Showing posts with label විනෝදාත්මක. Show all posts
Showing posts with label විනෝදාත්මක. Show all posts

Friday, June 10, 2011

I See there's an ANGEL

මේක මගේ මිත්‍රයෙකුට වෙච්ච සිද්ධියක්.දැනට අපි මේ මෑන්ස්ට සමන් කියමු.

මූ කොල්ලෙක් වුනාට එක විදියක පොරක්.ඒ කියන්නේ කෙල්ලෝ ගැන මුගේ ආකල්ප ටිකක් අමුතුයි.සාමාන්‍යයෙන් මුගේ හිතට අල්ලන විදියට කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ නිකම් කණ කැස්බෑවගේ පේන ඇහැට විය ගහේ සිදුර ගානට සෙට් වෙලා අහස පැහැදිලිව පේනවා වගේ සීන් එකක්.
මේ මනුස්සයා ආවට ගියාට කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකෙක් නෙවේ.ඉතාම හොඳින් දන්න අඳුනන කෙල්ලෝ කීපදෙනෙක්(ඇත්තටම කිව්වොත් 4ක් 5ක් විතර) එක්ක ඇරෙන්න වෙන කෙල්ලෙක් එක්ක කතා කරන්නෙවත් නැති චරිතයක්.

දවසක් මේ පොරට අහම්බෙන් ලස්සන කෙල්ලෙක්ව ඇහැ ගැහුණා.ඇත්තටම කිව්වොත් ලස්සනයි කියන්නේ ඉටි රූපේ වගේ නෙමේ.හැබැයි ‍මුගේ මීටරේට අනුව පට්ට කෙල්ලෙක්.

දන්නවනේ ඉතින් කට්ටිය සාමාන්‍යයෙන් කොල්ලෙක්ට කෙල්ලෙක් මුණගැහුනොත් සාමාන්‍යයෙන් හොඳම යාළුවට කියන සිරිතක් තියෙනව‍නේ.

මූත් ඉතින් ජංගමේ අරගෙන යැව්වා මැසේජ් එකක්.....

"Mchn I c thrs an ANGLE and I cnt blv it"

යාළුවා හැරෙන තැපෑලෙන්....වැරදුනා රිප්ලයි එකක් එවනවා මෙන්න මෙහෙම

"E gaman tho mokakda kara gathte?Koheda umba KONA maninna giye.Guti kanna yanne nethuwa hitan bn eka eka ge kona maninna gihin"

Friday, April 22, 2011

"කොයි රෝදෙද හුලං බැස්සේ?"

මේක මං පත්තරේක තිබිලා අහපු කතන්දරයක්.....කව්රු හරි කෙනෙක් මට කලින් මේ කතාව ලියලා තියෙනවා නම් ඉතින් කියවන ඈයෝ මට සමාවෙන්ට ඕනේ.පරණ කතා‍වක් ආපහු කිව්වට...

ලෝකේ තියෙන ඕනෙම විශ්ව විද්‍යාලකෙ වාරාවසාන හෝ වසරාවසාන විභාග පැවැත්වෙනවනේ...සමහරු නම් ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් පාඩම් කරලා විභාගෙ ලියන්න යනවා...තවත් සමහරු මාස හෝ සති දෙක තුනක් පාඩම් කරලා විභාගෙට යනවා...තවත් සමහරු විභාගෙ හෙට කියලා අද පාඩම් කරලා ලියන්න යනවා...දැන් ඔය වි.වි මානව මානවිකාවෝ තමන් අයිති මොන වර්ගයටද කියලා හෙමින් සීරුවේ තේරුම් බේරුම් කරගන්නකෝ.(මංතුමානම් ඔය දෙවෙනි වර්ගෙට තමා අයිති වෙන්නේ.)

දැන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ ඔය වගේ විශ්ව විද්‍යාලයක විභාගයක් ලියන්න යන ශිෂ‍්‍යයෝ 4 දෙනෙක්.දැන ඹන්න මේ හ‍තර දෙනා අද තියෙන ප්‍රශ්න පත්තරේට කලින් දවසේ පාඩම් කරලා යනවා විභාගේ ලියන්න.යන්නේ කාර් එකක.(කාර් වලට කැමති නැත්තම් රෝද 4ක් තියෙන වාහනයක කියන්නම් කෝ.)දැන් ‍මේ ඈයොන්ට මුහුණදෙන්න තියෙන විශය ඉතාමත් අමාරු විශයක්.ඒ හින්දා මේ 4 දෙනා හිතලම පරක්කුවෙලා යනවා විභාග ශාලාවට.4 දෙනා විභාග ශාලාවට එනකොට විභාගේ පටන් අරන්.දැන් ඉතින් 4 දෙනාම ගියා විශය භාර ගුරුතුමා(සිංහලෙන් කියනවා Lecturer කියලා) හමුවට.ගිහින් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.

"සර්.අපි එනකොට අතර මගදී අපේ වාහනේ රෝදෙක හුලං බැස්සා.ඒක හදාගෙන එනකොට පරක්කු වුණා..."

ගුරුතුමාත් සානුකම්පිතව කාරණේ දිහා බලලා මේ 4දෙනාට කිව්වලු
"හරි දැන් අද ඔයාලට විභාගේ ලියන්න බෑනේ.තව සතියකින් මේ වෙලාවටම ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියන්න එන්න" කියලා....

4 දෙනාට මාරම හැපි.දව‍සකින් බලා ගන්න බැරි වෙච්චි විශය සතියක් තිස්සේ පා‍ඩම් කරලා කජු කනවා වගේ ලියන්න පුළුවන් ගානට ලෑස්තිවෙලා කට්ටිය ගියාලු විභාග ශාලාවට.

එතනදී ශාලාධිපතිතුමා මේ හතර දෙනාව දැම්මලු වෙන වෙනම කාමර 4කට.දාලා ඉවර වෙලා ප්‍රශ්න පත්තරේ බෙදුවලු....

ප්‍රශ්න පත්තරේ තිබ්බේ එක ප්‍රශ්නයයි.

"හුලං බැස්ස රෝදය කුමක්ද?(රියදුරුට සාපේක්ෂව)"
1-ඉදිරිපස වම
2-ඉදිරිපස දකුණ
3-පසුපස වම
4-පසුපස දකුණ

Friday, October 29, 2010

ස්ටුඩියෝවේදී 596092........

ස්කෑන් කරපු පින්තූරෙකින් ෆොටෝ දෙක ගත්තට ස්කෑන් කරල හදාගත්ත jpg එක පෑනට දාගන්නේ නැතුව ගෙදර ආපු චූටි අයියා මකුළුවාව පිටත් කරා ආපහු ස්ටුඩියෝවට ෆොටෝ දෙක අරගෙන වරෙන් කියලා.මකුළුවගේ ළඟ ඔය "නෑ" "බෑ" වචන නැති හින්දා ගෙදරින් පිටත්වුණා රිසිට් එකත් සාක්කුවේ දාගෙන.වාහනේ පේමන්ට් එක අයිනේ නවත්තලා මකුළුවා රිංගුවා ස්ටුඩියෝව ඇතුලට.
සෑහෙන කාලෙකට කලින් නම් ස්ටුඩියෝව මකුළුවගේ දැල වගේ.මොකද ඉස්කෝලෙ යන කාලෙ මකුළුවට ෆොටෝ ගහන එක ගැන මාර රුදාවක් තිබ්බා.මි.මි 35 ‍ෆිල්ම් සුද්ද කර ගන්න මකුළුවා නිතරම ස්ටුඩියෝවට ආව ගියාට ඩිජිටල් කැමරාව ගත්තට පස්සේ ෆිල්ම් පාවිච්චිය අඩුවුණා.ස්ටුඩියෝවෙ කවුන්ටරේ හිටපු පරණ අයියලා අක්කලා මකුළුගෙ යාළුවෝ වුණාට දැන්නම් පේන්න තියෙන්නේ අළුත් මූණු සෙට් එකක්.මොනවා කරන්නද, කාලය මැවු වෙනසක අරුමේ නේ.....
පිළිගැනීමේ නිළධාරිනී(සින්හලෙන් කියනවා රිසෙප්ෂනිස්ට් කියලා) අක්කට රිසිට් එක දීලා කිවුවා ආපු කාරණාව....
"මේකට ගාන රු.50/= ක් විතර යයි"අක්කා කිවුවා.

විනාඩි 2කේ වැ‍‍ඩේ.රු.50/= නේ.මමත් කමක් නෑ කියලා."හා" කිවුවා.

ඊට පස්සේ අක්කා තාවකාලික බිලකුත් ලියලා දීලා අක්ක කිවුවා"මල්ලි කලර් ලැබ් එකට ගිහින් ෆොටෝ එක අරගන්න".

මම ගියා කලර් ලැබ් එකට.එතන නම් හිටියා පරණ අයිය කෙනෙක්.ඒ දවස් වල මකුළුවත් එක්ක වලියක් දාගත්ත පොරක්.මම ඌටත් ලාවම හිනා පාරක් දාල ළඟම කොම්පියුටරේ ළඟට ගියා.ගිහින් එතන හිටපු අයියට රිසිට් එක දීලා පරණ ඕඩර් එකේ අංකෙත් දීලා ෆොටෝ එක හොයන්න කීවා.
ඔන්න මිනිහා දැන් පිළිවෙලට යනවා.ඉස්සෙල්ලාම මොන විදිහේ ඕඩර් එකක්ද,ඊළඟට දවස කවද්ද?ෆොටෝ එකේ සයිස් එක මොකක්ද?අන්තිමේට ඕඩර් එකේ අංකේ මොකක්ද?
මෑන්ස් දැන් ස්ටෙප් බයි ස්ටෙප් වැ‍ඩේ කරලා අදාල පින්තූර තියනවා කියල ඌ හොයාගත්ත ෆෝල්ඩරේකට ආවා.දැන් ඉතින් මිනිහා ‍දාගෙන් හොයනවා.මමත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.
ඇස් පේන ඕන පොට්ටයෙකුට ඉලක්කම් අඳුර ගන්න පුළුවන්නේ.ම‍ගේ ඕඩරේ අංකේ 596092 මේ මෑන්ස් ඇර ගෙන ඉන්න ෆොල්ඩරේ තියෙන්නේ 5961xx කියලා අංක වගයක් තියෙන ඕඩර් සෙට් එකක්.මෑන්ට වගේ වගක් නෑ.පොර දාගෙන හොයනවා.දැන් විනා‍ඩි 10ක් විතර හොයලා මූ කියපි.
"මල්ලි එහා පැත්තේ ස්ටු‍ඩියෝ රූම් එකට ගිහින් බලන්න."

මමත් ගියා.එතන කොම්පියුටරේ ළඟ බලු බල්ලෙක් නෑ.පස්සෙ ඔන්න පෙර කී මෑන්ස් ම ආවා.මිනිහා මේ පාර ටිකක් මොළේ ඇති වැඩක් කරා.ඕඩර් එකේ නොම්බරේ ගහලා Search කරා.මට ටිකකට පස්සේ තමා තේරු‍නේ මෑන්ගේ දෙවෙනි ගොන් වැඩේ.පොර Search කරාට මුළු Hard disk එකම Search කරන්න දීලා.දැන් තවත් විනාඩි 5ක් විතර ඉවරයි.එතනත් ෆයිල් එක නෑ.ආයෙම ගියා කලර් ලැබ් එකට.
අපේ කථා නායකයා රිසිට් එක දුන්නා ළඟ හිටිය වෙන අයිය කෙනෙකුට.

"අයියා ඔය ඕඩරේ දීලා තියෙන්නේ ඊයේ පොඩ්ඩක් බලන්නකෝ තියෙනවද කියලා."

දෙවනි පොරත් ගත්තා රිසිට් එක, කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගැහුවා රිසිට් එකේ නොම්මරේ(ඕඩර් එකේ නොම්මරේ නෙමේ).දැන් අපේ දෙවෙනි මෑන් Search වෙන්න දීලා බලාගෙන ඉන්නවා.මම බොහොම බය පක්ෂපාත විදිහට පොරට කිවුවා.

"අයියා type කරේ රිසිට් එකේ නොම්මරේ ‍නේද?"

අම්මට උඩු මූ දැම්මෙ නැතෑ නිකම් ෆුජියාමා කන්ද වුණත් අක්‍රිය වෙන විදිහෙ ලුක් එකක්.මකුළුවා හිතා ගත්තා කට පියාගෙන ඉන්න එක හොඳයි කියලා.

ටික වෙලාවක් යද්දී මෑන්ටම තේරුණා වැ‍ඩේ චොර වුණා කියලා.ඌ ද‍ඩ බඩ ගාලා හරියට Search ‍කරන්න පටන් ගත්තා.

ඇති යාන්තම්....දෙයියෝ බැලුව වගේ විනාඩියෙන් මට ඕන ෆොටෝ එක හොයාගත්තා.හැබැයි මේ වෙන කොට විනාඩි දෙකේ වැ‍ඩේට පැය බාගයක් විතර ගිහින්.මකුළුට මතක් වුණා කච්චේරියට සල්ලි වගේකුත් ගෙවන්න තියෙනවා කියලා.වෙලාව බලනකොට හවස 2.45යි.
.
මකුළුවටක් ගාලා ස්ටුඩියෝවට සල්ලි ගෙවල එතනින් පැන ගත්තා.දිවුවා කච්චේරියට රොකට් එක වගේ.3 වෙන්න තව විනාඩි 10ක් විතර තිබ්බ.

මකුළුගේ ධාවනයේ බ්‍රේක් පාර වැදුනේ කෙලින්ම කවුන්ටරේ ළඟ.මෙන්න ඉන්නවා කොහෙන් කැපුවත් කිලෝ එකක් ගන්න පුළුවන් ඇන්ටි කෙනෙක්.

"මිස් මට මේ සල්ලි ගෙවන්න තියෙනවා අර ‍‍එක්සෑම් එකට"(ඇන්ටි කියන්න බෑනේ...රාජ්‍ය සේවයේ නිළධාරීන්ගේ හැටි දන්නවනේ.මම ටිකක් විධානාත්මක වොයිස් එකකින් කීවා.)

ඇන්ටි මගේ මූණ දිහා බලාගෙන හිටියා විනාඩියක් විතර.ඊට පස්සේ.....

"අනේ දැන්නම් බෑ පුතා සල්ලි අරගන්න.පොත් ඔක්කෝම ‍ක්ලෝස් කරලා ඉවරයි.හෙට උදේ එන්න."

කෙළිය තාප්පෙට.යකෝ මේක හරි කෙළියක්නේ.3ට ‍ක්ලෝස් කරන්න තියෙන පොත් 2.50ට ‍‍ක්ලෝස් කරන්නේ මොන රටේද?මට ඌරු ජුවල්.මමත් අතෑරියේ නෑ.

"මොකද්ද මිස් තාම 3වෙලත් නෑනේ."

ඒත් ඇන්ටි ගේම අතාරින්නෙත් නෑ.

"ඔව් පුතා.ඒත් මට අද හදිසි වැඩ වගයක් තියෙන හින්දා යන්න වෙනවා.ඔයා මේ ළඟ පාත නේද?හෙට උදේ එන්න."
ඇන්ටි කවුන්ටරේ වහල ගියා.

මකුළුවත් හැරිලා ආව.හැබැයි නහුතෙට තද වෙලා.හිතුණා ප්‍රා.ලේ තුමාව හම්බ වෙලා වාර්තා කරන්නත් නිළධාරීන් ගැන.ඒත් මනුස්සකම කියන ‍දේ හින්දා හැරිලා ආවා.

කොහොමහරි පැයෙන් එන්න හිතාගෙන ගියපු මම පැය 2ක් විතර චාටර් කාලා ආවා.

ගෙට ගොඩ වුන ගමන් චූටි අයියා කියපි.

"මල්ලි කාර් එකේ ලයිසන් එක ගෙදර දාලානේ ගිහින් තියෙන්නේ....."

මකුළුවා "ආ ඇත්තද?"කියල හිනා වේගෙන ගෙට ගියා......හැබැයි යන ගමන් හිතුවේ බැරි වෙලාවත් පොලිස්කාරයෙකුත් මකුළුට හම්බුනා නම් ගෙදර ඇවිත් අයියට කොහොම ශබ්ද කෝෂයක් දිග අරිද කියලා.........

Sunday, October 3, 2010

සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.....ආරක්ෂාවයි......

මම නම් දෙයියො විශ්වාස කරන්නේ නෑ,ඒත් ‍ඉතින් හොඳ වැඩක් පටන් ගන්නකොට මොකක් හරි ආශිර්වාදයක් ලබා ගන්න එපැයි.අන්න ඒ හින්දා මේ ලෝකේ දෙයියෝ කියලා කවුරු හරි ඉන්නවනම් අන්න ඒ හැමෝගෙම පිහිටයි ආරක්ෂාවයි ලබාගෙන මම මේ වැඩේ පටන් ගන්නවා...
වැ‍‍‍ඩේ පටන් ගත්තට බෑනේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්නත් ඕනෙනේ.දැන් එන පුරස්නේ තමා මම මොනාද ලියන්නේ කියන එක.
කෙළියනේ තාප්පෙටම....මම දැන් මොනවද ලියන්නේ...............................................
.....................................................................................

හරි මතක් වුණා.........
කික් එකක් ගන්නත් එක්ක ලියනවා ලෝකෙ ගැන.

"ලෝකෙ රවුම් කියලා කිව්වේ ආදි කාලෙනේ" කියලා කිව්වට ඇත්තටම කිව්වොත් ආදී කාලෙ ලෝකෙ ගැන හිතාගෙන ඉඳලා තියෙන්නේ රොටියක් වගේ තැටියක් කියලා.(ඒකනේ "සූර පප්පා(Asterix)" කාටූන් එකේදි වෙදා පප්පව ලෝකෙ ගැට්ටෙන් එළිය‍ට දාන්නේ....)ඒ කොහොම වෙතත් මුල්ම යුගයේ,තේරෙන බාසාවෙන් කිව්වොත් ක්‍රිස්තු පූර්ව බර ගනන්වල හිටපු ඈයො හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒ විදිහට.ඔය පේන්නේ අපූරුවට තැටියක් වගේ පෙනිච්ච ලෝකේ...



දැන් මේ විදිහට කාලයක් ගියාට පස්සේ ක්‍රි.පූ 324 දී ග්‍රීසිය පැත්තෙ ගෙදරක පොඩි දරුවෙක් උපදිනවා.දරුව ඉපදෙන කොට පොඩි වුනාට ලේසි පහසු කෙනෙක් නෙමේ.මේ දරුවා තමා ඇරිස්ටොට්ල් (Aristotle).‍මෙතුමා හරි ලස්සනට පෙන්නලා දෙනවා ලෝකෙ කියන්නේ ගෝලාකාර දෙයක් කියලා.මෙතුමා ඒක කියන්නේ අහසේ තියෙන තරු රටා අනුව.ඒ කොහොමද කියනවානම් මෙතුමා කියනවා "එකම අවස්ථා‍වකදී ග්‍රීසියට,සයිප්‍රසය වගේ රටවලට පේන තාරකා රටාවන් සහ උතුරුදිග රටවලට පෙනෙන තාරකා රටාවන් වෙනස්.මේ වගේ දෙයක් වෙන්න පුළුවන් පෘථිවියේ මතුපිට වෘත්තාකාර වුනොත් විතරයි" කියලා.ඊට පස්සේ "එරතොස්තිනීස් (Eratosthenes), ටොලමි(Claudius Ptolemy)" වගේ අය ‍මේ ගැන විවිධ අදහස් ප්‍රකාශ කරලා මේ මතය තහවුරු කරා.ඒ වගේම කොලොම්බස්(Christopher Columbus) සහ මැගලන් (Ferdinand Magellan)ගේ වාර්ථා ලෝකේ ගෝලාකරයි කියන එකට ප්‍රායෝගික සාධක විදිහට(විද්‍යාව එතරම් දියුණු නොවූ කාලයක) ඉදිරිපත් කරන්න පුළුවන්.(විද්‍යාත්මක සාධක ගැන මම කථා කරන්න යන්නේ නෑ.).වැඩිපුර විස්තර ඕනේ නම් මෙතෙන්ට කොටලා බලන්න‍.

මෙහෙම එක එක අය ඒ ගොල්ලනගේ මතවාද ඉදිරිපත් කරාට මේ කියන කාලෙ වෙන කොට විද්‍යාව හා ආගමික මතවාද අතර පොඩි(පොඩි කීවට පොඩිම නෑ.) පරහක් තිබ්බා.ආගමික නායකයෝ ‍දෙවියන්ට උඩින් වෙන කාටවත් යන්න බෑ කියන මතයේ හිටපු හින්දා.ඒ හින්දා අයින්ස්ටයින්(Albert Einstein) මහත්තයට පවා එයාගේ පරීක්ෂණ වලට විවිධාකාර ගැටලු මතුවුනා.කොහොමවුනත් මේ මාතෘකාවට අයින්ස්ටයින් මහත්තය අදාල වෙන්නේ නෑනේ.අවසානෙදි ආගමික දර්ෂන(බුද්ධ ධර්මය හැර) බොහොමයක් යට කරමින් විද්‍යාව නැගී සිටියා.බොහොමයක් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නුවා.ඒ කියන්නේ ලෝකේ එතකොට ගෝලාකාරයි.......


දැන් ලෝකෙට මොකද වෙලා තියෙන්නේ?
මනුසතා දියුණුවෙනවත් එක්කම ලෝකෙ කියන්නේ මනුසතාගේ පාරම්පරික බූදලයක් කියලා හිතාගෙන අනෙක් උරුමක්කාරයෝ(ගහකොළ,සතා සීපාව) ඔක‍්කොම අමතක කරලා දාලා ලෝකේ අල්ල ගන්න තමා දැන් හැමෝම වලි කන්නේ.හැබැයි වෙලා තියෙන්නේ අල්ල ගන්නවා වෙනුවට හැමදේම සුන්නධූලි කරල තියන එක.ඒක වෙලා තියෙන්නේ මේ මනුසතාගේ අවශ්‍යතා වලට වඩා උවමනාවන් වැඩිවීම.ඉස්සර තිබ්බ පන් මල්ල වෙනුවට අද පොලිතීන් ඇවිල්ලා පන් මල්ල විසිතුරු භාණ්ඩයක් වෙලා.‍දුනු ඊතල වෙනුවට ටී 56 ඇවිල්ලා.ඔය වගේ විවිධ විනාශකාරී දේවල් ගොන්නකුත් මේ උවමනාවන් වැඩිවීම හින්දා නිර්මාණය වෙලා.

කෙහොම වුනත් මේ බ්ලොග් අඩවිය පටන් ගන්න ලෝකෙ ගැන මේ විදිහට ලිවීම ප්‍රමාණවත්.හැබැයි මේකේ ලියන්න ඉන්න දේවල් නම් ලියවෙන්නේ ලෝකේ ගැන නෙමේ.මේ ලෝකෙදි මට අහන්න දකින්න ලැබුන,ලැබෙන හා ලැ‍බේ යැයි සිතන දේවල්.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට හින්දා බලා ගෙන ඉන්නකෝ ඉස්සරහට මොනවද ලියවෙන්නේ කියලා.....