මේ දවස් වල නිවාඩු පාඩුවේ කාලය ගත කරන හින්දා මං තුමා ලැබෙන හැම වෙලේම ගෙදර බලා පිටත්ව යනවා.(අපේ ආචාර්යවරුන්ට පිංසිද්ධ වෙන්ට තාම අපිට නිවාඩු)
ගෙදර යනවා කියන එකත් ඉතින් රු 300 කට විතර තට්ටු වෙන වැඩක්.බස් එකට(මහනුවර සිට ඉපලෝගමට) යන්නයි එන්නයි 200යි(දැන් 230යි බස් ගාස්තු වැඩි කලානේ.).ඔය අතරෙ ගෙදර බහිරවයා වගේ මගේ එක කුස උපන් සහෝදරයා බලාගෙන ඉන්නේ මං මොනවද අරන් එන්නේ කියලා.ඉතින් හිස් අතින් ගෙදර යන්නයැ තව 100කට විතර කෙල වෙනවා.
ඔහොම ගිහිල්ලත් දවස් 3ක් විතර හිටියම මෙන්න ලොකු අම්මගෙන් පණිවිඩයක් එනවා "අනේ පුතේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා සෙනසුරාදා දිහාට එන්න පුළුවන්ද " කියලා.
ඉතින් බෑ කියන්නයෑ.(මේක මගේ තියෙන ලක්ෂණයක්,හරිද වැරදිද කියන්න මම දන්නෑ.ඒක තමා මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් මං නෑ,බෑ කියන්නෙම නැති තරම්.මට ඇති පදම් කෙළ වෙලත් තියෙනවා.හැබැයි තාම මං උදව්වක් ඉල්ලන ඕන එකෙක්ට ඒ උදව්ව කරනවා.)ඔන්න මගේ බෑග් මල්ලත් කරේ එල්ලගෙන බස් එකට නගිනවා නුවර එන්න.
සාමාන්‍යයෙන් මම නගින බස් නැවතුම්පල(කෝනපතිරාව) හරියට එද්දී බස් එක සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ(අනුරාධපුරේ ඉඳන් එන බස් එකක්නේ.).පිරිලා කියන්නේ සීට් ගානට මිනිස්සු ඉන්නවා.ඉතින් වාඩිවෙන්න සීට් එකක් හම්බුවෙන්නේ කැකිරාව බස් නැවතුමේදී හෝ ඒ ළඟ පාතදී තමා.විනාඩි 15ක් 20ක් හිටගෙන යන්න වෙනවා.
දැන් ඉතින් ත්‍රස්තවාදී තර්ජන එහෙම නැති හින්දා බස් වල රාක්ක වල ගමන් මළු තැබීමට තහනමක් නෑනේ.ඒ හින්දා ආසනයක් ලැබෙන කම් මමත් මගේ බෑග් එක ඔය රාක්කෙට දානවා.ඒ කරලා වාඩි වෙච්ච ගමන් බෑග් එක අතට ගන්නවා.සාමාන්‍යයෙන් බෑග් එක එහෙම රාක්කෙකට දානකොට රාක්කේ ගරාදි අස්සෙන් බෑග් එකේ එල්ලගෙන යන පටිය දෙපාරක් විතර මම අඹරලා දානවා හදිස්සියකදී රාක්කෙන් නොවැටෙන විදියට.මොකද වැටුනොත් පල්ලෙහා ඉඳගෙන ඉන්න එකාගේ ඔළුව ඉවරයිනේ.
කොහොමහරි ඊයෙත් මම ඔය කියන විදියට එන්න ගෙදර එන්න පිටත්වුනා.සුපුරුදු විදියටම මට ඉඳගන්න ආසනයක් තිබ්බේ නැති හින්දා බෑග් එක බස් එකේ රාක්කෙට දාලා මම හිටගෙන යනවා දැන්.
සාමාන්‍යයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ පැති වල බස් රථ යන්නේ හරිම හිමින්.සාමාන්‍ය වේගය පැ.කි.මී 60ක් 70ක් විතර.හරිම සෞම්‍ය විදියට තමා වංගු ගන්නේ.වැඩිම උනොත් රෝද බස් එකේ තට්ටුවේ ගෑවෙනවා.ඉඳගෙන ඉන්න අය සීට් වලින් විසි වෙලා යනවා.කවදාවත් ඉස්සරහින් යන වාහන ඉස්සර කරන්න යන්නෑ.මොකද ඒ වාහන නවත්තලා බස් එකට යන්න ඉඩ දෙන හින්දා.හරිම විනීත රියදුරු මහත්වරු තමා මේ දුර ගමන් සේවා වල ඉන්නේ.ඉතින් ඔහොම යන බස් රථයක රාක්ක වල බඩු භාණ්ඩ තියද්දී සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ.කොයි වෙලේ ඔළුවට පාත් වෙයිද කියන්න බෑ.
සාමාන්‍යයෙන් මගේ බෑග් එකේ අන්තර්ගතය වෙන්නේ මගේ writing pad එකයි(හෝ නෝට් එකක්),කැල්ක්‍යුලේටරයයි,කියවන කතා පොතයි,කුඩෙයි වතුර බෝතලයයි.කැමරාවයි.බර අනුව ගත්තොත් වැඩිම වුනොත් ග්‍රෑම් 600ක් 700ක් විතර වෙයි.ඊයේ මං බස් එකේ එද්දී තිබ්බෙත් ඔය ටික විතරයි.
පුරුදු විදයට බෑග් එක රාක්කේ තියල තියෙනවා.
බස් එකත් විනීත විදියට යනවා.
එකපාරටම ඒ විනිත විදයට ගිය බස් එක වංගුවක් ගත්තා....මගේ බෑග් එක රූටලා ඇවිත් පහල හිටිය ඇන්ටිගේ ඔළුව උඩ....
ඒ ඇන්ටි එක පාරටම ඔළුව අල්ල ගත්තා.....
මං හිතුවා හරි ඔළුව පැලුණවත්ද දන්නෑ කියලා.මමත් බෑග් එක අරගෙන "අනේ සොරි ඇන්ටි හිතලා කරපු දෙයක් නෙමේ" කියලා සමාව භජනය කලා.බෑග් එක අරන් උඩින් තිබ්බා.
ඇන්ටි (ඔළුව අතගාන එක නවත්තලා)"කාගෙද මේ බෑග් එක?"
මම"මගේ ඇන්ටි වෙච්ච දේට සොරි මං හිතලා කරපු දෙයක් නෙවේනේ."
ඇන්ටි "ඒ වුනාට තමුන් දැන ගන්න ඕනේ රාක්කෙකින් තියද්දී වැටෙන් නැතිවෙන්න තියන්න."
මම "මම බෑග් එක වැටෙන විදියට තිබ්බේ නෑ ඇන්ටි...ඒක වැටෙන එක නවත්තන්න බෑග් එකේ පටි දෙකත් ඒ රෙල් අස්සෙන් අඹරලා දාලා තිබ්බේ.මේ වංගුව ගත්ත විදියට බෑග් එක ලිස්සලා ආවේ."
ඇන්ටි කතාව නවත්තන්නේ නෑ.දිගටම මට බනිනවා මං හිතලා බෑග් එකෙන් දමලා ඇරියා වගේ.මම ඉතින් උපරිම ඉවසීමෙන් හිටියා.වැරද්ද මගේ නොවුනත් සමහර තැන් වල බලු වෙන්න වෙනවනේ.
ඊට පස්සේ ඇන්ටි දාගෙන හිටිය කණ්නාඩිය ගලවලා ගත්තා.
කෙළියලුනේ තාප්පෙටම.මෙන්න බොලේ කණ්නාඩියේ එක ලෙන්ස් එකක් නෑ.දැක්ක විදියට හිතුවේ ඒක ගැලවිලා වැටිලා වගේ කියලා.පස්සේ බැලින්නම් කණ්නාඩියේ රාමුව කැඩිලා.ලෙන්ස් එක වැටිලා.(හැබැයි ඔළුවට වැටිච්ච බෑග් එකක් හින්දා ඇස් කණ්නාඩි රාමුවක නහය හරියට සම්බන්ධ වෙන කෑල්ල කැඩිලා යන එකත් ටිකක් අමුතුයි.)කොහොම හරි බැනුම ඩබල් ට්‍රිබල් ක්වඩ්‍රෘපල් වෙලා දැන්.
සාමාන්‍යයෙන් ඔහොම සිද්ධියක් වුනාම වටේ අයත් චූන් වෙනවනේ.ළඟ හිටිය හැට පැනපු ඇන්ටි කෙනෙකුත් දැන් බැනුමට හවුල්.
මම ඉතින් මගේ පැත්‍තෙන් වෙලාවේ හැටියට කරන්න පුළුවන් උපරිම දේ වෙච්චි සමාව ඉල්ලීම කරනවා.
ඒ අතරේ ඇන්ටි කියනවා"පුතා මම ලෙඩෙක් ඒ හින්දා තමා මේ කන්නාඩි දාන්නේ.මට මේක නැතුව පේන්නේ නෑ කියලා"(ඉතින් බොලේ ඕන මී හරකෙකුට තේරෙනවනේ කණ්නාඩි දාන්නේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් හින්දා කියලා).මොනවා උනත් මනුස්සකමක් තියෙන හින්දා මම ඒ වෙලේම හිතුවා පුළුවන් විදියට උදව්වක් කරන්නම් කියලා.
ඔය අතරේ මම ඒ කැඩිච්ච කණ්නාඩි රාමුව දැක්කා.දැක්ක ගමන්ම තේරුණා මේක කලින් කැඩිලා තිබ්බ එකක් කියලා.හැබැයි ඉතින් ඒක ඒ වෙලේ කියන්න පුළුවනැයි.කෑගැහිල්ල තව දික් වෙන එක විතරයිනේ වෙන්නේ.
මට පොඩි කළකිරීමකුත් ඇතිවුනා.මොකද කරදරයක් වුනාම හැම මනුස්සයාම අවස්ථාවාදීව හැසිරෙන හින්දා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ.මගේ අතින් තව 2000කට විතර කෙලවෙන්න යන්නේ.
අන්තිමේදී මට ඇති වෙච්ච ප්‍රශ්නේ තමා මේ වගේ සිද්ධියකදී ඇත්තටම වැරදි කව්ද?
====================================================
ප/ලි - කවුරු හරි දන්නව නම් මට Gold Plated කාන්තා ඇස් කණ්නාඩි රාමුවක ගණන් හිලවු පොඩ්ඩක් කියනවද?
දැන් එකක් අරන් දෙන්නම වෙනවද?
ReplyDeleteඋඹටත් සෙට් වෙන්නෙ මාරම කේස් තමයි.
ඹ්න මගුලක් වෙන්න කියල එවෙලෙම කිව්වනම් ඉවරයි ඔලුවට වැටුනහම ඔහොම කැඩෙන්නේ නෑ කියල
අම්මෝ ඉදලා ඉදලා ගෙදර යන මල්ලිටත් වෙන්නේම මාරම වැඩ නේ. ඒ ඇන්ටිත් බලාගෙන ඉදලා තියෙන්නේ කන්නාඩි වල ෆ්‍රේම් එක මාරු කරගන්න වෙන්ටෑ.
ReplyDeleteඔන්න ඔහේ පිනක් වෙන්ට කියලවත් ඕක හදා දෙන්න. ඔයවගේ මිනිස්සු හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හරිම ආත්මාර්ථකාමි මිනිස්සු !!!!
ට්‍රිප් එකක් ගිය වෙලාවක අපේ ටීචර් කෙනෙකුගේ ඔලුවට ඔය වගේ කිලෝ එකක් විතර බර දුරදක්නයක් වැටිලා ඔලුව පැලුනා. ටීචර් මුකුත් නොකියා බේත් ටිකක් දාගත්තා.
හපෝ පුදුම මිනිස්සු....මට නම් හිතෙන්නේ අරයා හරිම ආත්මාර්ථකාමියි කියලා.මල්ලිට තිබ්බේ ඒක කැඩිලා තිබ්බා කියලා කියන්න. අනික ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක්. ඔච්චර ගානක් ගෙවන්නේ කොහොමද කියලාවත් ඒ ගෑනු කෙනාට හිතන්න බැරිද ?
ReplyDeleteමේක කියවනකොට පොඩි අතුරු කතාවක් මතක වුනා. මගේ වෙන්න හස්බන්ඩ් ඔන්න ඒක දවසක් ඔයා වගේ යනවලු බස් එකක ගෙදර. මහ රෑ කොළඹ කතරගම බස් එකක් ද කොහෙද. බස් එකේ රියදුරුගේ දක්ෂකම නිසා බෑග් එක ඇරලා තිබ්බ ජනෙලෙකින් එළියටම විසි වෙලා. ගියපු වේගෙට කිලෝ මීටරයක් විතර ගිහිනු බස් එක නතරගන්න පුළුවන් වුනේ...බස් එකෙන් බැහැලා ආපහු ඇවිත් බැලුවාලු. බෑග් එක නෑලු. කළුවරේ නිසා හොයන්නත් අමාරුයිලු. ළඟ ඉන්න කට්ටියගෙන් ඇහුවම කිව්වලු බස් එකෙන් මොකක්ද එකක් වැටුනා, පාරේ හිටපු මනුස්සයෙක් ඒක අහුලන් ගියා කියලා. දැන් ඉතින් මොනවා කරන්නද කියලා හිත හදාගෙන ගෙදර ඇවිත්. ඒ බෑග් එකේ නම් research reportඑකක් හදන්න එකතු කරපු රට වටේ ගිහින් එකතු කරපු දත්ත, බැංකු පොත් වගේ ගොඩක් දේවල් තිබිලා.දවස් දෙක තුනකට පස්සේ ගෙදරට ලැබිලා ටෙලෙග්රාම් එකක්. එකේ තිබ්බ දුරකතනයට කතා කලාම කිව්වලු බෑග් ඒක තියනවා කියලා. ටෙලිකොම් එකේ වැඩ කරන කම්කරුවෙක් තමා බෑග් ඒක අහුලලා තියෙන්නේ. බැංකු පොතෙන් ලිපිනය හොයාගෙන ගෙදරට ටෙලිග්රාම් එවලා තියෙන්නේ. කොහොම හරි බෑග් එකේ තිබ්බ සියලුම දේවල් එක්ක බෑග් ඒක ආපහු හම්බුනා.
සත පහක් දෙන්න එපා බං .. මම එහෙම හිටියානම් හොඳවයිං දෙකක් කියනවා .. අපි වරදක් නොකරපු බව අපේ හිත දන්නවා නම් ආයේ කාටවත් බය වෙන්නේ මොකටද ?
ReplyDeleteඒ ඇන්ටි නම් එල.. කල දුටු කල මොකද්ද එකක් ඉහින්ඩයි යන්නේ . උඹ දැනටමත් සල්ලි දීලා ඉවරද ?
සල්ලි නම් දෙන්න එපා සදරු අයියා කියනව වගේ...
ReplyDeleteකෝණපතිරාවට ගෝණපතිරාව කියලත් කියනවා නේද? මමත් ඇවිල්ලා තියනවා පොඩි කාලෙ ඔය පැත්තට (අවු 13 විතර කලින්)
දෙදාහෙන් බැරි වෙයි මල්ලි . මෙන්න ඔකේ අනික් පැත්ත . අපේ අම්ම ගෙදර පොඩි වැඩකට සල්ලි දීල අන්ද ගහ ගත්තු මල්ලිලා දෙන්නෙක් අම්මගේ දුප්පත් සෙල් ෆෝන් ඒක උස්සල . ඕකට තමයි අපි කතා කරන්නේ . තනියෙන් ඉන්න අම්මට ඇත කැඩුන වගේ වැඩක්. මක් කරන්නද . දැක්කේ නැති නිසා කෙලින්ම කියන්නත් බැහැ . කිව්වත් දැන් කාලේ දන්නවනේ වැඩ වෙන හැටි .ඉතින් පාඩුව වින්ද ගැන ඉන්නවා . ඔයා වගේ මල්ලිලා අතර ඒ වගේ මල්ලිලත් ඇති බව පේනවනේ
ReplyDelete@තාරක - මම තාම හරියටම හිතුවේ නෑ.හැබැයි අතේ තියෙන පොඩි මුදලක් වගේ දෙන්න හිතාගෙන ඉන්නේ....කියලා වැඩක් නෑ බං.මාර තොප්පි තමා වැටෙන්නේ.......
ReplyDelete@මධුරංග අයියා - කරන්න දෙයක් නෑ අයියා....අහක යන මරගාතමනේ ඔළුවට වැටෙන්නේ....
@ඩීප්ස් අක්කා - එහෙම හොඳ මිනිස්සුත් ඉන්නවා අක්කේ මේ රටේ ලෝකේ...හැබැයි අවස්ථාවාදී මිනිස්සු වැඩියි...ඒකනේ අවුල...
@සඳරු - අනිවා මචං...කළ දුටු කල තිබ්බ ඔක‍්කොම ඉහ ගන්න තමා බලන්නේ...අපේ රටේ ගොඩක් උන්ගේ හැටිනේ...තැලෙන යකඩ උඩ පැන පැනනේ තලන්න බලාගෙන ඉන්නේ...
@සුපර් මාරියෝ - කල්පනා කරලා බලන්න ඕනේ මචං....ඔව් ඔව් ගෝණපතිරාව කියලත් කියනවා....
@බින්දි අයියා - අයියේ එහෙමද?මගේ මාස 3ක පොකට් මනි වලින්න ඉතුරු කරලා තියෙන්නේ එච්චරයි.මේ වගේ දේකට ගෙදරින් ඉල්ලන්න මම කැමති නෑ....ඔය වගේ ජරා පොරවල්ලා ඉන්නවා අයියා...පරිස්සමෙන් තෝරලා බේරලා ගන්න ඕනේ.අපේ නැන්දගේ ෆෝන් එකටත් ඕකම වුණා....අයෙ දකින්නේ නැතුව මිනිහෙකුට චෝදනා කරන්නත් බෑනේ ...... :(
එකනම් බැරිය . අපොයි මන් අය්යෙක් නෙමේ . අක්කෙක් . මල්ලි නෙලුම් විල පැත්තේ ආවේ නැද්ද
ReplyDeletenelumwila.blogspot.com
@බින්දි - කවුදෑ දන්නේ ඉතින්...මම නෙළුම් විල පැත්තේ කැරකිලා තියෙනවා අක්කේ........ලස්සන අඩවියක්.....
ReplyDeleteඇන්ටිට ස්වීප් එකක් ඇදුනා වගේ ඇති... සල්ලි යන්නෙ නැතුව අළුත් කණ්නාඩි 2ක් ගන්න පොටක්නේ..
ReplyDeleteඅදමයි මේ බ්ලොග් එක පෑත්තෙ ආවෙ.මම නම් බ්ලොග් කලාවට ටිකක් අලුත්.මටත් ඔහොම සිද්දියක් උනා.bag එක එල්ලගෙන හිටගෙන යන්න බෑරි නිසා මම බස් එකේ උඩ රාක්කෙන් දෑම්ම.මගේ බෑග් එකනම් 1kg විතර බර ඈති.වන්ගුවක් ගන්නකොට බෑග් එක වෑටුන එතන හිටපු කොල්ලෙක්ගෙ ඔලුව උඩට.මම සොරි කිව්වම කෝ දෙන්න නන්ගි මම තියගන්නම් කියල බෑග් එක අරගත්ත.මගේ වාසනාව හදිසියෙවත් බෑන්න නම් වස ලෑජ්ජාව.
ReplyDeleteපුදුම ඇන්ටි කෙනෙක් ..
ReplyDeletekanagatui kiyanna, eth varada oya athe saho
ReplyDelete