Give yourself permission to dream. Fuel your kids' dreams too. Once in a
while, that might even mean letting them stay up past their bedtimes.”
―
Randy Pausch,
The Last Lecture
“සිහින දකින්න ඉඩ දෙන්න.ඔබේ දරුවන්ටත් සිහින දකින්න උනන්දු කරවන්න.දිනයක ඒ සිහින දරුවන්ව නිදියහනෙන් ඔබ්බට රැගෙන යනු ඇත....“
-රැන්ඩි පවුශ් - අවසන් දේශනය
ලෝකයේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම සිහිනයක් තියෙනවා....
නෑ කියන්න නම් එපා...
එහෙම කිව්වොත් ඔබ කියන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න ලේසියෙන්ම පුළුවන්...මොකද මමත් කාලයක් සිහින කියලා දෙයක් නෑ කියලා හිතපු කෙනෙක් හින්දා?
හොඳයි මම මේ විදියට පටන් ගන්නම්.
ඔබ අහලා තියෙනවද පැන්ඩෝරාගේ පෙට්ටගම ගැන... පුංචි කාලේ අම්මගේ අප්පච්චිගේ උකුලට වෙලා සුරංගනා කතා කියලා දෙයක් අහන කාලේ, රජවරු කුමාරවරු ගැන අහන කාලේ .... මෙන්න මේ කියන ග්‍රීක මිත්‍යා කතන්දරේ අහලා තියෙන්න ඕනේ.... කතාවේ හැටියට ග්‍රීක දෙවිවරු පැනඩෝරා හා එපිමෙතියස් හට ලබා දෙනවා පෙට්ටගමක්. ඒක දෙනකොට දෙවිවරු කියනවා පරිස්සමෙන් විවෘත කරන්න කියලා.. පැන්ඩෝරා කිසි හෙවිල්ලක් බැලිල්ලක් පෙට්ටගම විවෘත කරනවා. අනේ අර පෙට්ටගමේ තිබ්බ සියළුම දේවල් පෙට්ටගමෙන් ඉවතට විසිවෙලා යනවා..කලබල වෙච්චි පැන්ඩෝරා පෙට්ටගම වහලා දානවා...එතකොට ඉතුරු වුනේ එකම එක දෙයයි.... ඒක තමා බලාපොරොත්තුව.... එදා සිට අද දක්වා බලාපොරොත්තුවක් හැම මනුස්සයෙක් එක්කම ජීවත්වෙනවා....
සිහින ගැන කියන්න පටන් අරන් බලාපොරොත්තවක් ගැන කිවුවද?
අනේ නෑ... පුර්ව කතාව ගලපගන්න පොඩ්ඩක් පාදමක් ගොඩ නගන්න තමා මම ඒක ගැන කිව්වේ...
සිහිනයක් හා බලාපොරොත්තුවක් අතර වෙනස මොකක්ද?
අමාරු ප්‍රශ්නයක්ද? නෑ ඇත්තටම කිව්වොත් මම දකින විදියට සිහිනය හා බලාපොරොත්තුව කියන්නේ එක දෙයක්..... අපි දෙයක් බලාපොරොත්තු වෙනව නම් අපි ඒ දේ ගැන හීන දකිනවා නිරයාසයෙන්ම... ඒ සිහින සැබෑ කරගත්ත දවසක අපි ඉන්නේ හරියට උඩ පැනලා හඳ ඇල්ලුවා වගේ.....
හැබැයි සිහින සැබෑ කරගන්න එක හිතන තරම් ලේසි කාර්යක් නෙමේ.... අමාරුවෙන් සිහින සැබෑ කරගත්තත් කොයි විදියකින්වත් තමන්ගේ සිහින සැබෑ කරගන්න බැරි පිරිසක් මේ රටේ ජීවත්වෙනවා.... ජීවත්වෙන උඩුමහල් තලයෙන් බිමට බැහැලා ගෙන්දගම් පොළොවට පය ගහලා සොබාදහමේ රිද්මයට සවන් දෙන්න පටන් ගත්තට පස්සේ අන්න ඒ පිරිස ඔබේ ඇස ගැටෙන එක නවත්තන්න බෑ....
ඉතින් මෙන්න මේ රිද්මය දැනුන පිරිසක් පොඩි වැඩක් පටන් ගත්තා..... ඒක තමා සිහින සැබෑ කරගන්න අසීරු අසරණයන්ගේ සිහින යථාර්තයක් කරන්න උත්සහ කිරීම....
“සමාජ සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර ව්‍යාපාරය“ එහෙමත් නැත්නම් “International Movement for Community Development (IMCD)“
මොකක්ද මේ ව්‍යාපාරය? ඇත්තටම කිව්වොත් මේක රාජ්‍ය නොවන සංවිධානයක්.... ආරම්භය අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ.. සියළුම සාමාජිකයන් දැනට උසස් අධ්‍යාපනය හදාරන හා රැකියා වල නිරත වන අය. සියළුම දෙනා ස්වේච්චාවෙන් මේ ආයතනයේ වැඩ කරන පුද්ගලයෝ....(ආඩම්බරයෙන් කියන්නේ මමත් මේ ව්‍යාපාරයේ සාමාජිකයෙක්...)
මේ වෙන කොට අපි එක ප්‍රධාන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා... ඒක තමා NeedyReaders (Donate a book Light a future)... මේ යටතේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ පොත් පරිත්‍යාග කිරීමක්... නිකමට හිතලා බලන්න අපේ නාගරික සමාජයේ පොත් තියෙනවා ඒත් කියවන්නේ නැති කොච්චර පිරිසක් ඉන්නවද කියලා....
හැබැයි අපි නගරෙන් එළියට... මගේ භාෂාවෙන් කිව්වොත් හද්දා ගොඩේ ගමකට අඩිය තිබ්බොත් පොත් කියවන්න පිරිසක් ඉන්නවා හැබැයි කියවන්න පොතක් නෑ.... මෙන්න මේ වගේ පිරිසකට පොතක් දුන්නොත් කොයි වගේ දෙයක් වෙයිද? මේ මිනිස්සු අර ලැබෙන එකම පොතට වුනත් මල් තියලා වඳින්නේ නැති එක විතරයි... ඉතින් මෙන්න මේ කියන සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ දැනුම සංවර්ධනය කිරීම උදෙසා පොත් බෙදා දීමේ වැඩ පිළිවෙළක් තමා NeedyReaders කියන්නේ.... මේ වෙන කොට NeedyReaders ව්‍යාපෘතිය යටතේ මේ වන විට පොත් 10000කට වඩා ප්‍රමාණයක් පරිත්‍යාග කරලා තියෙනවා..... මම විස්තර කියනවට වඩා කියවලා බලලා තේරුම් අරගන්න එක වඩා හොඳයි නේ....
ඉතින් අපේ ව්‍යාපෘති ශක්තිමත් කරන්න ඔබටත් පුළුවන්..... කියවලා අහවර කරපු පොතක් අපිට ලබාදෙන්න... ඒ පොත තව දහස් ගණනකට කියවන්න අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම්.....
ඔබෙන්ම අහලා බලන්න.....ඒ දේ සිහිනයක් යථාර්ථයක් කිරීමට මූලික අඩිතාලමක් නෙමෙයිද?
Monday, July 1, 2013
Thursday, February 28, 2013
අපිට පිස්සු ඕයි !!!
ඇහැරුණේ 6ට ඕයි.
ඒ උනාට එලාම් එක තිබ්බේ 4ට ඕයි.
ඒක වැදුනට ඇහුණේ නෑ ඕයි.
දඩි බිඩි ගාලා කැම්පස් එක පැත්තට දිව්වා ඕයි.
එතකොට තමා දන්නේ අද පෝය කියලා ඕයි.
කරපු ගොන් කමට මොකක් කරන්නද ඕයි.
ගියා ආර්ට් එක පැත්ත ඕයි.
උඹට පිස්සුද ඕයි?
පෝය දවසේ ආර්ට් එකේ මොන කෙල්ලොද ඕයි?
යාළුවා කනට කරලා කෑගැහුවා ඕයි.
අල්ලපු වැටේ චෙෆ් එකට රිංගුවා ඕයි.
බඩ පිරෙන්න දුක නිවෙන්න කෑවා කොත්තුවක් ඕයි.
උදේ බත් එක මේස උඩ තියෙනවා ඇති නේද ඕයි?
හවස අම්ම බනිනවා ශුවර් ඕයි.
වැඩ ගොඩක් තියෙනවා ඕයි.
මං මේ මොනවද කරන්නේ ඕයි.
අවකලනය වෙලා අනුකලනය වෙලා හයිටෙන්ෂන් ලයින් එකක් ඇල්ලුවා වගේ ඕයි.
අර කෙල්ලෙක් නෙමේ නේද ඕයි?
ඕකෙ කන්ටෝලරේ නෑ ඕයි?
කෙල්ලගෙද ඕයි?
තව පොඩ්ඩක් බලපන් ඕයි.
කොහෙද ඕයි.
ඇයි අපි තනිකඩ ඕයි?
4.45යි ඕයි.
කෝච්චිය එනවා ඕයි.
මං ගියා ඕයි.
උඹට පිස්සුද ඕයි.
ඇයි එහෙම ඇහුවේ ඕයි?
මේක රෑ දොලහට දාන්න කිබ්බේ ඕයි.
ඒක තමයි මං කිවේවේ ඕයි.
මට පිස්සු වගේ ඕයි!
වගේ නෙමේ ඕයි...
පිස්සු තමයි ඕයි !!!
Tuesday, January 29, 2013
තීරණ ගැනීම - හිතන්නට යමක් (පිළිතුර හා විග්‍රහය)
මුල් ලිපියට "තීරණ ගැනීම - හිතන්නට යමක්"
මුලින්ම බලමු මුල් ලිපියට ලැබුණු ප්‍රතිචාර....
එක ළමයෙක් සෙල්ලම් කරන පාරේ කවදාවත් දුම්රිය ගමන් කරන්නේ නෑ.ඒ ළමයා ඒක හොඳින්ම දැනගෙන තමා සෙල්ලම් කරන්නේ.එතකොට ඒ ළමයා නිවැරදි.වගේම ඔහු කිසිම වැරැද්දක් කරලා නෑ.
හැබැයි අනික් මාර්ගයේ දුම්රිය ධාවනය වෙනවා.ඒ පාරේ ළමයි සෙල්ලම් කරන්නේ ඒ බව දැනගෙන.එතකොට ඒ ළමයි කරන්නේ වැරැද්දක්.
මමත් මුලින්ම මේ ප්‍රශ්නෙදි උත්තර දුන්නේ දුම්රිය ගමන් කරවන්නේ ළමයි හතර දෙනෙක් ඉන්න පාරේ කියලා.හැබැයි නිවැරදි හේතුව විදියට මම කිව්වේ ඔය Dude කියලා තියෙන කතාව.ඒත් තර්කය ඒක නෙමේ.සාතන්ගේ පිළිතුර.
ඕක තමා ප්රශ්නය සහ පිළිතුර.හැබැයි වැදගත් වන්නේ ඒක නෙමේ.මේක ඇතුලේ ගැබ් වෙලා තියෙන කතාව.
අද අපේ රටේ සමාජයේ ලෝකයේ කොහේ වුනත් තීරණ ගන්නකොට සලකන්නේ ප්රතිලාභ ලැබෙන බහුතරය ගැන.ඒත් ඒ බහුතරයම කරන්නේ වැරැද්දක් නම් අපි ගන්න තීරණය ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලා මතක් වෙන්නේ නෑ.හරියට අපි ගොඩක් ළමයි බේරගන්න කියලා එක ළමයෙක්ව යට කරන්න යනවා වගේ.ඒ කියන්නේ හරිදේ කරන්නේ එකා වුනත් කමක් නෑ ඌව කැප කරලා වැරදි කරන දාහක් අපි බේරගන්න කෑගහනවා.එහෙම නෙමේද?නඩු තීන්දුවක් දුන්නත්,
ටිකක් හිතන්න.අද අපේ සමාජයේ මේ වගේ සිද්ධි කොච්චර වෙනවා ඇත්ද?අපි එක වැරැද්දක් වහන්න හරිදේ කරන අයව කැප කරනවා.වැරදිකාරයෝ 99ක් ඉන්න තැන කවදාවත් නිවැරදි කෙනාට සාධාරණයක් අපි ඉටු කරන්නේ කොච්චර අඩුවෙන්ද?කොච්චර අසාධාරණ සිදුවීමක්ද?සමාජ සම්මතය කියලා අපි කරන්න වැරැද්දක් නම් ඒක කොයිතරම් දුරට සමාජ ගෝචරද?
මෙන්න මේ වගේ සිතුවිලි ගොඩක් මේ ප්‍රශ්නෙට පස්සේ මගේ හිතේ ඇති වුනා.
ඒ හින්දා අවසාන වශයෙන් තීරණයක් ගන්නකොට අපි හරිදේට මුල් තැන දෙන්න ඕනේ.හැබැයි හරියි කියලා අපි හිතන දේ නෙමේ.තව ගැඹුරින් බැළුවම හරියි කියලා අපිට පේන දේට තමා අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ.දාහක් ප්‍රශ්න ආවත් එක සාධාරණ තීරණයක් ගන්න පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන අන්න ඒක තමා නියම තීරණ ගැනීමේ දක්ෂතාවය හා හැකියාව.
මේක කිව්වේ නැත්තම් ලිපිය අසම්පූර්ණයි වගේ.අද වෙනකොට ලංකාවේ සිද්ධ වෙන්නෙත් ඔය වගේ සිදුවීම් නෙමේද?

එක ළමයෙක් ඉන්න පාර තමා මම නම් තෝරන්නේ...ජීවිත 4ක් බේරේනවා ඒ විදියෙන්...
එක ළමයෙක් ඉන්න පාරෙ ගියොත් ඒ ළමය දුම්රියට අහුවෙන්න තියන අවස්තාව වැඩී. මොකද පාර වසා ඇති නිසා එයා අවධානයෙන් ඉන්නෙ නැති නිසා. අනිත් පාරෙ ළමයි හතරක් හිටියට ඒ අය දුම්රියක් ඒවි කියන අවධානයෙන් ඉන්නෙ. ඒ නිසා මම නම් යන්නෙ ඒ පාරෙ. නිකම් නෙවෙ හොඳ සද්දෙට හෝන් එකත් ගහගෙනම. ;)
ළමයි හතර දෙනෙක් ඉන්න පාර තමා තෝරගන්නේ. ඔය පාර වහලා තියෙන්නෙ පාරේ මොකක් නමුත් අවුලක් නිසා වෙන්න ඇති නේ. සමහර විට ඒ අවුල නිසා කෝච්චියේ යන අයටත් අනතුරක් වෙන්න බැරි නෑ.
මටත් හිතෙන්නෙ ඔය උඩ තියෙන උත්තර හරි ඇති කියලා. එතකොට ඔය කෝච්චි පාරෙ සෙල්ලම් කරන ළමයි බීරියි කියලා හෙම එකක් නෑනෙ නේද? උන්ට කන ඇහෙනවා ඇස් පේනවා නම් උන් අයින් වෙයිනෙ කොහොමත්. අනික කෝච්චියෙ බ්රේක් හෝර්න් ඔක්කොම තියෙනවා නේද?
උඹ තාක්ෂණික දේවල් හිතන්න එපා කිව්වට මට මේක නම් නොකියම බෑ. කෝච්චිය කොයි පාරෙද යන්නෙ කියන එක රියැදුරාට කොහොමවත් තීරනය කරන්න බෑ. මොකද ඒක පාරෙ තියෙන ස්විච් එකෙන් තෝරලා තියෙන්නෙ දැනටමත්.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එක ළමයෙක් සෙල්ලම් කරන පාරේ කවදාවත් දුම්රිය ගමන් කරන්නේ නෑ.ඒ ළමයා ඒක හොඳින්ම දැනගෙන තමා සෙල්ලම් කරන්නේ.එතකොට ඒ ළමයා නිවැරදි.වගේම ඔහු කිසිම වැරැද්දක් කරලා නෑ.
හැබැයි අනික් මාර්ගයේ දුම්රිය ධාවනය වෙනවා.ඒ පාරේ ළමයි සෙල්ලම් කරන්නේ ඒ බව දැනගෙන.එතකොට ඒ ළමයි කරන්නේ වැරැද්දක්.
මමත් මුලින්ම මේ ප්‍රශ්නෙදි උත්තර දුන්නේ දුම්රිය ගමන් කරවන්නේ ළමයි හතර දෙනෙක් ඉන්න පාරේ කියලා.හැබැයි නිවැරදි හේතුව විදියට මම කිව්වේ ඔය Dude කියලා තියෙන කතාව.ඒත් තර්කය ඒක නෙමේ.සාතන්ගේ පිළිතුර.
ඕක තමා ප්රශ්නය සහ පිළිතුර.හැබැයි වැදගත් වන්නේ ඒක නෙමේ.මේක ඇතුලේ ගැබ් වෙලා තියෙන කතාව.
අද අපේ රටේ සමාජයේ ලෝකයේ කොහේ වුනත් තීරණ ගන්නකොට සලකන්නේ ප්රතිලාභ ලැබෙන බහුතරය ගැන.ඒත් ඒ බහුතරයම කරන්නේ වැරැද්දක් නම් අපි ගන්න තීරණය ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලා මතක් වෙන්නේ නෑ.හරියට අපි ගොඩක් ළමයි බේරගන්න කියලා එක ළමයෙක්ව යට කරන්න යනවා වගේ.ඒ කියන්නේ හරිදේ කරන්නේ එකා වුනත් කමක් නෑ ඌව කැප කරලා වැරදි කරන දාහක් අපි බේරගන්න කෑගහනවා.එහෙම නෙමේද?නඩු තීන්දුවක් දුන්නත්,
ටිකක් හිතන්න.අද අපේ සමාජයේ මේ වගේ සිද්ධි කොච්චර වෙනවා ඇත්ද?අපි එක වැරැද්දක් වහන්න හරිදේ කරන අයව කැප කරනවා.වැරදිකාරයෝ 99ක් ඉන්න තැන කවදාවත් නිවැරදි කෙනාට සාධාරණයක් අපි ඉටු කරන්නේ කොච්චර අඩුවෙන්ද?කොච්චර අසාධාරණ සිදුවීමක්ද?සමාජ සම්මතය කියලා අපි කරන්න වැරැද්දක් නම් ඒක කොයිතරම් දුරට සමාජ ගෝචරද?
මෙන්න මේ වගේ සිතුවිලි ගොඩක් මේ ප්‍රශ්නෙට පස්සේ මගේ හිතේ ඇති වුනා.
ඒ හින්දා අවසාන වශයෙන් තීරණයක් ගන්නකොට අපි හරිදේට මුල් තැන දෙන්න ඕනේ.හැබැයි හරියි කියලා අපි හිතන දේ නෙමේ.තව ගැඹුරින් බැළුවම හරියි කියලා අපිට පේන දේට තමා අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ.දාහක් ප්‍රශ්න ආවත් එක සාධාරණ තීරණයක් ගන්න පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන අන්න ඒක තමා නියම තීරණ ගැනීමේ දක්ෂතාවය හා හැකියාව.
මේක කිව්වේ නැත්තම් ලිපිය අසම්පූර්ණයි වගේ.අද වෙනකොට ලංකාවේ සිද්ධ වෙන්නෙත් ඔය වගේ සිදුවීම් නෙමේද?
Sunday, January 27, 2013
තීරණ ගැනීම - හිතන්නට යමක්....
සුභ අළුත් අවුරුද්දක් වේවා.2013 වසරේ ජනවාරිය නිමාවීමට පෙර මේ අවුරුද්දේ බ්ලොග් සටහනක් තියන්න පුළුවන් උනේ වාසනාවට.අධ්‍යාපන කටයුතු වල එක් අදියරක් නිමාවීමට තවත් තියෙන්නේ මාස ගණනක්(කරදරයක් නැතුව ගියොත් ජූලි වෙද්දී මම ගෙදරට ණයකාරයෙක් වෙච්ච කාලය නිමා කරනවා.)කොහොමහරි වෘත්තීය පුහුණුකාල සීමාවෙදි බ්ලොග්කරණයට තාවකාලිකව තිබ්බ තිත ඉවත් කරලා දාන්න දැන් කාලෙ හරි.
ජීවිතේ අපිට විවිධාකාර තීරණ ගන්න වෙනවා.සමහර ඒවා හදිසි තීරණ.කතාවට කියන්නේ හදිස්සියට කොරොස් කටෙත් අත නම් දාන්න බෑ කියලා.එ්ත් ඉතින් මම නම් වා නම් වා පෝ නම් පෝ තීරණ ගොඩක් ගන්න කෙනෙක්.(පස්ස බිම ඇණගත්ත වෙලාවලුත් නැත්තෙම නෑ.) සමහර ඒවා දුර දිග බලලා ගන්න තීරණ.පුත දීඝායු ළඟ නොබලන්න දුර බලන්න කියලා අපිට උගන්නලා තියෙන්නේ කට කහනවට නෙමේනේ.හැබැයි අපි කව්රුත් හරිම තීරණේ ගන්නවා කියලා කියන්න බෑ.මොකද අපි පෘථග්ජන මිනිස්සු.අපිට දිවැස් පහල වෙලා නෑ.ඒ හින්දා සමහර තීරණ හරියද්දී සමහර තීරණ වැරදි වෙන්න පුළුවන්.50/50 සම්භාවිතාවයක් තියෙන තීරණ තමා හැම මනුස්සයෙක්ම ගන්නේ.
හැබැයි අපි මොකක් හරි තිරණයක් ගනිද්දී සලකා බලන නිර්නායක කීපයක් තියෙනවා.පළවෙනිදේ තමා මානව හිතවාදී බව.දෙවැන්න සමාජ සම්මතය.තුන්වෙනුව ප්රතිලාභ ගැන සලකා බැළුවට අවුලක් නෑ.සමහර වෙලාවට අපේ තීරණය අපි හිතන මනඃකල්පිත සම්මතයක් ගැන උපකල්පනය කරලා ගත්ත සම්මත සමාජයට අසම්මත තීරණයක් වෙන්නත් බැරිකමක් නෑ.
මොන තීරණේ කොහොම ගත්තත් ඒකේ සාධාරණීකරණය කිරීම සිද්ධවෙන්නේ අවසාන ප්‍රතිඵලය අනුව.(තුන්වෙනි කාරණය ප්රතිලාභ) සාමාන්‍ය මනුස්සයෙක්ට නම් මම දකින්නේ ඕනෑම තීරණයක අවසන් ප්‍රතිඵලය වෙන්න ඕනේ සමාජයට යහපතක්.
හැබැයි මෙහෙම හිතපු මට අද අපේ මාමා කෙනෙක් කියපු කතාවක් හින්දා අළුත් විදියකට මේ දේ ගැන හිතන්න පුරුදු වුනා.එයා මේ කතාව අහලා තිබ්බේ කොහෙදිදෝ පැවැත්වුනු සම්මත්රණයකින්.කතන්දරේ අහලම ඉමුකෝ.පල්ලෙහා තියෙන රූපේ බලන්නකෝ...
ඔන්න එක කෝච්චි පාරක් තියෙනවා.මේක එක තැනකදී දෙකට බෙදෙනවා.දැන් මේ පාරවල් දෙකෙන් එකපාරක විතරයි කෝච්චියට යන්න දෙන්නේ(රූපයේ දක්වා ඇති පරිදි).සාමාන්‍යයෙන් දුම්රිය ධාවනයේ නීති ගත්තොත් දුම්රියක් ආවට ගියාට රියදුරාට කැමති තැනක නවත්තන්න බෑ.නියමිත මාර්ගයේ නියමිත වේගයෙන් ධාවනය අත්‍යාවශ්‍යයි.හැබැයි මානුශීය හේතූන් මත උදාහරණයක් විදියට සියදිවි නසාගැනීමකට දුම්රියට පනින පුද්ගලයෙක් ගලවා ගැනීමට වගේ දේකට අපිට හදිසි තීරණයක් අරගෙන දුම්රිය නවත්වන්න පුළුවන්.ඒවා පැත්තකින් තියලා අපි ප්‍රශ්නයට එමු.හැබැයි දුම්රිය ධාවනය වන මාර්ගයක සෙල්ලම් කිරීම තියා ගමන් කිරීම වුනත් දඬුවම් ලැබිය හැකි වරදක්.
දැන් මේ පාරවල් දෙකම ඉතාම හොඳ තත්වයේ තියෙනවා.දුම්රිය ධාවනයට කිසිම බාධාවක් නෑ.හැබැයි කලින් කිව්වා වගේ එක මාර්ගයක දුම්රිය ගමන් කරවීම තහනම් කරලා තියෙනවා.අපි හිතමු ඒ මාර්ගය හදිසි අවස්ථාවකට භාවිත කරන්න තියෙන මාර්ගයක් කියලා.දවසක් මේ රේල් පාරවල් වලින් දුම්රිය කිසිසේත්ම ගමන් නොකරන මාර්ගයේ එක ළමයෙක් පමණක් සෙල්ලම් කරනවා.නිතරම දුම්රිය ගමන් කරන පාරේ ළමයි හතර දෙනෙක් සෙල්ලම් කරනවා.සැලකිය යුතු වේගයකින් දුම්රිය ධාවනය කරගෙන එනවා.මාර්ගය තෝරා ගැනීම එංජිමේ සිට රියදුරාටම කරන්න පුළුවන්.මාර්ගය මත ඉන්න ළමයින්ට කොයිම විදියකටවත් දුම්රිය ධාවනය වෙද්දී ඉවත්වන්න හැකියාවක් නෑ දුම්රියේ වේගය හින්දා එකපාර නවත්ත ගන්නත් බෑ.(සරලව කිව්වොත් කොයි පාරේ ගියත් ළමයෙක්ට හෝ කීපදෙනෙක්ට අනතුරක් සිද්ධවෙනවා)
ඔබ දුම්රිය රියදුරා නම් මොකක්ද තෝරාගන්න මාර්ගය(එක ළමයෙක් ඉන්න පාරද?ළමයි ගොඩක් ඉන්න පාරද)?එයට හේතුව?
සරල ප්‍රශ්නයක් කියලා හිතුවට තරමක් සංකීර්ණ කතාවක් තියෙනවා ඇතුලාන්තයේ.ටිකක් උත්සහ කරලා බලලා උත්තරයක් දෙන්න.තාක්ෂණික දේවල් ගැන වැඩිපුර හිතන්න එපා.තීරණ ගැනීමේ හැකියාව පාවිච්චි කරලා උත්තරයක් දෙන්න.නිවැරදි පිළිතුර තවත් බ්ලොග් පෝස්ටුවකින් හෝ කමෙන්ටුවකින් ලබාදෙන්නම්.

Wednesday, March 28, 2012
ලයිට් බිල....උසාවිය....හා ලංකාවේ රස කතා.....
පහුගිය දවස් කීපයේ අතිශයින් කාර්යබහුල වෙලා හිටියා කිව්වොත් මගේ හිතේ වැරදි නෑ....
අපේ ආචාර්ය මහාචාර්ය ලොකු උන්නාන්සෙලාට පිංසිද්ධ වෙන්න අපිට දැන් නිවාඩු නෑ නේ...හරි සෝයි කිව්වලු....හි හි හි....උන්නාන්සෙලාගේ වැටුප් ප්‍රශ්නෙට හම්බුන ප්‍රතිපල හින්දා ඕං දැන් ආයිමත් අපිට නිවාඩුවක් අරන් දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා...එව්වා ඒ කාලෙට....
අද කතන්දරේ උදේ පත්තරේ දැක්ක ප්රවෘත්ති දෙකක් මූලික කරගෙන......කට්ටිය ඔන්න සාවදානව සවන් යොමුකරන්න ඕනේ....
ඉස්සර නම් මම හැමදාම වගේ පත්තරේ බැලුවා...මොකද ලොකු අප්පච්චි සතියේ පත්තර මිලදී ගත්ත හින්ද...හැබැයි දැන් නම් සති අන්ත පත්තර විතරයි....හැබැයි බස් එකේ යද්දී අපරාදේ කියන්න බෑ කව්රුහරි මනුස්සයෙක් එක පත්තරයක්වත් කියවනවා....ඉතින් මමත් පොඩ්ඩක් ඇහැ දාලා බලනවා මොනවද තියෙන්නේ කියලා......
ඒත් මදි නම් ඉතින් හැන්දෑවට ගෙදරට වාර්තා කරලා අන්තර්ජාල පුවත්පත් ටික කියවනවා.....සල්ලි දීලා පත්තර ගන්නේ මොකටද බොලේ අන්තර්ජාලේ ගෙදර තියෙද්දී....හි හි හි......
කතා කියවන්න කලින් අපේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වෙන්න යන රටක් බවට සිහි කරගන්නව නම් ඉතාමත් හොඳයි.....නැත්තම් මේකේ රසේ නැති වෙන්න පුළුවන්.....
පළවෙනි කතන්දරේ ලියවෙන්නේ අපේ විදුලි බල හා බල ශක්ති(පොඩ්ඩක් බර කරලා කියවන්න) අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්තයා කියපු කතාවක් ගැන......
උන්නාන්සේ ඉතින් ඔය ඉංජිනේරු විභාග පාස් කොරලා හාමුදුරුවන්ට වන්දනා මාන කරලා පිං දහම් රැස් කරගෙන ඇමැත්ත පුටුවේ වාඩි වෙච්චි කෙනෙක්නේ....යමක් කමක් තේරෙන මනුස්සයෙක්(තේරෙන්නේ මොනවද කියන එක තමා පුරස්නේ....)
අවුලක් නෑ....
නැත්තේ නෑ නේ....ලයිට් බිලට අදාල වෙන්නේ මේ මනුස්සයානේ....
කට්ටිය ඔක්කෝම දන්නවා ඇතිනේ ලයිට් බිල.....ඔව් බං අර මාසෙකට සැරයක් ගෙවන්නේ අපි පාවිච්චි කරන කරන්ට් එකට.....අන්න ඒක තමා....
රට ආසියාවේ ආශ්චර්ය කරන්න යන හින්දා මේ දවස්වල ලයිට් බිල පොඩ්ඩක් වැඩි කරලා....ඉතින් අපේ අප්පච්චිත් අපිට වාරණ නියෝග පැනෙව්වා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කොරපියව් කියලා,මේ මාසේ ලයිට් බිල ආවට පස්සේ....දැන් ඉතින් කොරපියව්කෝ....මුලින්ම මමයි මල්ලිය හැදුවා ලැයිස්තුවක්....මොනවද ගෙදර පාවිච්චි වෙන විදුලි උපකරණ කියලා....
1.පරිගණකය (පැය 4ක්)
2.රයිස් කුකර් එක(දවසට එක වතාවක් විනාඩි 45ක් වගේ)
3.ශීතකරණය(පැය 24ම)
4.රූපවාහිනිය හා ගුවන්විදුලිය(පැය 12ක්)
5.ඉස්තිරික්කය(සතියට දවස් දෙකක් පැයක් බැගින්)
7.විදුලි බල්බ(දිනපතා CFL 4ක් පැය 5ක් සූත්‍රිකා පහන් පැය3ක්)
ඔන්න ඉතින් ලැයිස්තුව....මම හිතන්නේ සාමාන්‍ය ගෙදරක පාවිච්චි වෙන උපකරණ ටික තමා මෙව්වා.....මේ අපි ගම්බද හින්දා නැත්තම් මේකට රෙදි සෝදන යන්ත්‍රය,බ්ලෙන්ඩරේ,විදුලි කේතලයක් ඇතුලත් වෙනවා.වාසනාවට වගේ අපේ ගෙවල් පැත්තේ දර තියෙනවා ඇති වෙන්න....ගෙදර ගාවින් යනවා ශෝක් ඇල පාරක්....බොන්න බැරි වුනාට හෝදන්න වතුර අවුලක් නෑ......
වටේ කතා ඇති නේ.....ඉතින් අපි ඔය ලියාගත්තු කාල වේලාවන්ට ගණනය කලා මාසික විදුලි ඒකක ගණන....ඊට පස්සේ සංසන්දනය කලා(එදිරිසිංහ ක්‍රමයට නෙමේ...) විදුලි බිල් දෙක.....කිසි ගින්නක් නැතුව ඒකක ගණන සමානයි...ගාස්තුව වෙනස්.....ඊට පස්සේ ඉතින් අපි පියතුමාට අපේ වාර්තාව ඉදිරිපත් කරලා ඇහුවා මීට වඩා විදුලි බිල අඩු කරන්නේ කොහොමද කියලා.....හැබැයි පියතුමාට කලින් අපිට විසඳුම දුන්නේ කව්ද.................................?
වෙන කවුරුත් නෙමෙයි....මෙන්න මෙයා......
අපේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්මයා....
විසඳුම් එකක් නෙමේ....කීපයක්ම දුන්නා.....මොනවා වුනත් හරි ගුණයහපත් මනුස්සයා.....
මුලින්ම ඇමතිතුමා අපිට පහදලා දුන්නා විදුලිය අර පිරිමැස්මෙන් යුතුවා පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය...... පළවෙනි කාරණේ විදියට එතුමා පෙන්නලා දුන්නේ මේ දවස් වල ලංකාවේ පවතින වියළි කාළගුණය...මේ හේතුවෙන් ජලාශ වල ජල මට්ටම සීඝ්රයෙන් පහළ බසින නිසා ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සිදු කරන්න බැරිව තිබෙන හින්දා විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීම ජාතික අවශ්‍යතාවයක්(දැන් හැම එකම එහෙමනේ) බවට එතුමා ප්‍රකාශ කර සිටියා....කොහොමද අපි විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ......
මෙන්න මේ විදියට.....
දිනපතා රාත්‍රී 6-10ත් අතර කාල සීමාව තුළ නිවසේ විදුලි බල්බ දෙකක් පමණක් දල්වා භාවිත කිරීම....
හැකිතාක් විදුලි උපකරණ භාවිතය සීමා කිරීම...
අඳුරේ සිටීමට පුරුදු පුහුණු වීම.....
මෙව්වා මේ ඇමතිතුමා කිව්ව උපදෙස් හරිද මගේ එව්වා නෙමේ......
හොඳයි ඇමතිතුමා ඒ විදියට උපදෙස් දෙනකොට මට කල්පනාවට ආවේ පහුගිය දවස්වල මහනුවර තිබ්බ කාර් රේස් ගැන....අපේ මල්වත්තේ පන්සලේ නායක හාමුදුරුවෝ නම් ඒක සෑහෙන වර්ණනා කරලා තිබ්බා. දන්නේ නැත්තනම් 2012-03-18 ඉරිදා ලංකාදීප පත්තරේ පොඩ්ඩක් පෙරළලා බැලුව නම් අහුවෙයි...ඒකට පත්තු කරේ මේ අපේ ගෙවල් වල වගේ වොට් 10යේ 15වේ CFL බලුප්වත් වොට් 60,75 බලුප්වත් නෙමේ...කෙලින්ම වොට් 1500 විතර ෆ්ලෑශර්....එකක් නෙමේ 10ක් 15ක් විතර....දවස් දෙකක් පැය 12ක් ගානේ වගේ.....අවුලක් නෑ....කාටවත් වැඩක් නැති ආසියාවේ ආශ්චර්යට වැදගත් කාර් රේස් වලට එළිය දෙන්න ඕනනේ....නේද?
ඊට පස්සේ ඔය දැයට කිරුළ වගේ ප්‍රදර්ශන වල ආලෝකකරණය....
මං හිතන්නේ රටක් දියුණු වෙන්න යද්දී එව්වා කළුවරේ පෙන්නන් බැරුව ඇති..
ඒක ඕන පුත්තලම් බූරුවෙකුට තේරෙනවනේ ඕයි....කළුවරේ කොහොමද අයිසේ ප්‍රදර්ශන තියන්නේ....
ඒත් ඉතින් මහ රෑ දෙගොඩහරිය වෙනකම් ඔව්වා පෙන්නන් ඕනද?අපිට අර පිරිමැස්මෙන් ඕක කරන්න බැරිද?බැරුව ඇති නේ....ආසියාවේ ආශ්චර්යනේ......
එව්වා කමක් නෑ...ඊට පස්සේ මට ආපු ප්‍රශ්නේ තමා ඔය මහ රෑ තොරන් වගේ තියෙන රජයේ ආයතන සැමරුම් ස්මාරක විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න අවශ්‍ය නැද්ද කියන එක....නැතුව ඇති නේ....එව්වා බැබලි බැබලි තියෙන්න ඕනෙ ඇති.....නැත්තම් ආශ්චර්යට යන්න වෙන්නෙ කළුවරේ නේ......
හැබැයි පුතෝ ගෙවල් වල විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරේ නැත්තම් ඉස්සරහට ලයිට් කපන්න වෙයිලු.........
ඕං.....අපි දන්නෑ..........
හරි ලයිට් බිල ගැන කතාව ඉවරයි
ඊට පස්සේ අද පත්තරේ දැක්ක තවත් කතාවක් දැක්කම මට හිනා ගියා....
මමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වඩාත් හොඳය නවක වද විරෝධී ශිෂ්‍යයෙක් විදියට හැඳින්නුවොත්....ඒක මේකට අදාල නෑ...හැබැයි මම ඒක පාවිච්චි කරනවා....
කාරණේ මේකයි....අද වෙද්දී අපේ ආණ්ඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය නවත්තලා දාන්න සෑහෙන ඕන කමක් තියෙනවා... වැරදි හැම එකා ළඟම තියෙනවා....ඒ වගේ තමා ලංකාවේ වි.වි පද්ධතියේ තියෙන ප්‍රධාන වැරැද්දක් තමා නවක වදය.... හැබැයි ශිෂ්‍ය සංගමයක් කියන්නේ වි.වි තුළ ශිෂ්‍යයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යුහය....සරලව කිව්වොත් පාර්ලිමේන්තුව වගේ තමා.... ඉතින් පාළකයන්ගේ අවධානය යොමු වෙන්නේ නැති කොට අවධානය යොමු කරගන්න වි.වි ශිෂ්‍යයෝ පාරට බහිනවා.... ඇතැම් අවස්ථාවල සාමකාමී බවකින් තොරව ගිහින් දේපළ විනාස කරලා එනවා....එව්වට නම් මමත් විරුද්ධයි....හැබැයි මගේ වි.වි ජීවිතේදී තාම නම් ඒ වගේ සිද්ධියකට අපේ වැයික්කියේ අය සම්බන්ධවුනේ එකපාරයි...අනිත් අවස්ථාවල සාමකාමීව ගිහින් උද්ඝෝෂණයක් කරලා එන එක තමා කරන්නේ....අපේ වැයික්කිය කිව්වේ පේරාදෙණිය කියලා කියන්න ඕනෑ වෙයි මයෙ හිතේ...
පේරාදෙණියේ අය උද්ඝෝෂණයක් කරන්න යන්නේ ගලහ හන්දියේ ඉඳලා මහනුවර නගරයේ ඔරලෝසු කණුව ළඟට පාගමනින් ගිහින් එතන වට වෙලා උද්ඝෝෂණය කරනවා....
ඉල්ලීම් මොනවද?
ගොඩක් වෙලාවට පීඨ වල පවතින අඩු පාඩු (උදාහරණ විදියට සම සෞඛ්‍ය පීඨයේ ගැටලු,කළමණාකරණ පීඨයේ ගැටලු.)
අත්තනෝමතික පංති තහනම් වලට විරුද්ධව.
පහුගිය දවස්වල නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ප්රශ්නය(ඒක ගැන පස්සේ කතා කරන්නම්කෝ.)
ඒ මොනදේකට උද්ඝෝෂණය කරත් ඔරලෝසු කණුව ළඟදී උද්ඝෝෂණයක් කරොත් අපරාදේ කියන්න භෑ මූළු ටවුමම හිර වෙනවා...මොකද ඔතන තමා මහ නුවර නගරයේ තියෙන ප්‍රධානම මංසන්ධිය.
මේ ළඟදී තිබ්බ උද්ඝෝෂණයක (මතක හැටියට කළමණාකරණ පීඨය ස්ථාපිත කරන්න කියලා ඉල්ලලා) ප්‍රතිපලයක් විදියට වැරදිකරුවෝ කරපු ශිෂ්‍යයෝ 6 දෙනෙක්ට පහුගිය දවසක ශරීර ඇප මත නිදහස් කරා කියලා පත්තරේ තියෙනවා දැක්කා....
කතාව ඒක නෙමේ....මේ මිනිස්සුන්ව අත්අඩංගුවට ගත්තේ ඇයි කියන කාරණේ.......
හේතුව තමා මහනුවර නගරයේ ගමනාගමනයට අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම.... හරි කතාව සාධාරණයි....වැරදි නොකියා ඉමුකෝ
එතකොට මහ දවල් මිනිස්සුන්ට යන්න බැරි විදියට පාරේ වැලි කොට්ට ගහලා හවස 6න් පස්සේ පාරවල් වහලා කාර් රේස් පදිද්දී මිනිස්සුන්ට මාර්ග අවහිරතා වලට මූණ දෙන්න වෙන්නේ නැද්ද?
අර ජිනීවා කොමිසමට හරි වෙන මොන රෙද්දකට හරි බත් පැකට් එකට කරන උද්ඝෝෂණ වලදී ඔය පාරවල් හිර වෙන්නේ නැද්ද?
එතකොට එව්වා සංවිධානය කරන මිනිස්සු නිවැරදි කාරයොද?
මේ කතාව මේ විදියටම 2012-03-27 ලංකාදීප පත්තරේ තිබ්බා.(තර්ක කරලා තිබ්බේ නීතීඥ සුදත් කරවිට මහත්මයා.)
වි.වි ශිෂ්‍යයෙක් විදියට උද්ඝෝෂණ කරන එක සාධාරණිකරණය කරනවා නෙමේ....හැබැයි පාලකයෝ අහන්නේ නැත්තම් වෙන කියන්න විදියක් ශිෂ්‍යයන්ට නෑ.... එහෙම කරන උද්ඝෝෂණ සංවිධානය වැරදී....පාරවල් හිරවෙන්නේ එව්වට විතරයි.....
මේකද රටේ නීතිය?
ඔන්න ඔහොමලු අද වෙද්දී ලංකාව ආසියාවේ ආශ්චර්යට පියමං කරන්නේ....
බය වෙන්න එපා තව කිලෝමීටර භාගයයි..........
========================================================================
පසු වදන -
පසු ගිය දිනක විදුලි බල මණ්ඩලයේ විධායක ඉංජිනේරුවරයෙකු විසින් ප්‍රකාශ කර තිබුනේ මේ වන විට ශ්‍රී ලංකාවාසීන් උපරිම අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන බවයි...

Monday, January 16, 2012
ආදරයේ අංශු මාත්‍රයක්.....
මම ජීවිතයෙන් පරාද වෙච්ච මනුස්සයෙක්.....
මට ජීවත්වෙන්න අරමුණක් නැතුව හිටියේ....
කාත් කවුරුත් නැතුව.....ආදරෙන් පැරදිලා....ජීවිතේ මෙතනින් නවත්තන් ඕනේ කියලා හිතාගෙන හිටිය මගේ ජීවිතේට ඔයා ළඟා වුනේ අහම්බයකින්.....
මම අදටත් දන්නේ නැ ඔයා මගේ ජීවිතේට ඇතුල් වුනේ කොහෙන්ද?කොහොමද කියලා.....හැබැයි
ඒ මොහොතෙදි...ඔයා මගේ ජීවිතේට ආපු මොහොතෙදි මම හිතුවේ ඔයා සුරංගනාවියක් කියලා....
මගේ ජීවිතේ ආපහු ගොඩනගන්න මගේ ලෝකෙට පියාඹලා ආපු පුංචි ලස්සන සුරංගනාවියක් කියලා......
ඒ වගේම......
ඔයා අවේ හිස් අතින් නෙමේ....මගේ ජීවිතේට මට අහිමි වුන ඒ උතුම් හැඟීම "ආදරය" අරගෙන....
මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න අවශ්‍ය ශක්තිය අරගෙන.....
ඔයා එක ක්ෂණයකින් මගේ ජීවිතයට මම පිළිගත්තා......
ඇසි පිය හෙලන නිමේශයකින් මගේ හිතේ ඔයා රඳවා ගත්තා.....
ඒත්.......................................
ඔයා ආවේ දිව්‍ය ලෝකේ ඉඳන් නෙමේ.......
ඔයත් මං වගේමයි........
මේ ගෙන්දගම් පොළොවේ ඉපදිලා අසරණ වෙච්ච තවත එක මනුස්සයෙක්.....
ඔයාට තිබ්බ සුන්දර ලෝකයත් මොකක්දෝ හේතුවකට විබේදනය වෙලා.....
ඒක ගොඩනගා ගන්න උත්සහ කරමින් තමයි ඔයා ආවේ.....
මම ඹයාව සිප ගත්තෙත් ඒ ආදරණිය හැඟිමෙන්ම වෙන්න ඇති
හැබැයි.....
අපි එකිනෙකාට ආදරය කරාද?
තාරුකා වියනට ඉහල අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශුමාත්රයක් අරන්
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා
ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
ආශාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්.
ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුන්නෑ
හරි හදිස්සියෙන්
ඔබ රැඳුනා
ඇසිල්ලකින්......
මායාවයි ඔබ
අසුර සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා......
ආදරයේ අංශුමාත්රයක් දැනුනේ නෑ.....
ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
පද රචනය - අශෝක හඳගම
සංගීතය - ජයන්ත ධර්මවර්ධන
මේ සිංදුව මම කැමතිම ගීත වලින් එකක්......මකුළුවා ගීත පිස්සෙක් කිව්වොත් නිවැරදි.....මේ ගීතය "How I Wonder What You Are" සිංහල චිත්‍රපටයේ තේමා ගීතය.......
සටහන මගේ ජීවිතේට කිසිසේත්ම සම්බන්ධ නෑ...ඔහේ හිතට ගලාගෙන ආපු අදහස් ලියලා දැම්මා.....හැබැයි මගේ මේ ලිවීමේ රටාව ගැන මට අදහසක් දෙකක් දෙනව නම් මම ගොඩක් කැමති.....ධන වලට වඩා සෘණ අදහස් එකතු කරොත් ඒක මට ලොකු හයියක්......ඔන්න එහෙනම් මකුළුවත් ගීත බෙදාහරින්න පටන් ගත්තා.....
Sunday, January 1, 2012
2012
බ්ලොග් එක ලියන්නම් කියලා හිටියට වැඩ රාජකාරිත් එක්ක ඒක අතෑරලා දාන්නම වගේ වුනා.(ද මන්ද?)
කොහොම හරි විභාගයක් කට උඩ තියෙන වෙලාවක තමා මේ පාර අවුරුද්ද ලබන්නේ...මොක වුනත් අවුරුද්දට සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පොඩිවට හරි වචන කීපයක් කොටන්න ඕනේ කියලා මට හිතුනා....
එහෙනම් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!
මොන මගුලක්ද ඕයි.මේ ඇතිද බ්ලොග් පෝස්ට් එකකට....තව මොනවා හරි ලියන්න ඕනේ..... ඉතින් අවුරුද්දක් පටන් ගන්න කොට හොඳම දේ තමා කලින් අවුරුද්දේ උගත් පාඩම් මොනවද කියලා බලන එක...
හොඳයි 2011 හොඳට පටන් ගත්තා කියලා හිතනවා.හොඳට කිව්වට හොඳටම නෙමේ.එක අඩු පාඩුවක් එකක්.මගේ ජීවිතේට විශාල හෙවනැල්ලක් වෙච්ච ලොකු අප්පච්චි නැතුව තමා 2011 වර්ශය පටන් ගත්තේ....හැමවෙලාවෙම කරදරයක් වුනාම,උදව්වක් ඕන වුනාම,මොකක් හරි දැන ගන්න ඕන උනාම ළඟින් හිටිය හොඳම පුද්ගලයා තමා ලොකු අප්පච්චි....ලොකු අප්පච්චිගේ නික්ම යාම කවදාවත් පුරවන්න පුළුවන් වෙන එකක් නෑ....ලොකු අප්පච්චිට අමා මහ නිවන් සුව ලැබේවා කියලා අවුරුද්ද පටන් ගන්න මොහොතෙදී මම ප්‍රාර්ථනා කරනවා....
ඊළඟට අපේ ෆැකල්ටියේ තිබ්බ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය.ICIIS කියලා තමා හැඳින්නුවේ.මම සහභාගී වෙච්ච පළමුවෙනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය....ඇත්තටම හොඳ අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.මොකද දෙවන වසරේ ඉගන ගන්න ශිෂ්‍යයෙක් හැටියට සහභාගී වෙන්න ලැබීම ඇත්තටම අනාගතේට හොඳයි.
ඊළඟ වැදගත් දේ තමා මළ කෙළියයි ජූලි 4ට පස්සේ මමත් බස් රේඩියෝවට සම්බන්ධ වුනා.මාව ඇදලා දාගත්තේ සිහින සහෝදරයා....කොහොමහරි බස් නවත්තන්න කලින් යන්තම් බස් පදින්න ඉගන ගත්තා...දැන පස් අදිනවා....හි හි
ඔහොම කාලය යද්දී දෙසැම්බර් මාසේ ජිවිතේ වැදගත් වෙනසක් වෙන්න මුල් ගල තියලා තමා වසර අවසාන උනේ....ඒ වෙනස පස්සේ කතා කරමු...
ඔන්න ඔය විදියට 2011 ඉවර වුනා....
දැන් 2012 ලබල ඉවරයි...මායාවරුන්ට අනුව "බොලොං යොක්ටේ" ලෝකයට කොයි වගේ බලපෑමක් එල්ල කරයිද දන්නෑ....මම නම් කියන්නේ ලෝකය විනාශ වෙන එකක් නම් නෑ කියලා.....හැමවෙලාවෙම ආගම දහමකට අනුකූලව ජීවත් වෙනව නම් ලෝකය විනාශ වුනත් බය වෙන්න දෙයක් නෑ....මොකද අපි හරි මාර්ගෙක ගමන් කරලා තියෙන හින්දා....ජීවිතේ සතුට තියෙන්නේ අන්න එතන.....
අවසන් කරන්න කලින් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් කියන්නම්...."මුලින්ම කකුල් දෙක හොඳින් නිවැරදි තැන් වලි තියාගන්න....ඊට පස්සේ හොඳින් නැගී සිටින්න...." ...අවුරුද්දට අළුත් ආරම්භයක් ගන්න මේක නරක කියමනක් නෙමේ....
ගිහින් එංඤංකෝ....
ප/ලි - කව්ද දන්නේ මායාවරුන්ට ගල් පුවරුවේ 2012න් පස්සේ ලියන්න ඉඩ මදි උනාද කියලා....හි හි හි
Subscribe to:
Posts (Atom)

දුම්රිය ගමන් කරවීම තහනම් කරල තියෙන පාරක සෙල්ලම් කරන ළමයගෙ කිසිම වරදක් නෑ වගේම ඒ ළමය හදිස්සියෙන් හරි දුම්රියක් එයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි ඉන්නෙ...