රාජකාරි වලට දස්සයේ....උදාහරණයක් විදියට සිකුරු කියන්නේ ආදර සම්බන්ධතා වලට අධිපතියා...ගුරු කියන්නේ මම දන්න තරමින් අධ්‍යාපන කටයුතු ආදියට හේතුවන ග්‍රහයා(වැරදිනම් නිවැරදි කරන්න.මේ ගැන විස්තර "මීදුම" තුලින් කියවන්නකෝ....)....ඔය අතරේ රාහු සහ ශනි (එහෙමත් නැත්තම් සෙනසුරු) කියන්නේ ජීවිතවලට බාල්දි පෙරලන ග්‍රහයෝ දෙන්නා.සරලව කිව්වොත් අපල කරන ග්‍රහයෝ දෙන්නා.කට්ටිය අහලා ඇතිනේ හිටපු ගමන් කියනවා "හිඟන්නගේ පාත්තරේට හෙනහුරා පාත්වුනා වගේ" කියලා....ඒ වගේම ඔය අහක යන තොප්පියක් ඔළුවට වැටුනමත් කියවෙන්නේ "මේ මොන හෙනහුරෙක් ද කඩාපාත් වුණේ කියලා" නෙවැ....ඒකෙන්ම තේරෙනවනේ ශනි,සෙනසුරු එහෙමත් නැත්තම් කට වහරේ එන හෙනහුරා කියන්නේ කොහොම ග්‍රහයෙක්ද කියලා..මේ හැම ග්‍රහයෙක්ම දෙවියෙක් විදියට තමා දේව සංකල්ප වලට අනුව විස්තර කරලා තියෙන්නේ....දැනට ග්‍රහයෝ ගැන ඇති....ආපහු කතාවට හැරෙමු.....


සාමාන්‍ය‍යෙන් දිව්‍ය ලෝකෙත් යම්කිසි පිළිවෙලකට වැඩ කටයුතු සිද්ධ කරන තැනක්.දිව්‍ය ලෝකේ අධිපති දෙවියා විදියට හඳුන්වන්නේ "විශ්ණු" දෙවියෝ(බුදුරජාණන් වහන්සේ කියන්නේ විශ්ණුගේ දස අවතාර වලින් එකක් කියනවනේ...)මේ රූපේ ඉන්නේ විශ්ණු දෙවියෝ....දැක්ක ගමන් පේනවනේ ‍තේජවන්තව ඉන්න හැටි...









අවාසනාවටද වාසනාවටද මං දන්නෑ සෙනසුරු(ග්‍රහලෝකේ නෙවේ) ගේ රූපයක් හොයාගන්න බැරි වුනා....කා ළඟ හරි තියෙනව නම් ‍කියන්ටකෝ....

මුලින්ම කීවා වගේ සෙනසුරුගේ ජොබ් එක එහෙම නැත්තම් ඩියුටිය අපල කිරීමනේ....විශ්ණුටත් මේ අපල වලින් බේරෙන්න බැරි වුණාලු....බොසා වුනත් හෙනහුරාගේ හැටි එහෙමයි....එකම හැන්දෙන් තමා බෙදන්නේ(හරියට අපේ ආචාර්ය දුටුගැමුණු වගේ...මිනිහත් එකම හැන‍්දෙන්නේ බෙදනවා කියන්නේ....).
විශ්ණු දෙවියෝ හෙනහුරාගෙන් අහලා දැන ගත්තලු තමන්ට අපල කරන්නේ කවදටද කියලා.කාල සීමාව දැන ගත්තට පස්සේ විශ්ණු හෙනහුරුගේ අපල වලින් බේරෙන්න ඇතෙකුගේ වේශයක් මවාගෙන වනගත වුනාලු, "දැන් හෙනහුරාට මාව හොයාගන්න බෑ කියලා"හිතාගෙන .මේ කැළෑවේ තිබිලා තියෙන්නේ බට ගස්....(බට ගස් කියන්නේ මම හිතන විදිහට උණ ගස් වලට...අර වෙසක් කූඩු හදන්න ගන්නේ....)ඉතින් දිව්‍ය භෝජන අමතක කරලා විශ්ණු දෙවියෝ ඇත් වේශයෙන් බට ගස් වල කොළ කකා අවුරුදු 7ක් (අපල කාල සීමාව) ඉවර වෙන කම් කැළෑ වැදිලා ඉඳලා භවනට සැපත් වුනාලු.විශ්ණු සෑහෙන සතුටින් හිතුවලු සෙනසුරා මට අපල කලේ නෑ කියලා...ඉතින් ආපු කික් එකට විශ්ණු සැපත් වුණාලු සෙනසුරාගේ භවනට.ගිහින් සෙනසුරුට කිව්වලු "කෝ මට අපල කලේ නෑ නේ" කියලා.......
සෙනසුරුත් ටිකක් නෝන්ඩි හිනාවක් දාලා ඇහුවලු "ඇයි හත් අවුරුද්දක් තිස්සේ බට කොළ කෑව මදිද" කියලා....බැලින්නම් විශ්ණුට කරලා තියෙන අපලේ තමා අවුරුදු 7ක් තිස්සේ බට කොළ කන්න සලස්සපු එක.........ඒක හින්දා තමා ඔය කතාවට කියන්නේ "සෙනසුරු අපලේ මහ භයානකයි....විශ්ණු දෙයියන්ටත් හත් අවුරුද්දක් බට කොළ කන්න වුණානේ" කියලා.(තාරා සහෝදරීගේ කවියත් කියවලා බලන්නකෝ)...

~ගණ දෙවියන්ට අපල කල හැටි මීළඟ කොටසින්~

9 comments:

  1. අනේ බොහොම පින් මාවත් එක්කාසු කරගත්තට... අනික් කතාවත් ඉක්මනට පළ කරන්න. දැනගන්න ආසයි.

    තව පුන්චිම පුන්චි නිවැරදි කිරීමක් තියෙනවා. නවග්‍රහයො කියන්නෙ 9 දෙනෙක් ඉන්නවා. ඔයාගෙ ලිස්ට් එකේ බුධ අඩුයි..එයාවත් දාගන්න. නැත්නම් තරහ වෙයි..

    ReplyDelete
  2. @තාරා
    ස්තූතියි සහෝදරී නිවැරදි කීරීම සම්බන්ධයෙන්.....දැන් හරි නේද?

    ReplyDelete
  3. බට කොළ කන්න වුන කතාවක් අහල නම් තියේ..

    සේව කතා හරි රසවත්.සුරංගනා කතා වගේම තමයි...

    ReplyDelete
  4. මටත් මේදවස්වල හෙන හුරා ..ලබලා තියෙන්නේ . මොනවා කරන්නද අපි ඉතින් හිඟන්නෝ නෙව .

    ඒක නෙවේ මකුලුවාව දැක්ක කල් කොහේද බොල ගියේ ?

    ReplyDelete
  5. අහලා තියෙනවා ඔය බටකොල කතාව එත් සම්පුර්න කතාව දන්නේ අද... :)

    ReplyDelete
  6. @වත් අක්කා - සහතික ඇත්ත අක්කේ...ඒවගේ අලංකාරය වැඩිවෙන්නේ විවිධ සංස්කෘති වලට අනුව දේව අර්ථ දැක්වීම වෙනස් වෙන හින්දා....උදාහරණයක් විදිහට ග්‍රීක දේව කතා,හින්දු දේව කතා වගේ....

    @හිස් අහස - වැඩ වැඩී බං....අද තමා නිවාඩුවක් සැට් වුනේ....

    @නිම්ශා - :)

    ReplyDelete
  7. අන්න හරි.. නැත්නම් බුධ ඔයත් එක්ක තරහ වෙලා අපල කරන්න පටන් ගනීවි.

    ඔයා දන්න දේව කතා සේරම කියලා දෙනවද. මමත් හරි ආසයි දේව කතා වලට. :-)

    ReplyDelete
  8. ඒ කතාවට තව පොඩි කොටහක් එකතු කරන්නම්. විෂ්ණු දෙයියෝ හෙණම කික් එකකින් අහද්දී කෝ මට අපල කලාද කීයලා සෙනසුරා කිව්වාලු මෙච්චර සැප සම්පත් තියෙන මාළිගේ දාලා මෙච්චර ලස්සන ශ්‍රී දේවිවත් දාලා කැලේකයට වෙලා බට කාපු එක අපලේ නෙමෙයිද කියලා :))

    ReplyDelete
  9. @හසිත - හි..හි...බොහොමත්ම ස්තූතියි මිත්‍රයා....

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....