Monday, January 16, 2012

ආදරයේ අංශු මාත්‍රයක්.....

මම ජීවිතයෙන් පරාද වෙච්ච මනුස්සයෙක්.....


මට ජීවත්වෙන්න අරමුණක් නැතුව හිටියේ....
කාත් කවුරුත් නැතුව.....ආදරෙන් පැරදිලා....ජීවිතේ මෙතනින් නවත්තන් ඕනේ කියලා හිතාගෙන හිටිය මගේ ජීවිතේට ඔයා ළඟා වුනේ අහම්බයකින්.....


මම අදටත් දන්නේ නැ ඔයා මගේ ජීවිතේට ඇතුල් වුනේ කොහෙන්ද?කොහොමද කියලා.....හැබැයි


ඒ ‍මොහොතෙදි...ඔයා මගේ ජීවිතේට ආපු මොහොතෙදි මම හිතුවේ ඔයා සුරංගනාවියක් කියලා....


මගේ ජීවිතේ ආපහු ගොඩනගන්න මගේ ලෝකෙට පියාඹලා ආපු පුංචි ලස්සන සුරංගනාවියක් කියලා......


ඒ ව‍ගේම......


ඔයා අවේ හිස් අතින් නෙමේ....මගේ ජීවිතේට මට අහිමි වුන ඒ උතුම් හැඟීම "ආදරය" අරගෙන....


මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න අවශ්‍ය ශක්තිය අරගෙන.....


ඔයා එක ක්ෂණයකින් මගේ ජීවිතයට මම පිළිගත්තා......


ඇසි පිය හෙලන නිමේශයකින් මගේ හිතේ ඔයා රඳවා ගත්තා.....


ඒත්.......................................


ඔයා ආවේ දිව්‍ය ලෝකේ ඉඳන් නෙමේ.......


ඔයත් මං වගේමයි........


මේ ගෙන්දගම් පොළොවේ ඉපදිලා අසරණ වෙච්ච තවත එක මනුස්සයෙක්.....


ඔයාට තිබ්බ සුන්දර ලෝකයත් මොකක්දෝ හේතුවකට ‍විබේදනය වෙලා.....


ඒක ගොඩනගා ගන්න උත්සහ කරමින් තමයි ඔයා ආවේ.....


සමහරවිට ඔයාත් මං වගේම හින්දා වෙන්න ඇති මගේ හිතේ ළැඟුම් ගත්තේ......


මම ඹයාව සිප ගත්තෙත් ඒ ආදරණිය හැ‍ඟිමෙන්‍ම වෙන්න ඇති 


හැබැයි.....

අපි එකිනෙකාට ආදරය කරාද?


තාරුකා වියනට ඉහල අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ ආවා
ආදරයේ අංශුමාත්‍රයක් අරන්
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා


ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
ආශාවක හිරවී
ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්.
ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුන්නෑ
හරි හදිස්සියෙන්
ඔබ රැඳුනා
ඇසිල්ලකින්......


මායාවයි ඔබ
අසුර සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා......
ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ.....


ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
පද රචනය - අශෝක හඳගම
සංගීතය - ජයන්ත ධර්මවර්ධන




පසු වදන -
                 මේ සිංදුව මම කැමතිම ගීත වලින් එකක්......මකුළුවා ගීත පිස්සෙක් කිව්වොත් නිවැරදි.....මේ ගීතය "How I Wonder What You Are" සිංහල චිත්‍රපටයේ තේමා ගීතය.......
සටහන මගේ ජීවිතේට කිසිසේත්ම සම්බන්ධ නෑ...ඔහේ හිතට ගලාගෙන ආපු අදහස් ලියලා දැම්මා.....හැබැයි මගේ මේ ලිවීමේ රටාව ගැන මට අදහසක් දෙකක් දෙනව නම් මම ගොඩක් කැමති.....ධන වලට වඩා සෘණ අදහස් එකතු කරොත් ඒක මට ලොකු හයියක්......ඔන්න එහෙනම් මකුළුවත් ගීත බෙදාහරින්න පටන් ගත්තා.....

Sunday, January 1, 2012

2012

බ්ලොග් එක ලියන්නම් කියලා හිටියට වැඩ රාජකාරිත් එක්ක ඒක අතෑරලා දාන්නම වගේ වුනා.(ද මන්ද?)
කොහොම හරි විභාගයක් කට උඩ තියෙන වෙලාවක තමා මේ පාර අවුරුද්ද ලබන්නේ...මොක වුනත් අවුරුද්දට සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා පොඩිවට හරි වචන කීපයක් කොටන්න ඕනේ කියලා මට හිතුනා....

එහෙනම් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

මොන මගුලක්ද ඕයි.මේ ඇතිද බ්ලොග් පෝස්ට් එකකට....තව මොනවා හරි ලියන්න ඕනේ..... ඉතින් අවුරුද්දක් පටන් ගන්න කොට හොඳම දේ තමා කලින් අවුරුද්දේ උගත් පාඩම් මොනවද කියලා බලන එක...

හොඳයි 2011 හොඳට පටන් ගත්තා කියලා හිතනවා.හොඳට කිව්වට හොඳටම නෙමේ.එක අඩු පාඩුවක් එකක්.මගේ ජීවිතේට විශාල හෙවනැල්ලක් වෙච්ච ලොකු අප්පච්චි නැතුව තමා 2011 වර්ශය පටන් ගත්තේ....හැමවෙලාවෙම කරදරයක් වුනාම,උදව්වක් ඕන වුනාම,මොකක් හරි දැන ගන්න ඕන උනාම ළඟින් හිටිය හොඳම පුද්ගලයා තමා ලොකු අප්පච්චි....ලොකු අප්පච්චිගේ නික්ම යාම කවදාවත් පුරවන්න පුළුවන් වෙන එකක් නෑ....ලොකු අප්පච්චිට අමා මහ නිවන් සුව ලැබේවා කියලා අවුරුද්ද පටන් ගන්න මොහොතෙදී මම ප්‍රාර්ථනා කරනවා....

ඊළඟට අපේ ෆැකල්ටියේ තිබ්බ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය.ICIIS කියලා තමා හැඳින්නුවේ.මම සහභාගී වෙච්ච පළමුවෙනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය....ඇත්තටම හොඳ අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.මොකද  දෙවන වසරේ ඉගන ගන්න ශිෂ්‍යයෙක් හැටියට සහභාගී වෙන්න ලැබීම ඇත්තටම අනාගතේට හොඳයි.

ඊළඟ වැදගත් දේ තමා මළ කෙළියයි ජූලි 4ට පස්සේ මමත් බස් රේඩියෝවට සම්බන්ධ වුනා.මාව ඇදලා දාගත්තේ සිහින සහෝදරයා....කොහොමහරි බස් නවත්තන්න කලින් යන්තම් බස් පදින්න ඉගන ගත්තා...දැන පස් අදිනවා....හි හි

ඔහොම කාලය යද්දී දෙසැම්බර් මාසේ ජිවිතේ වැදගත් වෙනසක් වෙන්න මුල් ගල තියලා තමා වසර අවසාන උනේ....ඒ වෙනස පස්සේ කතා කරමු...

ඔන්න ඔය විදියට 2011 ඉවර වුනා....

දැන් 2012 ලබල ඉවරයි...මායාවරුන්ට අනුව "බොලොං යොක්ටේ" ලෝකයට කොයි වගේ බලපෑමක් එල්ල කරයිද දන්නෑ....මම නම් කියන්නේ ලෝකය විනාශ වෙන එකක් නම් නෑ කියලා.....හැමවෙලාවෙම ආගම දහමකට අනුකූලව ජීවත් වෙනව නම් ලෝකය විනාශ වුනත් බය වෙන්න දෙයක් නෑ....මොකද අපි හරි මාර්ගෙක ගමන් කරලා තියෙන හින්දා....ජීවිතේ සතුට තියෙන්නේ අන්න එතන.....

අවසන් කරන්න කලින් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධ කියමනක් කියන්නම්...."මුලින්ම කකුල් දෙක හොඳින් නිවැරදි තැන් වලි තියාගන්න....ඊට පස්සේ හොඳින් නැගී සිටින්න...." ...අවුරුද්දට අළුත් ආරම්භයක් ගන්න මේක නරක කියමනක් නෙමේ....

ගිහින් එංඤංකෝ....

ප/ලි - කව්ද දන්නේ මායාවරුන්ට ගල් පුවරුවේ 2012න් පස්සේ ලියන්න ඉඩ මදි උනාද කියලා....හි හි හි