මේක මං පත්තරේක තිබිලා අහපු කතන්දරයක්.....කව්රු හරි කෙනෙක් මට කලින් මේ කතාව ලියලා තියෙනවා නම් ඉතින් කියවන ඈයෝ මට සමාවෙන්ට ඕනේ.පරණ කතාවක් ආපහු කිව්වට...
ලෝකේ තියෙන ඕනෙම විශ්ව විද්‍යාලකෙ වාරාවසාන හෝ වසරාවසාන විභාග පැවැත්වෙනවනේ...සමහරු නම් ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් පාඩම් කරලා විභාගෙ ලියන්න යනවා...තවත් සමහරු මාස හෝ සති දෙක තුනක් පාඩම් කරලා විභාගෙට යනවා...තවත් සමහරු විභාගෙ හෙට කියලා අද පාඩම් කරලා ලියන්න යනවා...දැන් ඔය වි.වි මානව මානවිකාවෝ තමන් අයිති මොන වර්ගයටද කියලා හෙමින් සීරුවේ තේරුම් බේරුම් කරගන්නකෝ.(මංතුමානම් ඔය දෙවෙනි වර්ගෙට තමා අයිති වෙන්නේ.)
දැන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ ඔය වගේ විශ්ව විද්‍යාලයක විභාගයක් ලියන්න යන ශිෂ‍්‍යයෝ 4 දෙනෙක්.දැන ඹන්න මේ හතර දෙනා අද තියෙන ප්‍රශ්න පත්තරේට කලින් දවසේ පාඩම් කරලා යනවා විභාගේ ලියන්න.යන්නේ කාර් එකක.(කාර් වලට කැමති නැත්තම් රෝද 4ක් තියෙන වාහනයක කියන්නම් කෝ.)දැන් මේ ඈයොන්ට මුහුණදෙන්න තියෙන විශය ඉතාමත් අමාරු විශයක්.ඒ හින්දා මේ 4 දෙනා හිතලම පරක්කුවෙලා යනවා විභාග ශාලාවට.4 දෙනා විභාග ශාලාවට එනකොට විභාගේ පටන් අරන්.දැන් ඉතින් 4 දෙනාම ගියා විශය භාර ගුරුතුමා(සිංහලෙන් කියනවා Lecturer කියලා) හමුවට.ගිහින් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.
"සර්.අපි එනකොට අතර මගදී අපේ වාහනේ රෝදෙක හුලං බැස්සා.ඒක හදාගෙන එනකොට පරක්කු වුණා..."
ගුරුතුමාත් සානුකම්පිතව කාරණේ දිහා බලලා මේ 4දෙනාට කිව්වලු
"හරි දැන් අද ඔයාලට විභාගේ ලියන්න බෑනේ.තව සතියකින් මේ වෙලාවටම ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියන්න එන්න" කියලා....
4 දෙනාට මාරම හැපි.දවසකින් බලා ගන්න බැරි වෙච්චි විශය සතියක් තිස්සේ පාඩම් කරලා කජු කනවා වගේ ලියන්න පුළුවන් ගානට ලෑස්තිවෙලා කට්ටිය ගියාලු විභාග ශාලාවට.
එතනදී ශාලාධිපතිතුමා මේ හතර දෙනාව දැම්මලු වෙන වෙනම කාමර 4කට.දාලා ඉවර වෙලා ප්‍රශ්න පත්තරේ බෙදුවලු....
ප්‍රශ්න පත්තරේ තිබ්බේ එක ප්‍රශ්නයයි.
"හුලං බැස්ස රෝදය කුමක්ද?(රියදුරුට සාපේක්ෂව)"
1-ඉදිරිපස වම
2-ඉදිරිපස දකුණ
3-පසුපස වම
4-පසුපස දකුණ
Friday, April 22, 2011
Friday, April 8, 2011
"දැන් ඔය සාහිත්‍ය ඉගන ගෙන........."(අංක 02)
පළමු ලිපියෙන්
"නමුත් ප්‍රශ්නය ඒක නෙමේ.....සාහිත්‍ය කප්පාදුවෙන් මොකෝ වුනේ කියන එකයි...........
භාෂාවෙන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමට හා හුවමාරු කරගැනීමට මාධ්‍යයක් තෝරලා දෙන එක.ගණිතයෙන් කරන්නේ මනුස්සයට හිතන්න පුරුදු කරන එක.විද්‍යාවෙන් කරන්නේ ඒ හිතපු දේ ක්‍රියාවට නං වන්නේ කොහොමද කියලා තේරුම් කරලා දෙන එක.
එතකොට සාහිත්‍ය අහවල් කෙහෙල් මලක් කරන්න?...................
නෑ.....නෑ.....සාහිත්‍යයෙන් තමා මනුස්සයා හිතන විදිහ ලස්සන කරන්නේ....සරලව කිව්වොත් ලස්සනට හිතන්න පුරුදු කරන්නේ සාහිත්‍යයෙන්.....
දැන් බලයි ඒ කොහොමද කියලා.......
ඒක වෙන්නේ මෙහෙමයි....සාහිතය්‍ය කියන්නේ තනි විශය පථයක් නෙමේ.....සාහිත්‍යට ඉන්නවා යාළුවෙක් රසාස්වාදනය කියලා....සාහිත්‍ය කියන්නේ අයිය නම් රසාස්වාදනය කියන්නේ මල්ලි.......මේ දෙන්නට තනියම ගමන් යන්න බෑ....දෙන්නට දෙන්නා ඕනේ....හොඳ උදාහරණයක් කියන්නම්......කට්ටිය "මඩොල් දූව" පොත කියවලා තියෙනවද?අන්න ඒ පොත කියවද්දී කොයි වෙලේක හරි දැනුනද මම තමයි උපාලි ගිනිවැල්ලේ එහෙම නැත්තම් ජිනපාල කියන්නේ මම.....මම ජීවත් වෙන්නේ මඩොල් දූවේ.....කියලා.අන්න එහෙම දැනෙන්නේ පොත කියවන ගමන් ඔයාලා වින්දනය කරපු හින්දා.....සාහිත්‍යයෙන් පුරුදු පුහුණු කෙරෙව්වේ ඔන්න ඕක.යම්කිසි දෙයක හරය උකහා ගන්නේ කොහොමද,ඒක විචාරාත්මකව කියවලා තේරුම් ගන්නේ කොහොමද,ඒක රසවිඳින්නේ කොහොමද කියලා පුරුදු කරවපු එක....
නමුත් අද මොකද වෙලා තියෙන්නේ...........
අපේ වැඩිහිටි පරම්පරාව සමාජය දියුණ වෙනවත් එක්කම ඒ අයගේ දෙවෙනි පරම්පරාවට(ඒ කියන්නේ අපේ පරම්පරාව) අළුත් තාක්ෂණයට මුහු වෙන්ට අවස්ථාවක් ලැබුණා...ඉතින් අධ්‍යාපන පසුබිමට අමතරව අපේ අය අන්න ඒ තාක්ෂණික දියුණුවත් එක්කත් අත්වැල් බැඳ ගත්තා.....කාසියක දෙපැත්තක් තියෙනවා වගේ හොඳ හා නරක කියනේ හැමදේකම තියෙනවා.ඉතින් තාක්ෂණයත් එක්ක දියුණු වෙච්ච අපේ අය පොත්පත් සාහිත්‍ය කියන දේවල් අමතක කරා...අන්න ඒ හේතුවෙන් හොඳ නරක මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෙච්ච අපේ උදවිය අද වෙද්දී නිකම්ම හිස් කළ ගෙඩි ටිකක් විතරක් බවට පත්වෙලා...හොඳ නරක වෙන් කර හඳුනාගන්න බැරි,නිර්මාණයක් රස විඳින්න බැරි පිරිසක් අද වෙද්දී බිහිවෙලා.(ඒක එහෙම නොවේනම් අමරදේවගේ ගීත වගේම් ඉරාජ් වීරරත්නගේ සිංදුත් වින්දනය කිරීමේ හැකියාවක් තිබෙන පුද්ගලයෝ සිටින්න ඕනේ....එල්පිනිස්ටන් වගේ රංගශාලා ප්‍රේක්ෂකයෝ නැතිව වේලෙන්න විදිහක් නෑ....ලෙස්ටර් ගේ වගේම උදයකාන්තගේ නිර්මාණත් යම්තරමකට හෝ ගුණාත්මක විය යුතුය....)
අද වන විට.......
නිර්මාණකරුවෝ නිකම්ම පිටපත්කරුවෝ බවට පත්වෙලා....පාඨකයෝ නිකම්ම කියවන්නෝ වෙලා...ප්‍රේක්ෂකයෝ නිකම්ම නරඹන්නෝ වෙලා.....හැබැයි සාහිත්‍ය කියනදේ ගැන ඉතා සුළු අවබෝධයක් තිබෙන පිරිසක් ඔය අතරේ රසාස්වාදකයෝ විදියට තාමත් ජීවත්වෙනවා.....ඒ වගේම ඉතා සුළු පිරිසක් නිර්මාණකරුවෝ ලෙසත් ජීවත් වෙනවා..........අපේ වාසනාවකට වගේ සාහිත්‍ය ගැන ආසාවක් තිබෙන සහ රසාස්වාදනයට කැමති ඉතා සුළු පිරිසකුත් සමාජයේ ජීවත් වෙනවා.................
******************************************************************************
"සාහිත්‍යයෙන් ද?සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙලින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරව ගන්නවද?අසූචි පුරව ගන්නවද කියන එක තෝරලා බේරලා දෙන එක........"
~ගුරුතරුව~
*********************************************************************************
පසු සටහන 1-
බ්ලොග් අවකාශයේ මෙතෙක් මා දුටු සියල්ලන්ම පාහේ (මට දැණුන විදිහට) සාහිත්‍ය ප්‍රියකරන පුද්ගලයන් බව කියන්න මං හරිම සතුටුයි....මොකද ඒ වගේ දක්ෂ නිර්මාණකරුවන් වෙන්න බොහෝම දේවල් කියවන්න අහන්න බලන්න පුරුදු වෙච්ච පුද්ගලයෙක් වෙන්න ඕනේ.
පසු සටහන 2-
විභාග වැඩ අස්සේ දෙවෙනි ලිපිය ලියන්න පරක්කු වෙච්චි එකට සමාව දෙන්න.

Subscribe to:
Posts (Atom)