Saturday, January 29, 2011

අළුත් අවුරුද්ද....




සුභ අළුත් අවුරුද්දක් වේවා!

මං හිතන්නේ කට්ටියට පරක්කු වෙලාම අවුරුදු සුභ පැතුම ලැබෙන්නේ මකුළුවගෙන්....කාරි නෑ ඔන්න කට්ටියම භාර ගන්න....2010/12/31 ප.ව11.59.59ට (මහ රෑ) එව්වේ නැති වුණාට හෘදයාංගමව තමා මකුළුවා මේ සුභපැතුම පතන්නේ....

පුරුදු පරිදි මේ පාරත් රෑ 12ට කෙටි පණිවිඩ මගින් අළුත් අවුරුදු සුභ පැතුම් ගො‍ඩක් මකුළුට ආවා....විද්‍යුත් තැපෑලෙනුත් සුභ පැතුම් ආවා.....ඊට අමතරව සාමාන්‍ය තැපෑලෙනුත් සුභ පැතුම් පත් ආවා.(ඒව නම් ආවෙ ඉතින් දවස් දෙක තුනක් පරක්කු වෙලා....)කොහොමවුනත් සෑහෙන සුභ පැතුම් ප්‍රමාණයක් මකුළුවට ආවා....

මේ ඔක්කෝම අතරෙ වෙනස්ම ආකාරෙකට අළුත් අවුරුදු සුභපැතුම් වගේකුත් මකුළුට ලැබුණා.ඒවාගෙන් දෙක තුනක් තමා ඔය උඩින් පෙන්නලා තියෙන්නේ.යාළුවො සෑහෙන ප්‍රමාණයක් මකුළුවාව අළුත් අවුරුද්ද වෙනුවෙන් පින්තූර වලට අමුණලා.......

මා(ර්)ක් සකර්බර්ග් මූණුපොත(සිංහලෙන් කියනවා Facebook) හැදුවේ අන්තර්ජාලය තුල සමාජයීය වටපිටාවක් ඇති කරන්න....හැබැයි ඒ සමාජයීය වටපිටාව තුල සුභ පැතුමක් කියනදේ පින්තූරෙකින් දෙන්න පුළුවන්ද?මම කියන්නේ මේකයි අපිට සුභ පැතුම් පතක් ලැබෙන කොට අමුතුම හැඟීමක් පහල වෙනවා.උදාහරණයක් විදියට අම්ම,අප්පච්චි කෙනෙකුට පුතා/දුව ගැන ආදරයක්("අනේ මේ දරුවට මාව මතක් වෙලා" වගේ හැඟිමක්.),යාළුවෙක්ට නම් ("අඩේ!මෙන්න මූ කාඩ් එකක් එවලා.කාලයක් ගියත් අපිව අමතක වෙලා නෑ" ) යාළුකම ගැන ප්‍රසන්න හැඟීමක්,පෙම්වතුන්ට නම් ඒ දෙන්නා ගැන ආදරයක්,ඔය වගේ නානාප්‍රාකාර හැඟිම් අළුත් අවුරුදු සුභ පැතුම් පතක් එක්ක අපිට දැනෙනවා....
හැබැයි අර විදිහේ පින්තූරෙකින් ඒ දේ වෙනවද?මට නම් ඒක තවත් එක පින්තූරයක් විතරයි.......අද බැලුවා හෙට වෙද්ද අමතකයි....හැබැයි මට මීට අවුරුදු ගානකට කලින් එව්ව සුභ පැතුම් පත් අදටත් සුරක්ෂිතව තියෙනවා....මොකද ඒ හැම සුභ පැතුමකම මිත්‍රත්වය,ආදරය,ආශිර්වාදය,එකමුතුකම,සුන්දර මතකයන් වගේ ගොඩක් දේවල් තැන්පත් වෙලා තියෙනවා.....

2011ට කමක් නෑ....2012ට නම් මේ පින්තූර ඇමිනීම කරන්න එපා....කාර්යබහුල වුනත් අකුරු දෙකක් කුරුටු ගාලා විද්‍යුත් තැපෑලෙන් හරි කමක් නෑ සුභ පැතුමක් යවන්න.එකිනෙකා ගැන හැඟීම් දැනීම් ඇතිවෙන්නේ එතකොට.........

3 comments:

  1. ඔන්න මකුළුවටත් අම්බානක් පරක්කු වෙලා හරි සුබ අළුත් අවුරුද්දක් කිව්වා......

    ReplyDelete
  2. මකුළුවා කියන කතාවෙ ඇත්තක් තියෙනවා. බැචාට නං facebook සුභ පැතුම් ඇත්තටම මහ වදයක්. ඒවත් එක්ක විටින් විට එන අනවශ්‍ය notification ඊටත් වඩා වදයක්. හැබැයි අපිට ඒක වදයක් උනාට ඒවා එවන අය එවන්නෙ අපි ගැන කැක්කුමක් තියෙන හින්ද නේද මකුළුවෝ?

    ReplyDelete
  3. @දිනේෂ් - බොහොම ස්තූතියි සහෝදරයා....
    @බැචා - ඒකෙ ඇත්තක් තියෙනවා....නමුත් බුද්ධිමත්ව හිතා බැලුවොත් ඒ සුභපැතීම කිසිම වටිනාකමක් තියෙනවාද?මිල මුදල් නෙවේ...ඔයා අවංකව හිතා බලන්න ඔයාගේ ගෑණු ළමයටත්(එහෙම කෙනෙක් ඉන්නවනම්) ඔයා ඔය විදිහෙ සුභපැතුමක් යවනවද?

    ReplyDelete

ඔන්න ඔහේ මොනවා හරි වියලා යන්න....කිසි අමනාපයක් නෑ....