මුලින්ම බලමු මුල් ලිපියට ලැබුණු ප්‍රතිචාර....
- එක ළමයෙක් ඉන්න පාර තමා මම නම් තෝරන්නේ...ජීවිත 4ක් බේරේනවා ඒ විදියෙන්...
- එක ළමයෙක් ඉන්න පාරෙ ගියොත් ඒ ළමය දුම්රියට අහුවෙන්න තියන අවස්තාව වැඩී. මොකද පාර වසා ඇති නිසා එයා අවධානයෙන් ඉන්නෙ නැති නිසා. අනිත් පාරෙ ළමයි හතරක් හිටියට ඒ අය දුම්රියක් ඒවි කියන අවධානයෙන් ඉන්නෙ. ඒ නිසා මම නම් යන්නෙ ඒ පාරෙ. නිකම් නෙවෙ හොඳ සද්දෙට හෝන් එකත් ගහගෙනම. ;)
- ළමයි හතර දෙනෙක් ඉන්න පාර තමා තෝරගන්නේ. ඔය පාර වහලා තියෙන්නෙ පාරේ මොකක් නමුත් අවුලක් නිසා වෙන්න ඇති නේ. සමහර විට ඒ අවුල නිසා කෝච්චියේ යන අයටත් අනතුරක් වෙන්න බැරි නෑ.
- මටත් හිතෙන්නෙ ඔය උඩ තියෙන උත්තර හරි ඇති කියලා. එතකොට ඔය කෝච්චි පාරෙ සෙල්ලම් කරන ළමයි බීරියි කියලා හෙම එකක් නෑනෙ නේද? උන්ට කන ඇහෙනවා ඇස් පේනවා නම් උන් අයින් වෙයිනෙ කොහොමත්. අනික කෝච්චියෙ බ්‍රේක් හෝර්න් ඔක්කොම තියෙනවා නේද?
උඹ තාක්ෂණික දේවල් හිතන්න එපා කිව්වට මට මේක නම් නොකියම බෑ. කෝච්චිය කොයි පාරෙද යන්නෙ කියන එක රියැදුරාට කොහොමවත් තීරනය කරන්න බෑ. මොකද ඒක පාරෙ තියෙන ස්විච් එකෙන් තෝරලා තියෙන්නෙ දැනටමත්.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එක ළමයෙක් සෙල්ලම් කරන පාරේ කවදාවත් දුම්රිය ගමන් කරන්නේ නෑ.ඒ ළමයා ඒක හොඳින්ම දැනගෙන තමා සෙල්ලම් කරන්නේ.එතකොට ඒ ළමයා නිවැරදි.වගේම ඔහු කිසිම වැරැද්දක් කරලා නෑ.
හැබැයි අනික් මාර්ගයේ දුම්රිය ධාවනය වෙනවා.ඒ පාරේ ළමයි සෙල්ලම් කරන්නේ ඒ බව දැනගෙන.එතකොට ඒ ළමයි කරන්නේ වැරැද්දක්.
මමත් මුලින්ම මේ ප්‍රශ්නෙදි උත්තර දුන්නේ දුම්රිය ගමන් කරවන්නේ ළමයි හතර දෙනෙක් ඉන්න පාරේ කියලා.හැබැයි නිවැරදි හේතුව විදියට මම කිව්වේ ඔය Dude කියලා තියෙන කතාව.ඒත් තර්කය ඒක නෙමේ.සාතන්ගේ පිළිතුර.
ඕක තමා ප්‍රශ්නය සහ පිළිතුර.හැබැයි වැදගත් වන්නේ ඒක නෙමේ.මේක ඇතුලේ ගැබ් වෙලා තියෙන කතාව.
අද අපේ රටේ සමාජයේ ලෝකයේ කොහේ වුනත් තීරණ ගන්නකොට සලකන්නේ ප්‍රතිලාභ ලැබෙන බහුතරය ගැන.ඒත් ඒ බහුතරයම කරන්නේ වැරැද්දක් නම් අපි ගන්න තීරණය ගැන දෙපාරක් හිතන්න ඕනේ කියලා මතක් වෙන්නේ නෑ.හරියට අපි ගොඩක් ළමයි බේරගන්න කියලා එක ළමයෙක්ව යට කරන්න යනවා වගේ.ඒ කියන්නේ හරිදේ කරන්නේ එකා වුනත් කමක් නෑ ඌව කැප කරලා වැරදි කරන දාහක් අපි බේරගන්න කෑගහනවා.එහෙම නෙමේද?නඩු තීන්දුවක් දුන්නත්,
ටිකක් හිතන්න.අද අපේ සමාජයේ මේ වගේ සිද්ධි කොච්චර වෙනවා ඇත්ද?අපි එක වැරැද්දක් වහන්න හරිදේ කරන අයව කැප කරනවා.වැරදිකාරයෝ 99ක් ඉන්න තැන කවදාවත් නිවැරදි කෙනාට සාධාරණයක් අපි ඉටු කරන්නේ කොච්චර අඩුවෙන්ද?කොච්චර අසාධාරණ සිදුවීමක්ද?සමාජ සම්මතය කියලා අපි කරන්න වැරැද්දක් නම් ඒක කොයිතරම් දුරට සමාජ ගෝචරද?
මෙන්න මේ වගේ සිතුවිලි ගොඩක් මේ ප්‍රශ්නෙට පස්සේ මගේ හිතේ ඇති වුනා.
ඒ හින්දා අවසාන වශයෙන් තීරණයක් ගන්නකොට අපි හරිදේට මුල් තැන දෙන්න ඕනේ.හැබැයි හරියි කියලා අපි හිතන දේ නෙමේ.තව ගැඹුරින් බැළුවම හරියි කියලා අපිට පේන දේට තමා අපි සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ.දාහක් ප්‍රශ්න ආවත් එක සාධාරණ තීරණයක් ගන්න පුළුවන් නම් කොන්ද කෙලින් තියාගෙන අන්න ඒක තමා නියම තීරණ ගැනීමේ දක්ෂතාවය හා හැකියාව.
මේක කිව්වේ නැත්තම් ලිපිය අසම්පූර්ණයි වගේ.අද වෙනකොට ලංකාවේ සිද්ධ වෙන්නෙත් ඔය වගේ සිදුවීම් නෙමේද?
දුම්රිය ගමන් කරවීම තහනම් කරල තියෙන පාරක සෙල්ලම් කරන ළමයගෙ කිසිම වරදක් නෑ වගේම ඒ ළමය හදිස්සියෙන් හරි දුම්රියක් එයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි ඉන්නෙ...